2018 වර්ෂයේ වෘත්තීය මාධ්‍යවේදීන් 63 දෙනෙකු රැකියා අතරතුරදී ඝාතනය කර ඇති බව ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය පවසයි.
ලොව පුරා ආන්දෝලනයට තුඩු දුන් මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය මේ අතර වෙයි.
මෙම වර්ෂයේ ජනවාරි පළමු වැනිදා සිට දෙසැම්බර් පළමු වැනිදා දක්වා කාලයට අදාළ තොරතුරු සළකා බැලීමෙන් මෙම වාර්තාව සකසා ඇත.
මියගිය අය අතරින් වැඩි පිරිසක් ඇෆ්ගනිස්ථාන මාධ්‍යවේදීන් වේ.
ඝාතනය වූ මාධ්‍යවේදීන් අතර ඇෆ්ගනිස්ථාන මාධ්‍යවේදීන් 15 දෙනෙකු ද, සිරියානු මාධ්‍යවේදීන් 11 දෙනෙකුද, මෙක්සිකෝ මාධ්‍යවේදීන් 9 දෙනෙකු ද, යේමන මාධ්‍යවේදීන් 8 දෙනෙකු ද වෙති.
ගිය වර්ෂයේ මියගිය මාධ්‍යවේදීන් සංඛ්‍යාව 53 දෙනෙක් ඝාතනය වී ඇති අතර මේ වර්ෂයේ මියගිය මාධ්‍යවේදීන් සංඛ්‍යාව පසුගිය වර්ෂයට සාපේක්ෂව 8 කින් ඉහළ ගොස් ඇත.
මෙම ඝාතන බහුතරයක් සිතාමතා සිදුකළ ඝාතන බව ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය පවසයි.
සෞදි රජය විවේචනයට ලක් කරමින් ලිපි ලියූ ජමාල් කෂෝගි ඝාතනය ඒ අතර වෙයි.
මෙවැනි සිදුවීම් මාධ්‍යවේදීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් බවත් යුක්ති සහගත නොවන බවත් ඔවුහු පැවසුහ.
(63226)
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි
ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල
රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මේ වසරේ වෘත්තීය මාධ්‍යවේදීන් 63 දෙනෙකු ඝාතනයට ලක් කරලා
SISIRA Thursday, 20 December 2018 11:58 AM
මා හට ඇති අද්දැකීම් අනුව කරුණු හරිහටි නොදැන පුවත් පලකරනවා. ඒ නිසා ගොඩක් අයට අවාසි වෙනවා. සීමාව ඉක්මවා අනෙක් අයගේ වැඩවලට මැදිහත් නොවී සිටියා නම් ඔවුන්ට වන අනතුරු අවමයි. මාධ්‍ය සදාචාරය නම් පිරිහිලා.
jim kuru Thursday, 20 December 2018 01:21 PM
2018 මේක හරියට ලංකාවට ලොකු ජයග්‍රහණයක් වෙලානේ..
මහින්ද රාජපස්ස Thursday, 20 December 2018 01:35 PM
"....අම්මෝ මම නම් නෑ ඕවාට.. මම රස්සාව කලේ මාසයයි.."
suranga Thursday, 20 December 2018 11:55 PM
ලංකාවේ කිසිම මාධ්‍ය කරුවකු ඝාතනය වුනේ නැහැ... එ් ගැන අපි සතටු විය යුතු නැද්ද?
Bamunuarachchi Friday, 21 December 2018 07:05 AM
කොටි උදව්කාරයෝ හැරෙන්නට මේ රටේ කිසිම මාධ්‍යවේදියෙක් ඝාතනය වුනේ නැත..
Bamunuarachchi Friday, 21 December 2018 07:08 AM
සෞදි රජය අරාබි ජාතිකයින්ගේ රටක්.. එය අන්ජාතිකයින් විවේචනය කළාට සෞදින් විවේචනය නොකළ යුතුයි.
Alfi Friday, 21 December 2018 07:35 AM
අපේ රටේ ඇතැම් මාධ්‍ය එ්කාධිකාරයක් වෙලා, ලියන්නෙත්, කියන්නෙත් ප්‍රශ්න අහන්නෙත්, පොත් බෙදාහරින්නෙත් මේ සියලුම දේවල් යම්කිසි මාෆියාවට යටත් කරගෙනයි.