IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


යුරෝපයේ රටවල් 8 කින් හිස්බුල්ලාට සහාය

මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛ නීතිඥවරයකු වන හිජාස් හිස්බුල්ලා මහතා වැනි මානව හිමිකම් ආරක්ෂා කරන්නන්ට ගරු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමින් යුරෝපීය රටවල් අටක මානව හිමිකම් තානාපතිවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ. නෙදර්ලන්තය, ජර්මනිය, එංගලන්තය ස්වීඩනය, එස්ටෝනියාව, ලිතුවේනියාව, ලක්සම්බර්ග් සහ ෆින්ලන්තය යන රටවල්වල මානව හිමිකම් තානාපතිවරුන් මෙම නිවේදනය නිකුත් කර ඇත.

කීර්තිමත් නීතීඥවරයකු වන හිජාස් හිස්බුල්ලා මහතා 2020 අප්‍රේල් මාසයේ සිට දිගින් දිගටම සිරගත කර සිටීම පිළිබඳව කනස්සල්ලට පත්ව සිටින බවද එම තානාපතිවරු පවසති. මාස 10 ක් රඳවා තබා ගැනීමෙන් අනතුරුව හිස්බුල්ලා මහතාට දැන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ වෙනත් නීති යටතේ කථනය ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබීම කනගාටුවට කරුණක් බවද ඔවුහු පෙන්වා දෙති.

හිස්බුල්ලා මහතා ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් ඇතුළු සුළුතර ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛයකු වන බවත් වෙනස් කොට සැලකීමේ ප්‍රතිපත්ති පිළිබඳ දැඩි විවේචකයකු බවත් සඳහන් කරන ඔව්හු, රටක මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා මානව හිමිකම් ආරක්ෂා කරන්නන්ගේ කාර්යභාරය ඉතා වැදගත් බවත් ඔවුහු සඳහන් කරති.

මානව හිමිකම් ක්‍රියාකාරීන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ට හිංසා සිදුවීම වැළැක්වීම සඳහා රජයන්ට විශේෂ වගකීමක් ඇතැයි ද පෙන්වා දෙන එම තානාපතිවරු, හිස්බුල්ලා මහතා වැනි මානව හිමිකම් ආරක්ෂා කරන්නන්ට ගරු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටීම සඳහා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ඇතුළු පිරිස සමග එක්වන බව ද ප්‍රකාශ කරති.



අදහස් (6)

යුරෝපයේ රටවල් 8 කින් හිස්බුල්ලාට සහාය

රාජන් Thursday, 11 March 2021 03:28 PM

ඒ විතරද? ඇයි සහරාන් වැනි මානව හිතවාදී මුස්ලිම් නායකයෙකුගේ සහ ඊබ්‍රහීම් සහෝදරයන් වැනි දානපති දෙපලකගේ මරණ පිළිබඳව කම්පාවෙමින් ප්‍රකාශයක් නිකුත් කළා නම් වැඩේ උත්කෘෂ්ටයි, අතිවිශිෂ්ටයි ...!

:       24       69

මුණසිංහFriday, 12 March 2021 06:21 AM

ඔන්න අන්තවාදීන් හඳුනාගන්න හොඳ වෙලාව. හිජාස් කරපු දේවල් රටේ ඔක්කොම දන්නවා. එයා ආරක්ෂා කරන්න කියන්නේ හොඳම අන්තවාදීන්. හිස්බුල්ලව බේරගන්න ට්‍රයි කරන අය හඳුනාගත්තොත් සහරාන්ව මෙහෙයවුයේ කවුද කියලා හොයාගන්න පුළුවන්.

:       2       7

Raveendra Thursday, 11 March 2021 03:57 PM

මෙම යුරෝපා රටවල් 8 පාස්කු ප්‍රහාරයෙන් මියගිය ඒ අහිංසක අපේම සහෝදර කිතුණු ජනතාව අමු අමුවේ මරාදැමීම සාධාරණීකරණය කර ඇති බව මනා ලෙස පෙනෙන්නේ අපට පමණද? මානව හිමිකම් ක්‍රියාකාරින් යයි හඳුන්වන ඕනෑම "ඌරෙකුට" අනිකාගේ මානව හිමිකම් කැඩීමට හැකිද යන්න මෙම නිවට යුරෝපා රටවල් 8න් ම අප විමසන්නෙමු.

:       21       62

Kule Thursday, 11 March 2021 06:19 PM

මානව හිමිකම් ආරක්ෂා කරන නිලධාරියෙකුගෙන් ඔහුගේ වාර්ගික යටිඅරමුණු ක්‍රියාත්මක වෙන්න බැරිද? එහෙම නොවේ කියා සහතික වෙන්නේ කොහොමද?

:       2       0

sam Friday, 12 March 2021 07:54 AM

මේ අන්තවාදියා වෙනුවෙන් කතා කරන්නේ අන්තවාදීන්ට උදව් කරන අය විතරයි. අන්තවාදීන් පෝෂණය කරනවා..

:       2       4

SL Monday, 15 March 2021 05:57 AM

අම්මෝ කොහොමද ඒක?. යුරෝපයම බලන් ඉන්නේ, කොටි, ISIS නැගිටලා මේක ආයෙත් ගිනි ගන්නකල්.... කාලකන්නි. ඔක්කොම එකතුවෙලා එම්බසි ළඟ විරෝධතාවක් තියමුද? මතකයිනේ මානව හිමිකම් රෙද්ද පල්ලෙන් ගිය අවුරුද්දේ බේරුණා...!!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 210 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 163 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 819 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 227 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 688 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 152 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site