IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


යාපනයේ පක්ෂ ආධාරකරුවෝ ගුටිබැට හුවමාරුවක

(සිතුම් චතුරංග)
 
යාපනය මැතිවරණ කොට්ඨාසයේ අපේක්ෂකයින්ගේ මනාප ප්‍රතිඵල නිකුත් කරන අවස්ථාවේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ අද (7) අලුයම පක්ෂ ආධාරකරුවන් දෙපිරිසක් අතර උණුසුම් තත්වයක් හට ගැණිනි.

ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය නියෝජනය කළ එම්.ඒ සුමන්තිරන් මහතාගේ ආධාරකරුවන් පිරිසක් හා අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රසයේ ආධාරකරුවන් අතර ගුටිබැට හුවමාරුවක් ද සිදුවූ බව යාපනය පොලිසිය පවසයි.


මනාප ගණන් කිරීම සිදුවන අවස්ථාවේ සුමන්තිරන් මහතා පරාජය වී සිටි බවත් දෙවනවර ගණන් කිරීමේදී ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය සඳහා සුදුසුකම් ලැබීම සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස්වීමක් මෙම ගැටුමට හේතු වී ඇති බව පොලිසිය පවසයි.


ගැටුම හටගන්නා අවස්ථාවේ තත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලිස් කැරලි මර්දන ඒකකය ද යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට කැඳවීමට සිදුවිණි.


විශේෂ කාර්ය බළකා සෙබලුන් හා පොලිසිය මැදිහත්ව පිරිස දිස්ත්‍රික් ලේකම් කාර්යාල භූමියෙන් ඉවත්කිරීමට පියවර ගත් අතර තත්වය සමතයකට පත්කිරීමට ක්‍රියාකළේය.


ගැටුම හේතුවෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හි ස්ථාපිත කර තිබූ තාවකාලික කූඩාරම් හා පුටු ඇතුළු දේපළ කිහිපයකට ද හානි සිදුව තිබිණි.


සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
 
 



අදහස් (1)

යාපනයේ පක්ෂ ආධාරකරුවෝ ගුටිබැට හුවමාරුවක

anura Friday, 07 August 2020 12:32 PM

රට පුරාම පක්ෂ විපක්ෂ මහජනතාව හා නියෝජිතයන් ඉතා සාමකාමීව හා සීලාචාර ලෙස ඡන්ද අයිතිය භාවිතා කරා ඔය ස්ථානයේ හැර. ඔය අයගේ හැසිරීම ඉතා ලැජ්ජා සහගතයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 109 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 77 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 347 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 189 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 208 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


අඳුරු කාමරයක සිරගත කෙරුණු බටලන්ද අද හිරු එළිය දුටුවා
2025 මාර්තු මස 14 1297 2

ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 218 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 510 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site