IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මේ වසරේදී ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 5.9ක්

(හර්ෂණ තුෂාර සිල්වා)

මෙම වසරේදී ගෙවීමට ඇති සම්පූර්ණ ණයවල ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 5.9ක් යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (2) පැවැසීය.

එම ණය මුදලින් එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9ක් අලුතෙන් ජනනය කරගත යුතු යැයි ද මහ බැංකු අධිපතිවරයා කීය.

නව වසරේ පළමු මාධ්‍ය හමුව පවත්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා එම කරුණු කීය.

මාධ්‍ය හමුවට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් හා මූල්‍ය අංශවල ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්විණි.  ‘පෙර දැක්ම - 2019 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශවල ප්‍රතිපත්ති’ යනුවෙන් එය නම් කර තිබිණි.   

 ඔක්තෝබර් 26 වැනිදා ඇති වූ දේශපාලන අර්බුදයෙන් සිදු වූ හානිය ගණනය කළ නොහැකි බව ද මහ බැංකු අධිපතිවරයා කීය. අර්බුදය ඇති වීමට පෙර තත්ත්වයත්, එසේ නොවුණා නම් තත්ත්වයත් අර්බුදයෙන් පසු තත්ත්වයත් යන කරුණු නිසා එසේ ගණනය කිරීමක් කළ නොහැකි බව හෙතෙම පෙන්වා දුන්නේය.

එමෙන්ම අර්බුදය නිසා ආර්ථිකයට සිදු වූ හානිය සලකා බැලීමේදී ‘සිතන ආකාරය සහ විශ්වාසය’ යන කරුණු පිළිබඳව අමතක නොකළ යුතු බවත් කෙනෙක් සිතන ආකාරයට සහ විශ්වාසයට පිළිබඳ ගණනයක් කළ නොහැකි බවත් කීවේය. 

අයවැය සම්බන්ධයෙන් තම සර්ව සුබවාදී හෝ අසුබවාදී නොවන බවත් ආණ්ඩුව යථාර්ථවාදීව කටයුතු කළ යුතු බවත් පෙන්වාදුන් බව කී මහ බැංකු අධිපතිවරයා තමන් මාධ්‍යයට පැවැසූ කරුණු ආණ්ඩුවට ද කී බව සඳහන් කළේය. 

ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකාව පහළ ශ්‍රේණීවලට දැමූ බැවින් මූල්‍ය ආයතන සමඟ නැවත අලුතෙන් සාකච්ඡා කරන්නට සිදුවූ ඇති බව පැවැසූ මහ බැංකු අධිපතිවරයා ඉදිරි සති කිහිපයේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන බව ද කීවේය.

 

 



අදහස් (10)

මේ වසරේදී ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 5.9ක්

Bamunuarachchi Wednesday, 02 January 2019 04:20 PM

ඉතින් මොකද කියන්නේ ඒජාපයෝ කියන සහන දෙනවාද නැතිනම් බදු ගහනවාද ?

:       1       2

dias Wednesday, 02 January 2019 04:47 PM

සාමාන්‍යයෙන් රටේ සංචිත වල තිබෙන්නේත් ඩොලර් බිලියන 8 ක් පමණයි. ණය ගෙවීම සඳහා බිලියන 5.9 ක් භාවිතා කලොත්, ඉන්ධන වැනි අනිකුත් ආනයන සඳහා මුදල් සොයා ගන්නේ නැවතත් ණය ලබාගෙනද? ඉන්ධන පිටරටින් ආනනයන කරන මුදලට සරිලන සිල්ලර මිලක් රටේ මිනිසුන් ගෙවීමට පුරුදු විය යුතුයි. මා සිතන්නේ ලංකාව අද වැටි තිබෙන ආර්ථික අර්බුධයට ප්‍රධාන හේතුව නම්, රටේ මිනිසුන් (දේශාපලක්යින් ඇතුළුව) යථාර්ථවාදීව ජීවත් නොවීමයි.

:       0       35

Dasa Wednesday, 02 January 2019 05:25 PM

අලුත් ඇමති මණ්ඩලයට තව වාහන ටිකක් ගෙන්නමු එතකොට ඩොලර් බිලියන 2.9ක් "අලුතෙන් ජනනය" කල හැකියි

:       1       66

sam Wednesday, 02 January 2019 10:15 PM

ඔබතුමා වගේ ආචාර්ය උපාධියක් තියන ආර්ථික විද්‍යාඥයෙකුට ආණ්ඩු පෙරළියෙන් උන පාඩුවේ ගණන් හදාගන්න බැරි උනාට දත් දොස්තර කෙනෙක් නම් අන්තිම සතයටම ගාන හදලා මාධ්‍ය වලටත් ප්‍රකාශ කළා.

:       2       106

lankaThursday, 03 January 2019 10:29 AM

දොස්තරලා කියන හැම දෙයක්ම ඇත්ත කියල හිතනවද?

:       0       0

BamunuarachchiSaturday, 05 January 2019 02:33 PM

වැඩිම උනොත් දත් 32නේ තිබෙන්නේ... ඒ නිසා ගණන් අමාරු නැහැ.

:       0       0

[email protected] Thursday, 03 January 2019 03:39 AM

එ් කියන්නේ ලංකාවේ හැම මිනිහෙක්ම මේ අවුරුද්දේ රු 5000ක් පිටරට ණය ගෙවන්න වෙන් කරන්න වෙනවා. එ් වගේම එ් සඳහා පමනක් ගිය අවුරුද්දේ හෙව්වට වැඩියෙන් රු. 5000ක් අලුතින් උපයන්න වෙනවා. එහෙම වුනොත් විතරයි ණය ගෙවෙන්නේ. නැත්නම් එම ණය ඉදිරියට යනවා මෙන්ම තව ණය වෙන්න වෙනවා.

:       0       4

jagathThursday, 03 January 2019 07:18 AM

රුපියල් 5000 ක් නෙවෙයි රු 40741/-

:       0       1

PA - RA Thursday, 03 January 2019 07:29 AM

එය අහිංසක මහජනයාගෙන් නොව හොරුන් ගෙන් අය කර ගන්න, බිලියන් නොව ට්‍රිලියන් සොයාගන්න පුළුවන්.

:       0       14

Rohana Sunday, 06 January 2019 02:23 AM

ට්‍රම්ප්ගේ මෙක්ෂිකොවට මායිම්කර හදන්ට යෝජනා කරන තාප්පෙටවත් එතරම් වියදමක් යන්නේ නෑනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 202 1

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 1646 2

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 516 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 279 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


‘කුෂ්‘සමඟ මගියා ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 05 243 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා


පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 415 1

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 763 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site