(එෆ්.අස්ලම්)
යාපනය පොලිස් අධිකාරී කාර්යාලයේ ප්‍රධාන ලිපිකාරිනියකගේ දෑත් ගැටගසා අමානුෂික ලෙස ඝාතනය කර ළිඳක දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මෙම කාන්තාවගේ සිරුර වඩමාරච්චි පේදුරුතුඩුව තම්බසිටි ප්‍රදේශයේ ළිදකින් ගොඩගෙන ඇත.
මිය ගිය තැනැත්තිය තම්බසිටි ප්‍රදේශයේ පදිංචි ජෙගනාදන් කිරුබාලිනී නැමැති 35 හැවිරිදි විවාහක කාන්තාවක බව මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
තම බිරිය අතුරුදහන්ව ඇති බවට එම කාන්තාවගේ සැමියා පේදුරුතුඩුව පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයේදී නිවසේ සිට මීටර් 500ක් ඈතින් තිබූ ළිඳකින් කාන්තාවගේ මළසිරුර සොයාගෙන තිබිණි.
මේ අනුව පේදුරුතුඩුව මහේස්ත්රාත්වරයාගේ අවසරය මත සිරුර ගොඩගෙන ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර යාපනය ශික්ෂණ රෝහල වෙත බාරදී තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්
ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
යාපනය පොලිස් අධිකාරී කාර්යාලයේ ප්‍රධාන ලිපිකාරිනියව ඝාතනය කරලා
samira Sunday, 28 July 2019 02:17 PM
ඉතිහාසය නැවත ප්රතිරූපනය වෙමින් පවතී.. මේ වගේම තමයි පොලිස් පරීක්ෂකගේ මරණේ හමුවුණෙත් මුලින්ම...
සෙනෙවිරත්න Sunday, 28 July 2019 04:56 PM
මේ මොනවද කියන්නෙ?
සෙනෙවිරත්න Sunday, 28 July 2019 05:00 PM
පොහොට්ටු මහත්වරු ඇගිලි ගනිමින් සිටිනුයේ උතුරින් නරක ආරංචියක් එනතුරුය.
BamunuarachchiMonday, 29 July 2019 12:09 AM
මේ මොනවද කියන්නේ?
SLMonday, 29 July 2019 11:56 AM
පොහොට්ටු පොහොට්ටු කියාගෙන ඉන්නවා.. දැන් මහින්ද මහින්ද කියාගෙන ඉඳලා බෝම්බ පුපුරලා බරගාණක් මරුණානේ.. ඕකම මතුරනවා. ඉස්සරහට තව බලාගන්න පුළුවන්. මෝඩ හරක්...!!
leel gunawardena Sunday, 28 July 2019 06:50 PM
ඇත්ත වශයෙන්ම සමීර හරි. උතුරේ දැන් දැන් ඉතිහාසය වර්තමානයට ඇවිත් හොල්මන් කරනවා