IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


යුද හමුදාව උතුරේ ඉඩම් අක්කර 69754.59ක් නිදහස් කරලා

(ඉන්දිකා රාමනායක)

උතුරු නැගෙනහිර ප‍්‍රදේශ වල 2009 වසරේ සිට මේ දක්වා යුද හමුදා පරිහරණය කළ  ඉඩම් අක්කර 69754.59 ක ප‍්‍රමාණයක් මේ වනවිට නිදහස් කර ඇති බව යුද හමුදාව පවසයි.

2009 වසරේ  මැයි මස 18 වැනි දින  සිට  යුද හමුදාව විසින්  ඉඩම් අක්කර 84523.84 ක  පරිහරණය කර  තිබූ බවත් ජාතික ආරක්ෂාවට  හානියක් නොවන අයුරින්  ඉහත ඉඩම්  ප‍්‍රමාණය නිදහස් කළ බවද හමුදාව සඳහන් කරයි.

2018.නොවැම්බර් මස  25 වැනි දින  දක්වා කාලය තුළ  මෙම ඉඩම් නිදහස් කර ඇති බවත් මේවා පුද්ගලික හා රජයේ ඉඩම් බවද උසස් හමුදා නිලධාරියෙක් කියා සිටියේය.

2009 වසරේ සිට හමුදාව  යාපනය දිස්ති‍්‍රකයෙන්  ඉඩම් අක්කර 25202.88 ක ප‍්‍රමාණයක් ද,   කිලිනොච්චි   25948.49 ක ප‍්‍රමාණයෙක් ද,  මුලිතිව් හි 11911.18 ක ප‍්‍රමාණයක් ද,  මන්නාරමෙන් 2302.30 ක ප‍්‍රමාණයක් ද, වව්නියාවෙන් 7331.47  ප‍්‍රමාණයක් ද,  ති‍්‍රකුණාමලයෙන් 1859.65 ක ප‍්‍රමාණයක් ද, මඩකලපුවෙන් 1592.29 ක ප‍්‍රමාණයක් ද, අම්පාරෙන් 8375.58 ක ප‍්‍රමාණයක් යුද හමුදාව විසින්  පරිහරණය කර තිබුණි.

ඒ අතරින් නිදහස් කළ ඉඩම් අතර යාපනය දිස්ති‍්‍රකයෙන්  අක්කර  22496.09 ප‍්‍රමාණයක් ,  කිලිනොච්චි    වලින් 24396.29 ක ප‍්‍රමාණයක් ද, මුලතිව්  වලින් 7126.69 ක ප‍්‍රමාණයක් ද, මන්නාරමින් 885.74 ක ප‍්‍රමාණයක් ද , වව්නියාවෙන් 6250.24 ක ප‍්‍රමාණයක් ද, ති‍්‍රකුණාමලයෙන් 98.18 ක ප‍්‍රමාණයක් ද, මඩකලපුවෙන් 1040.54 ක ප‍්‍රමාණයක් ද, අම්පාරෙන්  7460.82 ක ප‍්‍රමාණයක් ද වන බව එම උසස් හමුදා නිලධාරියා කියා සිටියේය.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන අයුරින්  නිදහස් කළ තවත් ඉඩම් අක්කර 263.55 ක ප‍්‍රමානයක් 2018.12.31 වැනි දින ට පෙර  යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය  විසින් නිදහස් කිරීමට නියමිත ඇති බවද හමුදා ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.



අදහස් (2)

යුද හමුදාව උතුරේ ඉඩම් අක්කර 69754.59ක් නිදහස් කරලා

naradha Monday, 17 December 2018 05:12 PM

ප්‍රශංසනීය පියවරක්...

:       0       0

Bamunuarachchi Tuesday, 18 December 2018 01:12 AM

තව ටික දවසකින් උතුර නැගෙන හිර සම්පුර්ණයෙන්ම නිදහස්වී නිජභූමි සංකල්පයට දෙවි. ඉඩම් පමණක් නොවෙයි සිංහලයින් මරපු ත්‍රස්තයින් බුරුතු පිටින් නිදහස් වේවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

බදුල්ල නගරවැසියන්න මුඛ ආවරණ පළදින්න උපදෙස්
2025 පෙබරවාරි මස 05 154 0

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 05 90 0

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම


ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙයි
2025 පෙබරවාරි මස 05 124 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය


මාතරටත් අලුත් දිසාපති කෙනෙක්
2025 පෙබරවාරි මස 05 372 0

මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.



හැටන් නගරයට රතු නිවේදන
2025 පෙබරවාරි මස 05 552 1

හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 767 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site