(සුජිත් හේවාජූලිගේ)
කොවිඩ් නීති ගණන් නොගෙන සාප්පු සවාරි යන සුළු පිරසකගේ හැසිරීම කනගාටුදායක බවත් ජනතාව මේ ආකාරයට හිතුමතේ කටයුතු කළහොත් ලබන මැයි මාසයේ දී නරක ප්‍රතිඵල භුක්ති විදීමට සිදුවනු ඇති බවත් කොවිඩ් - 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අවුරුදු සමයේදී කෝවිඩ් නීති අනුගමනය නොකර හැසිරුණහොත් වෙසක් උත්සවය සැමරිය නොහැකි වනු ඇතැයි ද යුද හමුදාපතිවරයා කියයි.
බොහෝ ජනතාව බුද්ධිමත් ආකාරයට කටයුතු කිරීම නිසාත් ජනතාවගෙන් ලැබුණු ඉහළ සහයෝගය නිසා කෝවිඩ් ව්‍යාප්තිය සැලකියයුතු ලෙස පාලනය කර ගැනීමට හැකි වූ බව කී ශවේන්ද්‍ර සිල්වා මහතා කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව දිනකට 200කට අවම මට්ටමින් පවත්වාගෙන යෑමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බව ද සඳහන් කරයි.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
යුද හමුදාපති කනස්සල්ලෙන්
Prabha Monday, 12 April 2021 01:45 PM
ලොක්කෝ කරන කොට පොඩ්ඩෝ ඔහොම තමයි..
බද්රානි Monday, 12 April 2021 01:55 PM
දුප්පත් අපි අලුත් අවුරුද්දට අඳින්න ඇඳුමක් ගන්න කඩේකට ගියාම තමයි ඔබතුමාට ඔය කියන කනස්සල්ල ඇති වෙන්නේ. ලොකු ලොකු හෝටල් වල තියන සාද ගැන එහෙම ඔබතුමා දන්නෙවත් නැහැ වගේ. දින තුනක් පුරා දාපු ජෝගි ගැන? පොලිස් කාරයින් වුණත් දුප්පත් පවුලක තියන වෙඩිමක පිරිස ගණන් කළාට මේවා දැක්කාම ඇහැක් වහගෙනම මාරු වෙනවා. අනේ යන්න මහත්තයෝ මෙතන නිකම් " ගහ දන්නා අපිට කොළ කඩා පාන්නේ නැතිව...‘‘
sampath Monday, 12 April 2021 04:42 PM
අපේ රටේ මිනිස්සුන්ගේ මෝඩකම් වලින් පරිස්සම් වෙන මිනිස්සුන්ටත් දුක්විඳින්න වෙන එකයි ගැටලුව මොකද මෙහෙම තෙරපි තෙරපි ගිහින් විහින් හදාගන්න ලෙඩ හැමෝටම පතුරුවන්නෙත් මේ විදියට තමයි
Kamal Koyrala Tuesday, 13 April 2021 06:37 AM
මොනා කරන්ඩ සර් එක රටක් එක නීතියක් ක්‍රියාත්මක වෙන ආකාරය සහ පාර්ලිමේන්තුව දැක්කාම මහජනතාව ඕවා ගණන් ගන්නේ නැ
Rata Perata Tuesday, 13 April 2021 06:45 AM
ඒක නම් ඇත්ත ඒවගේම අනිත් ලොක්කන්ගේ නිතිවිරෝධි වැඩ ගැනත් කණගාටු වෙනවා නම් හොදයි
amara Tuesday, 13 April 2021 09:12 AM
ඔබ තුමාට බලයක් තිබුණානම් ජනතාව පාලනය කරගන්ඩ තිබුණා
Raveendra Tuesday, 13 April 2021 12:20 PM
හරියද්දි සර්ලගේ හපන්කම්... වරදින කොට මහජනතාවගේ මෝඩකම්.. ජය වේවා සර්..!!!
hesa Wednesday, 14 April 2021 11:41 AM
එහෙම, එහෙම මේ අවුරුද්දම ඇදගෙන යයි..
Bamunuarachchi Saturday, 17 April 2021 05:48 AM
කනස්සලු වෙන්න එපා.. ඔන්න කැනඩාවත් කොවිඩ් මර්දනය එරට හමුදාවට බාර දීලා. ළඟදීම එහෙත් ඇඳිරි නීතය වැටේවිලු.