IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


යුදගනවි බලාගාරයේ කොටස් විකිණීමට එරෙහිව මහජනසභාව රටපුරා

(අජන්ත කුමාර අගලකඩ

යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන් ඉකුත් දා කොළඹින් ආරම්භ කළ "මහජන සභාව "රැස්වීම් මාලාව රට පුරා දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ .

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් ඉකුත් සතියේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ නිවසේ රැස්වූ අවස්ථාවේදී ,මෙම තීරණය ගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි .

යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් මීට සති දෙකකට පමණ ඉහතදී මහජන සභාව නමින් රැස්වීමක් පිටකෝට්ටේ පිහිටි  සෝලිස් ශාලාවේදී පැවැත් වූ අතර, එය රටපුරා පැවැත්විය යුතුය යන්න  පක්ෂ නායකයන්ගේ අදහස බව එම පක්ෂ නායකයෙක් සඳහන් කළේය .

මේ අතර, යුගදනවි බලාගාරයේ  කොටස් පැවරීමට අත්සන් කළ ගිවිසුමේ පිටපතක් ලබාදෙන්නැබයි ඉල්ලා හවුල්කාර පක්ෂවල නායකයන් මුදල් අමාත්‍යංශයට අභියාචනයක් ද ඉදිරිපත් කර ඇත .

එම ගිවිසුමේ පිටපතක් ඉල්ලා  ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට්  පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ මහතා  තොරතුරු දැනගැනීමේ පනත යටතේ මුදල් අමාත්‍යංශයෙන් ඉකුත්දා ඉල්ලීමක් කළ අතර, මුදල් අමාත්‍යංශය විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබීය .



අදහස් (4)

යුදගනවි බලාගාරයේ කොටස් විකිණීමට එරෙහිව මහජනසභාව රටපුරා

swene Saturday, 13 November 2021 04:22 PM

දැන් ආණ්ඩුවට ඕගොල්ලෝ අත් හරින්නත් බැහැ. ඕගොල්ලන් ආණ්ඩුව අත් හරින්නෙත් නැහැ. ඡන්ද ටික බේරගන්න කරන වෑයමක්...

:       0       6

දිනනපිල Saturday, 13 November 2021 09:41 PM

ගම්මන්පිල රුපියල් 100 ගානෙත් ඉල්ලුවා නම් හරි... ඔය ගමන්ම... ආණ්ඩුව ඇතුලේ පොරවල් වෙන්න රටට නිවුස් හදනවා. මේ සෙට් එකම එලවන්න සභාවක් හදන්න කාලෙ හරි...

:       0       0

NM Saturday, 13 November 2021 09:41 PM

හවුල්කාර පක්ෂ 11ක නායකයින් මේ කරනු ලබන්නේ සත්‍ය දැනදැනත් රටේ ජනතාව තවදුරටත් රැවටීමේ ඉතාම පහත් මට්ටමේ දුෂිත අරමුණු ඇතිව කරනු ලබන මෙවන් ක්‍රියාවන් වහාම නවතා දැමිය යුතුවේ. කොළඹින් ආරම්භ කළ "මහජන සභාව "රැස්වීම් මාලාව රට පුරා දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට තීරණය කර ඇතත් ජනතාව වෙනුවෙන් ගිවිසුම පිළිබඳව රටට කරුණු දැක්වීමට New Fortress Energy Inc සමාගම හෝ ඇමෙරිකානු තානාපති අංශ කටයුතු කරන්නේ නම් වැදගත් වේ. "මහජන සභාව "රැස්වීම් මාලාවට ප්‍රතිරෝධය දක්වා රැස්වීම් මාලාවක් තරුණයන් විසින් රට පුරා දියත්කළ යුතුව ඇත. පක්ෂ 11ක නායකයින් මේ කරනු ලබන්නේ රටේ අනගත දියුණුව වළකාලමින් ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු ඉටුකරගැනීමට දරන අසාර්ථක උත්සාහයක් වේ....

:       0       0

de silva Sunday, 14 November 2021 11:11 AM

අපි ඕවට රැවටෙන්නේ නැහැ. ලබන සැරේ අපි දෙනවා බැටේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

වාසයට හොඳම රට ශ්‍රී ලංකාව
2025 මාර්තු මස 12 915 0

දූවා දරුවන් සමග පදිංචි වීමට ලෝකයේ සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.


‘‘පක්ෂ සංවිධායකවරුන්ට මේ වසර සුවිශේෂයි‘‘
2025 මාර්තු මස 12 205 0

මේ වසරේදී එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුනට සුවිශේෂී වැඩ කොටසක් පැවරෙන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආසන සංවිධායකවර


හමුදාවෙන් පැන්න 20ක් මහනුවරින් අල්ලයි
2025 මාර්තු මස 12 218 0

යුද හමුදාවේ සේවයෙන් පැන මහනුවර විවිධ පොලිස් වසම් තුළ රැඳී සිටිමින් විවිධ රැකියාවන්හී යෙදී සිටි හමුදා භටයන් විස්සක් අත්අඩංගුවට ගෙන යුද හමුදා පොලීසියට


එක්ව තරඟ කරන තීරණය ගන්න සජබෙට කාලයක් දෙයි
2025 මාර්තු මස 12 415 0

කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එජාපය තීරණය කර තිබේ.


අපූරේ රෝහලේ ආරක්ෂාව සැලසීම පැහැර හැරලා
2025 මාර්තු මස 12 738 0

වෛද්‍යවරියකට ලිංගික හිංසන සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙයට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩ පැවැත්වීම


නගර සැලසුම් අනුමත කිරීම ඔන්ලයින් වෙයි
2025 මාර්තු මස 12 308 0

ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 156 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 375 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 222 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site