IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


යාපනයේ වැලි හොරු එස්ටීඑෆ් එකට වටකර පහරදෙති

(ඉන්දිකා රාමනායක)

යාපනය, අරියාලේ ප්‍රදේශයේ නීති විරෝධි වැලි ජාවාරමේ යෙදී සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට පෙරේදා (16) පස්වරුවේ ගිය පොලිස් විශේෂ කාර්ය බළකායේ භට කණ්ඩායමකට බාධා කරමින් පහරදුන් කාන්තාවන් දෙදෙනකු ඇතුළු හය දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙම පහරදීමෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ තිදෙනකු තුවාල ලබා ඇත.

තුවාල ලැබූ තිදෙනා අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ සැරයන්වරුන් දෙදෙනකු සහ කොස්තාපල්වරයකු සිටින අතර ඔවුහු ප්‍රතිකාර සඳහා යාපනය මහ රෝහලට ඇතුළත් කරන ලැබ සිටිති.

අරියාලේ ප්‍රදේයේ පිරිසක් වැලි කැපීමේ නිරතවන බවට විශේෂ කාර්ය බළකායේ යාපනය කඳවුර වෙත ලැබුණු තොරතුරු මත එහි අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආනන්ද ප්‍රේමසිරි මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බළකායේ සිවු දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් පෙරේදා පස්වරු 5.30ට පමණ යතුරු පැදි දෙකකින් මුලින්ම එම ස්ථානයට ගොස් තිබිණි.

භට පිරිස් එම ස්ථානයට යන අවස්ථාවේ පුද්ගලයන් හයදෙනකු වැලි කැපීම සඳහා ට්‍රැක්ටරයකින් පැමිණ ඇති බවත් නිලධාරීන් එම ස්ථානයට පැමිණෙනු දැක සැකකරුවන් පිරිස වහාම ට්‍රැක්ටරයේ නැඟී පලායෑමට උත්සාහ ගෙන ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.

නිලධාරින් සිව් දෙනා එම ස්ථානයට පැමිණ පළායන ට්‍රැක්ටරයට නවතින ලෙසට අණකර ඇතිබවත් ට්‍රැක්ටරය මද දුරක් ගොස් නවතා එහි සිටි සිව්දෙනකු ට්‍රැක්ටරයෙන් බැස විශේෂ කාර්ය බළකායේ භටයින්ට සවල්වලින් හා අතින් පයින් පහරදී ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.

එම අවස්ථාවේ විශේෂ කාර්ය බළකායේ තවත් කණ්ඩායමක් ද එම ස්ථානයට පැමිණ ඇති අතර නිලධාරීන්ට පහර දුන් සැකකරුවන් සිවුදෙනා ඔවුන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය කියයි.

එම අවස්ථාවේ කාන්තාවන් දෙදෙනකුද එම ස්ථානයට පැමිණ රාජකාරියට බාධා කරමින් නිලධාරීන්ගේ නිල ඇඳුම්වලින් ඇද පහරදීමට උත්සාහ ගෙන ඇති බවත් නිලධාරීන් එම කාන්තාවන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස හා වැලි පැටවීමට පැමිණි ට්‍රැක්ටරය සහ එම ස්ථානයේ තිබී සොයාගත් යතුරු පැදියක් නිලධාරීන් විසින් යාපනය මූලස්ථාන පොලිසියට බාර දී ඇත.

තුවාල ලැබූ විශේෂ කාර්ය බළකා භට පිරිසගේ තත්ත්වය බරපතළ නොවන බවද රෝහල් ආරංචි මාර්ග කියයි.

අරියාලේ ප්‍රදේශයේ නීති විරෝධී වැලි ජාවාරම් බහුලව සිදුවන බවත් නිලධාරින් එම ප්‍රදේශයේ මෙහෙයුම් වැඩි වශයෙන් සිදුකරන බවත් විශේෂ කාර්ය බළකාය පවසයි.

යාපනය මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වයි.

 



අදහස් (10)

යාපනයේ වැලි හොරු එස්ටීඑෆ් එකට වටකර පහරදෙති

chamath Monday, 18 March 2019 05:47 AM

අහන්න තියෙන්නේ සතුටුද දැන් කියල තමයි.....

:       70       716

සුරංග Monday, 18 March 2019 07:11 AM

වෙඩිතියන්න බැරිකම නෙවිනේ... අනික කාන්තාවෝත් ඉඳලා. හමුදාවේ, පොලිසියේ ඉවසීම අගය කරන්න ඕනේ.

:       1       334

sehan amarasinghe Monday, 18 March 2019 07:17 AM

වෙඩි තියපල්ලකෝ යකෝ ගහන්න එද්දී. එහෙම බැරි නම් කෙලින්ම රනිල්ට තියන්න.

:       56       534

Bandara Monday, 18 March 2019 08:16 AM

බලාගෙන සංහිදියාව හින්දානේ....

:       80       247

Amith Monday, 18 March 2019 08:58 AM

සංහිඳියාව නාමයෙන් කිසිවක් නොකරනු ඇත. නමුත් මහජාතියේ නම් උපරිම දඬුවම් දෙනු ඇත. අපේ රටට ගිය කලක්...

:       105       223

jayasekara Monday, 18 March 2019 09:02 AM

ඔව් චමත්.. මටත් එ්කමයි අහන්න තියෙන්නේ.. කස්ටියගෙන්...

:       36       27

Asanka Monday, 18 March 2019 09:04 AM

කොහොමද දකුණේ විශ්වවිද්‍යාල කොල්ලන්ට නෙලන නෙලිල්ල.... පොලිසිය, කදුළු ගෑස්, රබර් උණ්ඩ, බැටන් පොලු වලින්?

:       104       186

Perakum Monday, 18 March 2019 09:24 AM

පුළුවන් තරම් ඉක්මණට ආරක්ෂක හමුදා උතුර-නැගෙනහිරින් ඉවත් කර පොලිසිය පළාත් සභාවලට බාරදෙන්න. නියම සංහිඳියාව එතකොට බලාගන්න පුළුවනි..!

:       4       176

Mahee Monday, 18 March 2019 07:31 PM

සංහිඳියාවට බාධාවන කිසිවක් නොකරන්න. යාපනයේ, විල්පත්තුවේ, මඩකලපුවේ සිදුවන කිසිවකට විරුද්ධ නොවන්න. ඒවා සංහිදියාවේ සංකේත වේ.

:       0       41

සංඛ Friday, 22 March 2019 03:41 PM

වෙඩි තිබ්බේ නැති එක හොඳයි, නැත්නම් ඒකත් ජාත්‍යන්තර මාධ්‍යයේ යයි අහිංසක දෙමළ වැසියන්ට ගැහුවා කියලා. බටහිර, දෙමළ මාධ්‍යය බලන්නේ ලංකාවේ නම විනාශ කරන්නයි. හොඳම වැඩේ තමයි මීට පස්සේ ඔහොම දෙයක් කරන කොට ඒක රෙකෝඩ් කරන එකයි, ඊට පස්සේ යුටියුබ් එකේ දාන්න තියෙන්නේ. එතකොට මිනිස්සුන්ට ඇත්ත දැනගන්න පුලුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 625 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 175 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 509 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 125 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1751 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site