IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


‘‘මේ මොහොතේ සියලු රාජ්‍ය සේවකයන් කැඳවීම අවදානමක්‘‘

(නිමල කොඩිතුවක්කු)

රටේ සියලු පුරවැසියන් එන්නත්කරණය කොට රාජ්‍ය ආයතන නිසි සෞඛ්‍ය මාර්ගොපදේශ අනුව සකස් කරන තෙක් අත්‍යවශ්‍ය රාජ්‍ය සේවකයින් සැලසුම් සහගත ක්‍රමවේදයකට අනුව සේවයට කැදවන ලෙස ආණ්ඩුවට බලකර සිටින බව සමගි රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති මුජිබර් රහුමාන් මහතා පවසයි.

කොවිඩ් වසංගතය බරපතල අනතුරු දායක තත්වයෙන් මිදෙන තෙක් ගර්භණී සේවිකාවන් සහ කිිරි දෙන මව්වරුන් සේවයට කැදවිමට කටයුතු නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් මුජුබර් රහුමාන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

" මේ මොහොතේ රාජ්‍ය සේවකයින් සියලු දෙනාම සේවයට කැඳවීමට කටයුතු කිරිම දැඩි අවදානමක් බව වෛද්‍ය අංශ මෙන්ම මහජන සෙෘඛ්‍ය පරික්ෂක වරුන්ගේ සංගමය ද පෙන්වා දෙයි. එමෙන්ම රාජ්‍ය සේවකයින් පෙන්වා දෙන්නේ සේවයට වාර්තා කිරිමට ප්‍රමාණවත් බස්රථ හෝ දුම්රිය ධාවනය නොවන බවයි. කාර්යාල තුල දුරස්ථභාවය සුරකිමින් කටයුතු කිරිම ද අභියෝගයක් බවයි.එසේම ගර්භණී තත්ත්වයේ සිටින සේවිකාවන් සේවයට කැඳවීම තුල ආණ්ඩුව ඉපදෙන්න ට සිටින දරුවා ද අනතුරේ හෙලා ඇත. දෛනික ආසාදිතයින් දෙදහස් පන්සියය ඉක්මවන විට, දෛනික මරණ සංඛ්‍යාව හැටහතක් ලෙස සටහන් වෙද්දි රටම විවෘත කරමින් පටු දේශපාලනික උපාය මාර්ගයක් ලෙස රාජ්‍ය සේවකයින් විධිමත් ක්‍රම වේදයකින් තොරව සේවය ට කැදවීම සමගි රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය තරයේ හෙලා දකිමු. කොවිඩ් පාලනය වෙනුවට එයට මුවාවි වැඩ කරන ජනතාව මර්දනයට දරන උත්සාහය හෙලා දකිමු .

 



අදහස් (11)

‘‘මේ මොහොතේ සියලු රාජ්‍ය සේවකයන් කැඳවීම අවදානමක්‘‘

Lalith M Tuesday, 03 August 2021 09:33 PM

මුජිබර් දන්න දෙයක් නැත. සර් ඒවා බලාගනියි. ස‘ ට උගන්වන්න දන්නවා මදි. තමුන් කට වහගෙන ඉන්න එක හොඳයි..

:       0       0

Akila Tuesday, 03 August 2021 10:29 PM

එතකොට උද්ඝෝෂණය කරන එක අවදානම් නැත්ද?

:       0       0

මුණසිංහ Tuesday, 03 August 2021 10:33 PM

ඉතින් ඕක තමන්ගේ අය ලවා පාර්ලිමේන්තුවේදී කියලා විසඳුමක් ගන්න තිබුණනේ. එළියෙදී අපිට කිව්වට වැඩක් තියෙනවද? අපි ආණ්ඩුව කියන විදියට යන්න ඕනෑ.

:       0       2

Rohana Tuesday, 03 August 2021 10:38 PM

සියළු රාජ්‍ය සේවකයන් රාජකාරියට කැඳවීම මගින් කාර්යාලවල බස්රියේ, දුම්රියේ ජනතාව පොදිගැසී සිටීමෙන් කොරෝනාව වුවමනාවෙන්ම ව්‍යාප්ත කරයි. රට කරවන ඇත්තන්ගේ දැනුමේ හිඩැස බලාගන්න පුළුවන්...

:       9       0

Rasika Tuesday, 03 August 2021 10:47 PM

එතකොට සියලුම ගුරුවරුන් කොළඹට කැඳවා එක පොකුරට පෙළපාලි යාම ගැන ඔබගේ අදහස කුමක්ද?

:       0       26

Sri Lanka Wednesday, 04 August 2021 01:54 AM

මොකද්ද අවධානම .තමුන්නැහෙත් ඔය කොරනා කියන සේම අමාරුව හැදිලත් අගේට ඉන්නේ .බොර දියේ මාලු බාන්න එපා

:       0       0

Vithana Wednesday, 04 August 2021 05:18 AM

ඕකේ මොකද්ද තියෙන අමුතු අවදානම? ආණ්ඩුව කරපු තරමක් කළේම අවදානම් වැඩනේ.. ආණ්ඩුව කරන අයට අවදානම දැනුනේ නැති වුණාට. මේ තරම් කෝවිඩ් වසංගතේ රටේ පැතිරුනේ එයාලා කරපු අවදානම් වැඩ නිසා තමයි...

:       1       25

Raveendra Wednesday, 04 August 2021 05:57 AM

බොරුවට ඌරු කඳුළු හැලුවාට හිතයටින් මාර සතුටින් ඉන්නේ "ගොඩෙන් එකෙක් හරි" අඩුවෙනවා නම් ඒකාගේ ඉඩකඩම් හරකා බාන ලබාගන්න අනාගත ඌරු කොටු රාජ්‍ය හීන මවමින් නේද ගොයියෝ..?

:       47       82

Vithana Wednesday, 04 August 2021 08:46 AM

නූගත් ජනතාවක් තක්කඩි රැලක්ව පාලනයට පත් කර ගත්තා. දැන් සියළුම වරප්‍රසාද සහ අයිතීන් එකින් එක නැති කර ගන්නවා. මුලු රටම දැන් පාරට බැස්සේ නැත්නම් තව නොබෝ දිනකින් මුහුදට පනින්න වෙනවා.

:       61       49

කිරි පුතා Wednesday, 04 August 2021 10:43 AM

ඔවුන් රැළිවලට ගොස් කල්ලි ගැසී කරන සෙල්ලම අවදානම් නැතිව ඇති මයෙ හිතේ ! මෙයාලා හරිම කරුණාවන්තයිනෙ.

:       14       61

Bamunuarachchi Wednesday, 04 August 2021 11:49 PM

අපි ඕගොල්ලෝ විතරක් ගෙදර තියන්නම්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 128 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 114 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 786 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 219 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 645 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 148 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site