IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


යුද හමුදාවෙන් පාලනය කළ ඉඩම් අක්කර 71,172ක් යුද්ධයෙන් පසු මුදා හැරලා

තරිදු ජයවර්ධන

ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වූ 2009 වසරේ සිට මෙම වසරේ මාර්තු මාසය දක්වා වූ කාලයේ දී යුද හමුදාවෙන් අත්පත් කරගෙන තිබූ උතුරු නැගෙනහිර ඉඩම් අක්කර 71172ක් සාමාන්‍ය ජනයා වෙත මුදා හැර ඇතැයි යුද හමුදාව කියයි.

මෙයින් වැඩිම ඉඩම් ප්‍රමාණයක් මුදා හැර ඇත්තේ 2015 වසරේදී ය. එම ප්‍රමාණය අක්කර 25951කි.

යුද හමුදාවේ තොරතුරු නිලධාරී ඒ එම් එස් බී අතපත්තු මහතා මේ බව සඳහන් කරනුයේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කරන ලද තොරතුරු ඉල්ලීමකට අදාළව තොරතුරු සපයමිනි.

යුද්ධය අවසන් වූ 2009 වසරේ දී යුද හමුදාවෙන් මුදා හැර ඇති උතුරු නැගෙනහිර ඉඩම් ප්‍රමාණය අක්කර 745.54කි.  2010 වසරේ සිට 2015 දක්වා පැවැති ආණ්ඩු සමයේ යුද හමුදාවෙන් සාමාන්‍ය ජනයා වෙත මුදා හරින ලද උතුරු නැගෙනහිර ඉඩම් ප්‍රමාණය අක්කර 27854.55කි. 2015 වසරේ සිට පවතින වර්ත මාන ආණ්ඩුව කාලයේ දී යුද හමුදාව භාරයේ තිබී මුදා හැර ඇති උතුරු නැගෙනහිර ඉඩම් ප්‍රමාණය අක්කර 42578.65කි.

2009 සිට මේ දක්වා මුදා හැර ඇති ඉඩම් ප්‍රමාණය වාර්ෂිකව පහත දැක්වේ.

2009 745.54
2010 5730.72
2011 3791.93
2012 8952.84
2013 8441.98
2014 937.08
2015 25951.26
2016 4871.85
2017 4803.84
2018 6191.46
2019 754.24

 



අදහස් (15)

යුද හමුදාවෙන් පාලනය කළ ඉඩම් අක්කර 71,172ක් යුද්ධයෙන් පසු මුදා හැරලා

Bamunuarachchi Sunday, 24 March 2019 04:47 PM

අපරාදේ. සිංහලයින්ගේ ඉඩමුත් ඔය ගොඩේ තිබෙනවා. අවුරුදු 2500 කට ප්‍රථම සිංහලයාගේ භූමිය.

:       341       135

Chanak Los angeles Monday, 25 March 2019 02:33 AM

නම එහෙම වුණාට තණ්හාවෙන් පැසවලා..

:       21       2

MudaliMonday, 25 March 2019 09:12 AM

තණ්හාය ජායතී ශෝකෝ බමුණෝ.

:       12       1

BamunuarachchiMonday, 25 March 2019 09:33 AM

සිංහල කතාවක් තිබෙනවා "වත්ත බද්දට දීලා ඇස්සට දත නියවනවා" කියලා. අහලා තිබෙනවාද තේරුම දන්නවාද? නැතිනම් අපෙන්ම ඉගෙන ගන්න.

:       2       0

BamunuarachchiMonday, 25 March 2019 12:12 PM

උතුරේ තිබෙන ඉඩම් වලට සිංහලයින්ට අයිතිය කියන්න බැරිය ඒවා තේසවලාම නීතියෙන් ආරක්ෂාවී තිබෙනවා. දකුණේ තිබෙන ඉඩම්වල දෙමල්ලු පදිංචි වෙනවා.

:       1       0

rocky Monday, 25 March 2019 03:00 AM

මේ බමුණාට නම් හොඳටම තදවෙලා වගෙයි. අවුරුදු 2500 කට ඉස්සෙල්ලා කොහෙද මනුස්සයෝ යාපනේ සිංහලයෝ හිටියා කියලා කියන්නේ? ඔහේ ළඟ ඒ ඉඩම්වල ඔප්පු රෙජිස්ටර් කරලා තියනවද? වෛද්‍යවරයෙකුගෙන් ගත්තා කියපු ප්‍රතිකාර වලින් තවම ගුණයක් නැහැ වගෙයි. ඉක්මනට ගිහිල්ලා පශු වෛද්‍යවරයෙකුවවත් හම්බවෙන්න!

:       32       22

NissankaMonday, 25 March 2019 05:21 AM

එක තමයි රොකී. මේ බමුණුට තේරෙන්නෑ. අවුරුදු 2500 කට කලින් එහෙ ඉඳලා තියෙන්නේ නාග ගෝත්‍රිකයෝ. විජය ලංකාවට එනකොටත් ඒ මිනිස්සු ඒ පළාත් වල ඉඳලා තියෙනවා. යාපනේ මිනිස්සු කිව්වොත් එයාලා පැවත එන්නේ නාග ගෝත්‍රිකයන්ගෙන් කියලා ඒක බොරුයි කියන්න තරම් කරුණු ඉතිහාසයේ කොහෙවත් නැහැ.

:       1       63

BamunuarachchiMonday, 25 March 2019 12:17 PM

2500කට ඉස්සෙල්ලා මේ මුළු රටේම සිටියේ සිංහලයෝ. මෙරට සිංහලයින්ගේ රටක්. දෙමල්ලු ආවේ බොහොම මෑත කාලයක. 2500කට ප්‍රථම ආවෙත් විජයන් කියන කල්ලතොනියෙක්. උතුරු නැගෙනහිර ඉන්නේ ඔක්කොම හොර බෝට්ටු වලින් මෙරටට ආපු අය. නැතිනම් මේ අය ටයිටැනික් නැවකින් ආවාද

:       1       0

ප්‍රසා Monday, 25 March 2019 05:08 AM

විවිධ අදහස් තියෙන මිනිස්සු ඉන්න එක සාමාන්‍ය දෙයක්. නමුත් සාකච්ඡාවකට වත් ගන්න බැරි අදහස් තියෙන මිනිස්සු... ඒ මිනිස්සුන්ගේ පාලක පංති නියෝජනය... ඇත්තටම රටවල්වලට සාපයක්!

:       4       22

Alan Monday, 25 March 2019 05:48 AM

අවුරුදු 2500ක් යන්න ඕන නෑ, 1400 දීත් යාපනයේ 50% ට වඩා සිංහල ජනතාව ජීවත් උනා

:       35       10

Bamunuarachchi Monday, 25 March 2019 09:34 AM

ඇලන් මේ බව නොදන්නා අය කොපමණ අපි අතරේ ඉන්නවාද?

:       12       1

Bamunuarachchi Monday, 25 March 2019 12:18 PM

ඇලන් මේ බව නොදන්නා අය කොපමණ අපි අතරේ ඉන්නවාද?

:       1       0

Chanak Los angeles Monday, 25 March 2019 06:37 PM

ඇලන් 1400 දී හිටියේ යාපනේද ?

:       0       0

Chanak Los angeles Monday, 25 March 2019 10:01 PM

ලෝකය වෙනස් වෙනවා කියා දන්නා පුද්ගලයෝ බමුණු මත පිළිගන්නේ නැහැ . ඔය ඉඩම් කව්රුත් එනකොට ගෙනාපුවා නොවෙයි යනකොට ගෙනියන ඒවත් නොවෙයි .

:       0       0

rocky Tuesday, 26 March 2019 01:52 AM

බමුණු මහත්තයෝ, මේ ලෝකයේ පිරිසිදු ජාතියක් වත් පිරිසිදු භාෂාවක් වත් තියෙන්න විදිහක් නැහැ. ඔබේ වුනත් රුධිරය පරීක්ෂා කර බලන්න එහෙමත් කලවම් වෙලා තියෙන්න පුළුවනි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 618 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 503 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 122 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1738 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site