IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘‘යුගදනවි ගිවිසුම රහසක් නොවේ‘‘

(විනීතා එම් ගමගේ)

යුගදනවි ගිවිසුම රටට හිතකර ගිවිසුමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතය බව එම පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාගර කාරියවසම් මහතා ප‍්‍රකාශ කළේය.

යුගදනවි ගිවිසුම ශ්‍රෙෂ්ඨාධිකරණයට පවා ඉදිරිපත් කර ඇති ප‍්‍රසිද්ධ ලේඛනයක් බැවින් එය බොහෝ බොහෝ උත්සාහ කර සොයාගත යුතු රහස් ලේඛනයක් නොවේ යැයි ද කාරියවසම් මහතා කීය.

අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එම පනතේ පිටපතක් ලබාගැනීම පුදුමයට කාරණයක් නොවේ යැයි ද, එය ඔහු ලබාගත්තේ කොතැනින් ද යන්න ඔහු ගෙන් ඇසිය යුත්තක් වන නමුත් එය සොයා ගැනීමට අපහසු එකක් නොවේ යැයි ද හෙතෙම කියා සිටියේය.

සාගර කාරියවසම් මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවක දී, යුග දනවි ගිවිසුම පිළිබඳව මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

 



අදහස් (17)

‘‘යුගදනවි ගිවිසුම රහසක් නොවේ‘‘

පිටිගල මිලානෝ Monday, 13 December 2021 06:22 PM

රාජපකෂලාට නම් රහසක් නොවේ.. අනුර කුමාර පෙන්නලා දෙනකල් අනිත් ඔක්කොටෝම රහසක්... පව් ජොන්ස්ටන්ලාද ඇතුළුව...!!! 

:       4       58

nimalMonday, 13 December 2021 08:12 PM

අනුර කුමාර ගිවිසුමට කැමති නිසානේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ, හැමෝගෙම කැමැත්ත ගන්න

:       22       10

Lal Monday, 13 December 2021 07:33 PM

ලෑස්ති වෙන්න ඊළඟ ඡන්දෙදි ගෙදර යන්න.

:       0       30

ඇත්ත Monday, 13 December 2021 07:56 PM

හොරාගෙ අම්මගෙන් පේන ඇහුවා වාගේ.

:       0       25

Nuwan Monday, 13 December 2021 08:17 PM

රහස එලියට ආවා. පාර්ලිමේන්තුව ජනවාරි 18 වෙනකන් වැහුවා

:       0       28

sujeewaTuesday, 14 December 2021 08:00 AM

නුවන් දන්නේ නැතුව ඇති පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම අතීතයේ සිටම සිදුකළ ක්‍රියාවක් බව. සමස්ථයක් ලෙස ගත්විට සෑම රජයක් විසින්ම දළ වශයෙන් වසරකට වරක් පමණ මෙලෙස වාර අවසාන කර ඇත. මෙයින් සිදු කරන්නේ සාමාන්‍ය ව්‍යවහාරය අනුව නැවත අළුත් (refresh) කිරීමකි. අදහස් ප්‍රකාශ කිරීම්වලදී ජනතාව නොමග යවන අදහස් ප්‍රකාශ නොකරන්නේ නම් හොඳයි. නිසි අධ්‍යාපනයක් හා මනා ශික්ෂණයක් ඇත්තවුන් එලෙස නොකරති.

:       0       0

Nihal Monday, 13 December 2021 08:28 PM

හෙළිදරව් උනාට පසු

:       0       27

Shan Monday, 13 December 2021 10:14 PM

කොහෙන් පාත් වුන කෙනෙක්ද මේ?

:       0       29

Demuni Uduwara Tuesday, 14 December 2021 02:28 AM

නාට්ටාමි කෙනෙක් වෙන්න එපා...!

:       0       0

මෝ Tuesday, 14 December 2021 02:45 AM

රහසක් නොවේ නම් ඉදිරිපත් නොකලේ ඇයි?

:       0       0

Perera Tuesday, 14 December 2021 05:08 AM

නංගිව පෙන්නලා අක්කව බන්දලා දෙන්න හදන වැඩක් මේක... !!! 

:       0       0

C.K.Lankaputhra Tuesday, 14 December 2021 05:30 AM

පොදු පෙරමුණේ වැසිකිළි සෝදන එක තමයි එයාට අයිති රාජකාරිය. ඉන් බාහිර යමක් ගැන කතා කරනවා අහලාවත් තියනවාද?

:       0       0

rocky Tuesday, 14 December 2021 06:06 AM

ඔහේලටනම් රහසක් නොවෙන්න ඇති පාර්ලිමේන්තුවට රහසක් වුනානේ ඒ් ඇරත් අපි කාටත් ඔය ගැන දැනගනන ලැබුනේ අනුර ඔක පාර්ලිමේන්තුවට ගෙනුනවට පස්සෙනෙ

:       0       0

Sunil Tuesday, 14 December 2021 07:16 AM

රහසක් නොවේ නම් වසර 02ක් යනතුරු ජනතාවගෙන් වසන් කරන්න යන්නේ ඇයි? බොරු බේගල් ඇද බෑමම වෘත්තියේ කොටසක් වෙලා... ඔබ එය මැනවින් ඉටුකරයි.

:       0       0

Hafeel Tuesday, 14 December 2021 08:06 AM

ගිවිසුම රහසක් නොවේ කියලා කවුරුත් දන්නවා. නමුත් එකේ අන්තර්ගත වූ කොන්දේසි තමයි රහස. ඒවා රටේ ජනතාව දන්නේ නැහැ. සමහරවිට මෙයාත් දන්නේ නැතුව ඇති. අවුරුදු දෙක වනතුරු දෙපාර්ශවයම මේ ගිවිසුම හෙලි කරන්නේ නැහැ කියලා එකඟතාවයටත් ඇවිල්ලා. මේක කොයිතරම් භයානකද?.

:       0       0

sharm warn Tuesday, 14 December 2021 08:54 AM

මෙයා වෙන්න ඕන ඔය ගිවිසුම හදන්න ඇත්තේ. එකනේ කියන්නේ රහසක් නෙවෙයි කියලා.

:       0       1

Athula Tuesday, 14 December 2021 11:21 AM

කට වහගෙන හිටපිය ජඩය... උඹලව එලව එලවා පහරදෙන දිනය ඉතාම ලඟයි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

බදුල්ල නගරවැසියන්න මුඛ ආවරණ පළදින්න උපදෙස්
2025 පෙබරවාරි මස 05 85 0

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 05 58 0

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම


ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙයි
2025 පෙබරවාරි මස 05 80 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය


මාතරටත් අලුත් දිසාපති කෙනෙක්
2025 පෙබරවාරි මස 05 298 0

මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


හැටන් නගරයට රතු නිවේදන
2025 පෙබරවාරි මස 05 463 1

හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස


බුද්ධිමය දේපල පනත සංශෝධනයට
2025 පෙබරවාරි මස 05 159 0

බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 767 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site