IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ලබන සතියේ ව්‍යවස්ථා සභාවට

(අංජුල මහික වීරරත්න)

 
ශ්‍රී ලංකාවේ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලබන සතියේ ඉදිරිපත් කෙරෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.
 
 කතානායක කරු ජයසූරිය මහතාගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නව කෙටුම්පත ඉදිරිපත් කෙරෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විශේෂඥයින් ඉදිරිපත් කළ යෝජනා සහ නිර්දේශ ද සමඟය.
 
 ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස්කිරීමේ කමිටුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
 
 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ  මූලික කෙටුම්පත සඳහා විශේෂඥ මට්ටමෙන් යෝජනා සහ නිර්දේශ ලබාගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත් අතර මේ වනවිට ඒ කාර්යය ද අවසන්ව පවතියි.
 
 රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට දේශපාලන පක්ෂවලින් ගත් යෝජනා හා නිර්දේශ ද ව්‍යවස්ථා සභාවට යොමු කිරීමට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදහස් කර සිටියි.
 
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, පාර්ලිමේන්තු බලතල වැඩිකිරීම, පළාත් සභා විධිමත් කිරීම, පළාත් පාලන ආයතනවලට වැඩි බලතල පැවරීම ආදී වැදගත් යෝජනා නිර්දේශ රැසක්ම විශේෂඥයින් විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට යෝජනා කර තිබෙන බව රජය ප්‍රකාශ කළේය.



අදහස් (10)

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ලබන සතියේ ව්‍යවස්ථා සභාවට

පිටිගල මිලානෝ Thursday, 03 January 2019 09:33 AM

ඒකීය රට කැබලි වලට කඩන අලුත් ව්‍යවස්ථාව ගැන දැනුවත් වන්න. ත්‍රස්තවාදයෙන් ගන්න බැරි වුන දේ දැන් නිකන්ම ගන්නයි යන්නේ.

:       282       706

nihal Thursday, 03 January 2019 10:14 AM

රටේ ජනතාව විශාල ආර්ථික අර්බුදයකින් සිටින වෙලාවක අයවැයටත් ප්‍රථම ව්‍යවස්තාවක් ගෙනෙන්නේ සමස්ත රටවැසියාට සහන සලසන්නද. රටේ ආර්ථිකය දල දේශීය නිෂ්පාදනය වර්ධනය කිරීමටද අවප්‍රමාණය වෙන ඩොලරය රැකගැනීමටද රැකියා විරහිත උපාධි ධාරීන් ඇතුළු සමස්ත විරැකියා කරුවන්ට රැකියා උත්පාදනය කිරීමටද අහසේ හිරුඑළිය වහලෙන් පන්තිකාමරයට පතිත වී එලියකරන පාසල්වල අධ්‍යාපනය ලබන දරු දැරියන්ගේ අධ්‍යාපනය දියුණු කිරීමටද ජනතාවට වස විස කවන ආහාර තහනම් කිරීමටද ගරා වැටෙන ජාතික සෞඛ්‍ය සේවය නගා සිටවන්ටද ඇළ දොළකින් එගොඩ වීමට තවමත් ඒදන්ඩක් ප්‍රයෝජනයට ගන්නා ජනතාවට පාලමක් මහා මාර්ගයක් සදා දීමටද ව්‍යවස්ථා විශාරදයෙක් සිටීනම් මගේ මේ සුළු ප්‍රශ්නවලට පිළිතුරක් දෙනවද.?

:       0       0

viraj Thursday, 03 January 2019 10:23 AM

තාම ව්‍යවස්ථාදායක සභාවට යෝජනාව දාලත් නැහැ, කවුරුවත් දැකලත් නැහැ, හුඹස් බියක් ඇති කරන්න හදනවා සමහරු, රට කෑලිවලට කැඩෙනවා කියලා පිටිගල මිලානෝ දැක්කේ දිවැසින්ද මන්දා..? දැනුවත් වෙන්න කියන ඔබ දන්නා දේ සාක්ෂි ඇතුව පෙන්නන්න මහත්තයා...

:       0       0

BamunuarachchiSaturday, 05 January 2019 03:04 AM

හලෝ විරාජ් ඔබ කාඩ්, චෙස් හෝ දාම් වගේ ක්‍රීඩා කරනවාද? එම ක්‍රීඩාවලදී ඔබ නිතරම කාඩ් එකක් දාම් ඉත්තෙක් හෝ අදින්නේ එයාගේ පැත්තේ කාඩ් හෝ ඉත්තෝ අදින විදිහ බල්ලා ඊළඟට වෙන්නේ මේකයි කියලා සිතලා නේද? නැතුව එයා මම මගේ කාඩ් හෝ ඉත්තෝ මෙහෙම අදිනවා කියා ඔබට කීවාට ආපසු නොවෙයිනේ... එහෙම හිතන්න බැරිනම් ඔබට ඔවැනි බුද්ධිය මෙහෙයවන ක්‍රීඩා කරන්න බැරිය. විරාජ් අපිත් මේ 20 න් වෙන්න යන නස්පැත්තිය ගැන කියන්නෙත් රනිල් එ් පැත්තේ කෙරෙන සූදානම අනික් සුළු ජාතීන්ට වුණු පොරොන්දු ආදිය දේවල් ගැන සිතලාය. එහෙම හිතා අපිට සූදානම් වෙන්න බැරිනම් ජීවිතය හැඩ ගස්සා දාන්න බැරිනම් රටත් අමාරුවේ අපිත් අමාරුවේ...

:       0       0

Sanath Kandy Thursday, 03 January 2019 03:50 PM

පිටිගල ඔයා මේක කියවල තියෙනවද? මටත් කියන්නකෝ කොපියක් හොයාගන්න විදිහක්... මම දන්නා විදිහට තවම මේක ප්‍රසිද්ධ කරලා නෑ. ඉතින් කොහොමද ඔයා දන්නේ මේකෙන් රට බෙදනවා කියලා. අවුරුදු තිහක් තිස්සේ ජේආර්ගේ ව්‍යවස්ථාවට බැන බැන හිටපු අයට දැන් ඒක හොඳයිද?

:       1       0

BamunuarachchiSaturday, 05 January 2019 04:42 PM

ඊටත් වඩා නරක එකක් ගෙන්නයනකොට තියන එක හොඳයි නේන්නම්. දන්නා යකා නොදන්නා සුරදූතියට වැඩිය හොඳයි කියන එක අහලා නැද්ද? මොනවද මේ හාදයෝ ඉගෙනගෙන තිබෙන්නේ.

:       0       0

liyanage Friday, 04 January 2019 03:18 AM

මේ ක්‍රමයෙන් කුඩා පක්ෂ සමග එකතුවෙලා ඒ පක්ෂ වලට වැඩි බලතල දෙන්න වෙනවා මේක අපේ රටට නොගැලපේ මේක හැමදාම රනිල් පාර්ලිමේන්තුවේ බලය තියාගන්න කරන ව්‍යාවස්තාවක්.

:       0       0

මල්ලී Friday, 04 January 2019 04:04 AM

අපි නම් කැමති. ඒකීය රාජ්‍ය කඩන ව්‍යවස්ථාවකට ජනමත විචාරණයක් ජය ගන්න බැහැ කියලා ටීඑන්ඒ එක දන්නවා ඇතිනේ.

:       77       0

දිලුම් Friday, 04 January 2019 05:52 AM

රනිල් බහුතරේ හොයනකොට එක එකාට උනපොරොන්දු ඉටු කරන්න හදන්නේ මේ ව්‍යවස්ථාවෙන්.

:       0       16

sumathipala Friday, 04 January 2019 08:27 AM

20 ගැන බැලුවහම පේනවා අනාගතේ රටට වෙන්නේ මොකද කියලා. ස්වාධින රජයන් කිහිපයක් ,අවුල් ගොඩක්!,මේවා දුරස්ථ පාලකයන්ගේ ගිනි බෝම්බ!

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 

දියත

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 182 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 93 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 121 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 472 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 168 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 520 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 744 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site