(සුජිත් හේවාජුලිගේ )
යම් යම් සංචරණ සීමා ඉවත් කිරීම රටින් කොවිඩ් ඉවත්වූ බව පෙන්වන සහතිකයක් නොවන බවත් ඒ ආකාරයට වැරදි අදහසක් ගෙන කටයුතු නොකරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
කොවිඩ් ආසාදිතයන් තවමත් හමුවන පසුබිමක ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.
අද පවතින ප්‍රතිඵල ළඟා කරගෙන ඇත්තේ ජනතාව බොහෝ සේ කැපවීම් කිරීමෙන් බව පැවසූ යුද හමුදාපතිවරයා ජනතාව බුද්ධිමත් ආකාරයට කටයුතු කළ නිසා කොවිඩ් පැතිරීම මේ ආකාරයට පාලනය කර ගැනීමට හැකිවූ බවද පෙන්වා දුන්නේය.
රටේ යම් යම් සීමා ඉවත් කරනු ලැබූවේ ජනතාවට සහන සැලසීම සඳහා යැයිද ශවේන්ද්‍ර සිල්වා මහතා කීවේය.
කොවිඩ් ආසාදිතයන් දිනපතා හමුවන නිසා ජනතාව මුව ආවරණ පැළඳ නිවෙස්වලින් පිටතට පැමිණීම වැදගත් බවත් එසේ කටයුතු නොකළහොත් අවදානම් තත්වයන් යළි ඇති විය හැකි බවද ඔහු පැවසූවේය.
මේ අතර රටේ ජනතාවගෙන් බහුතරයකට එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇති බව පැවසූ යුද හමුදාපතිවරයා වයස 16 ට වැඩි සියලු දෙනාට මාත්‍රා එකක් හෝ ලබා දී ඇතැයිද ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා යුද හමුදාව සදහා කොවිඩ් මර්ධන එන්නතේ තුන්වන මාත්‍රාව ලබාදීම යුධ හමුදාපතිවරයාගේ ප්‍රධානතත්වයෙන් යුධ හමුදා රෝහලේදී අද (01) ආරම්භ විය
(ඡායාරුපය: ශාන්ත රත්නායක )
පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකා කාර්යාලයට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබූ සේවකයන් හෙට (07) රාත්‍රී 11.59 සිට පඩි සහිත අන
ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ
බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
’’යම් යම් සීමා ඉවත් කිරීම කොවිඩ් ඉවරයි කියන සහතිකය නොවෙයි’’
මහසෙන් Monday, 01 November 2021 01:55 PM
හා... සතියකට පාරක්වත් ඇවිත් මොනවා හරි කියලා යන්න. නැත්නම් අමතක වෙයි...