IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


යාපනයේදී බසයක් පෙරැළි 6 ක් රෝහලේ

(සිතුම් චතුරංග)

යාපනය කරෙයිනගර් සිට යාපනය නගරය දක්වා ගමන් ගත් බස් රථයක් කරෙයිනගර් පොන්නාලෙයි පාලමේදී මාර්ගයෙන් ඉවතට පැන කලපුවට පෙරැළී අද (30) සවස සිදුවු අනතුරකින් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව යාපනය කයිට්ස් පොලිසිය කියයි.
 
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථය මගීන් රැගෙන යාපනය නගරයට පැමිණෙන අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.
 
බස් රථයේ අධික වේගය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවත් රියදුරාට බස්රථය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් කලපුවට පෙරළී අතර පසුව කලපුවේ තිබූ ජල නළයක සිරවී ඇතැයිද  පැවසිය.
 
ජල නළයේ සිරවූ බස් රථය කළපුවතුලට පෙරලීම වැළකී තිබූ බවත් එම හේතුවෙන් සිදුවීමට ගිය මහා විනාශයක් වැළකි ගිය බව සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසීහු පවසති.
 
අනතුරින් සුළු තුවාල ලැබු පුද්ගලයින් හය දෙනෙකු යාපනය රෝහලට ඇතුළත් කොට ඇති බවද කයිට්ස් පොලිසිය පැවසීය.

අනතුර සම්බන්ධයෙන් බස්රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට නියමිත අතර කයිට්ස් රථවාහන පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



අදහස් (2)

යාපනයේදී බසයක් පෙරැළි 6 ක් රෝහලේ

ධම්ම Thursday, 30 April 2020 03:03 PM

බස්වල තිරිංග තිබුනාට මදි, රියදුරුට විනයක් තියෙන්නත් ඕනෑ.

:       0       34

Rohana Friday, 01 May 2020 01:33 AM

විනය ඇතිකරගැනීම සදහා මොලයද අවශ්‍යයි. මේ රියදුරුගේ මොලය හරියට වැඩ කරනවද දන්නෙ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

’’සහල් නිෂ්පාදකයෝ වී මිලට එකඟ නෑ’’
2025 පෙබරවාරි මස 05 189 0

ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ


’’වීවලට මිලක් දුන්නාට ආණ්ඩුවට ස්තූතියි’’
2025 පෙබරවාරි මස 05 211 0

ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි


’’නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා’’
2025 පෙබරවාරි මස 05 121 0

ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල


ග්‍රාමීය රෝහල් සංවර්ධනයට අත ගහයි
2025 පෙබරවාරි මස 05 163 0

රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.


ගමට හයියක් දෙන්න ’’ග්‍රාම ශක්ති’’ එයි
2025 පෙබරවාරි මස 05 190 0

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


තරුණයාට දස වද දුන් පොලිස් ලොක්කෝ 3ක් ගෙදර
2025 පෙබරවාරි මස 05 467 0

අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 741 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site