IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


යතුරුපැදියේ ගිය පියාත් - ටැංකිය මත ගිය පුතාත් අනතුරකින් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 
සිව් හැවිරිදි දරුවා ඉන්ධන ටැංකිය මත තබාගෙන යතුරු පැදියක යමින් සිටි අඹු සැමි යුවලක්  අද (21)  පිළියන්දල ජාලියගොඩ දී අනතුරකට ලක්වීමෙන් එම දරුවා සහ දරුවාගේ පියා මිය ගිය බව පිළියන්දල  පොලීසිය කියයි.
 
අනතුරින් මියගොස් ඇත්තේ මිරිහාන ශාලාව පාරේ පදිංචි ව සිටි ප්‍රදීප් උදය කුමාර (32) හා ඔහුගේ පුතු වන සදෙව් අබිරාශ් ය( අවුරුදු 4).

එම අඹුසැමි යුවල කුඩා දරුවා සමග පිළියන්දල දම්පේ නිවසක තාවකාලිකව නැවතී සිටින අතර ඊයේ  උදේ දරුවා දිවා සුරැකුම් මධ්‍යස්ථානයට යොමු කර ඔවුන් දෙදෙනා රැකියාවට යාම සදහා  කොළඹ දෙසට යමින් සිටිය දී මෙම අනතුර වී ඇති බව පොලිසිය කියයි 
 
හොරණ කොළඹ මාර්ගයේ ජාලියගොඩ ප්‍රදේශයේ  මංතීරු දෙක වෙන් කිරීම සදහා යොදා තිබෙන මැද දූපතේ තබා තිබූ විශාල මල් පෝච්චියක යතුරු පැදිය ගැටී මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය කියයි.
 
අනතුර සිදු වීමට හේතුව නිශ්චිතව අනාවරණය වී නැතැයි පොලීසිය කියයි.



අදහස් (7)

යතුරුපැදියේ ගිය පියාත් - ටැංකිය මත ගිය පුතාත් අනතුරකින් මරුට

මෝ Monday, 21 December 2020 04:28 PM

රටේ පාලකයින්ට තවම බැරිඋනානෙ මෝටර්සයිකල් සදහා අවශ්‍ය ආරක්ශක ක්‍රමවේද පිළිබද නීති සම්ප්පපාදනය කරන්න.අවුරුදු 16ට අඩු දරුවන් රැගෙනයාම සපුරා නැවැත්විය යුතුයි.

:       5       18

කමල් Monday, 21 December 2020 05:15 PM

ආදරණීය අම්මා..... ඔබට දුක දරාගන්න ශක්තිය ධෛර්යය ලැබේවා....!!!

:       0       32

සාලිය Monday, 21 December 2020 11:29 PM

ඔව්, ළමයින්ව බෙන්ස්, බී.එම්.ඩබ්ලිව් වගේ කාර්වල එක්ක යන්න කියලා නීතියක් දමමුද?

:       0       0

kamal Tuesday, 22 December 2020 02:56 AM

රටේ පාලකයින්ට, මිනිස්සුන්ට මොලේ දෙන්න බැහැ. කතාවක් තියෙන්නේ මෝඩකමට බෙහෙත් නැහැ කියලා... අපරාදෙ පොඩි දරුවගේ ජීවිතේත් නැති වුණා තාත්තාගේ මෝඩකමින්...

:       0       0

sharm warn Tuesday, 22 December 2020 03:54 AM

අයියෝ... මොලයක් කියලා දෙයක් තිබුණා නම්... ඉන්ධන ටැංකිය උඩ යන කෙනෙකුට කිසිම ආරක්ෂාවක් නැහැ කියලා අමුතුවෙන් කියලා දෙන්න ඕනෑද?

:       0       0

anura Tuesday, 22 December 2020 04:11 AM

මේ මනුස්සයා තම දරුවා සහ බිරිඳ යතුරු පැදියක ගෙන ගියේ ඔහුට කාර් එකක් ගන්නට වත් කමක් නොතිබුණු නිසා විය හැකියි. බොහෝවිට මේ අනතුර සිදුවුයේ මහා මාර්ගය අවහිර වන පරිදි තබා තිබූ විශාල මල් පෝච්චියෙන් විය හැකියි.

:       0       0

Raveendra Tuesday, 22 December 2020 11:23 AM

අනේ පව් දහසක් බලාපොරොත්තු ඇතිව හදා ගත්ත දරු පැටියව ආරක්ෂාකර ගැනුමට නොහැකිවීම කොතරම් ඛෙද ජනකද? නීතිරීති මොනතරම් තිබුනත් දැන් ඒ ගැන කතාකිරීම කිසිදු පලක්නොවෙනු ඇත. දෙමාපියන් තම දරු පැටවුන් රැගෙන යාමේදී ඔවුන්ගේ ආරක්ෂාව පිලිබදව දෙමාපියන්ට යහපත් සිතුවිලි ඇති වේවා...!!!

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 646 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 178 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 534 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 134 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1796 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site