IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


යාපන වෙරළකට ගොඩ ගැසූ සිරුරු දෙකක් හමුවෙයි

( සිතුම්  චතුරංග)

යාපනය , වඩමාරච්චි ,සක්කෝට්ටෙටි හා මරදන්කේණි ප්‍රදේශයේ වෙරළෙට ගොඩගසා තිබූ තවත් මියගිය පුද්ගලයින්ගේ සිරුරු දෙකක් අද (03) ගොඩගසා ඇති බව පේදුරුතුඩුව පොලිසිය පවසයි.

සතියක පමණ කාලයක් තුල පේදුරුතුඩුව , මරදන්කේණි, ඩෙල්ෆ්ට් හා වැල්වැටිතුරෙයි ප්‍රදේශයෙන් වෙරළට ගොඩගැසූ සිරුරු පහක් මේ වන විට හමුව ඇතැයිද පොලිසිය පැවසිය.

පසුගිය 28 වැනිදා යාපනය, පේදුරුතුඩුව මනල්කාඩු හා වැල්වැටිතුරෙයි වෙරළ තිරයන් හි මියගිය පුද්ගලයින්ගේ සිරුරු දෙකක් , ඩෙල්ෆ්ට් ,මරදන්කේණි හා වැල්වැටිතුරෙයි යන ප්‍රදේශයේ වෙරළ තීරයේ පුද්ගල මළසිරුරු තුනක් හමුවී ඇතැයිද කීය.

මියගිය පුද්ගලයින්ගේ සියලුදෙනා පිරිමි පුද්ගලයින් වන අතර මේ වන තෙක් එම සිරුරු හදුනා ගැනීමට නොහැකිවී ඇති බවත් ඇතැම් සිරුරු හමුවන විට හානි සිදුව තිබූ බවත් පේදුරුතුඩුව පොලිසිය පැවසීය.

හමුවූ මළ සිරුරු සියල්ල මෙරටින් හෝ ඉන්දියාවෙන් ධීවර රැකියාව සඳහා පැමිණ යාත්‍රාව අනතුරටලක්වීමෙන් මියගිය පුද්ගලයින්ගේ සිරුරු විය හැකි බවට පොලිසිය සැක පලකරන බවයි.

පොලිසිය පැවසූයේ හමුවූ සියලු මෘත ශරීර හදුනා ගැනීම සඳහා මහජන සහය පතන බවත් ධිවර රැකියාවට ගොස් අතුරුදහන් පුද්ගලයින් සිටිනම් එ පිළිබඳ තොරතුරු පේදුරුතුඩුව පොලිස් ස්ථානයට දැණුම්දෙන ලෙසත් ඉල්ලා සිටින බවයි.

 හමුවූ සිරුරු පේදුරුතුඩුව මන්දිගායි රෝහලේ සහ යාපනය රෝහල්වල තැන්පත් කොට තිබේ.

පේදුරුතුඩුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත අමරසිංහ මහතා ඇතුළු පිරිසක් හමුවූ සිරුරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 

 

 

 



අදහස් (0)

යාපන වෙරළකට ගොඩ ගැසූ සිරුරු දෙකක් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න ව්‍යාජ ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 14 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 29 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 148 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 255 0

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


අරාබි රටේ ලාංකික කෑම විකුණන්න අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 05 168 0

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව


ලුණු මිල වැඩි වෙයි
2025 පෙබරවාරි මස 05 293 0

ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site