IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


‘‘යුරෝපා පාර්ලිමේන්තුව සම්මත කළ යෝජනාවේ සාවද්‍ය කරුණු ‘‘

( තිළිණි ද සිල්වා)

ශ්‍රී ලංකාවේ තත්ත්වය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යන කරුණු අඩංගු කර යුරෝපීය පාර්ලිමේන්තුවේදී සම්මත කළ ශ්‍රී ලංකාව පිළිබද යෝජනාව සාවද්‍ය කරුණු මත පදනම්ව සිදු කළ එකක් යැයි විදේශ අමාත්‍ය දිනේෂ ගුණවර්ධන මහතා මෙරට සිටින යුරෝපා සංගමයට අයත් රටවල තානාපතිවරුන් හමුවේ දැන්වූ බව විදේශ අමාත්‍යාංශය පවසයි..

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ විදේශ අමාත්‍යාංශයේ දී කොළඹ යුරෝපා සංගම් නියෝජිත සංගමයේ වැඩබලන තානාපති තෝර්ස්ටන් බාර්ග්ෆ්‍රෙඩ් මහතා සහ කොළඹ සිටින ප්‍රංශය, ඉතාලිය, රුමේනියාව, ජර්මනිය සහ නෙදර්ලන්තය යන රටවලින් පැමිණි යුරෝපා සංගමයේ තානාපතිවරුන් හමුවූ අතර එහිදී විදේශ අමාත්‍යවරයා මේ බව පවසා ඇත.

ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රතිසන්ධානය සහ සංවර්ධනය පිළිබඳ ප්‍රගතිය අදාළ යෝජනාවේදී සැලකිල්ලට ගෙන නොමැති බවත් , එලෙස තිබියදී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය කනගාටුව පළ කරන බව විදේශ අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී එම තානාපතිවරුන්ට දැනුම් දී ඇත.

සම්මත කරනු ලැබූ යෝජනාව මගින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් හෝ වෙනත් සුළුතර කණ්ඩායම් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රමානුකූලව භාවිතා කර ඇති බවට කරනු ලබන ප්‍රකාශය රජය ප්‍රතික්ෂේප කරන බවද විදේශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (11)

‘‘යුරෝපා පාර්ලිමේන්තුව සම්මත කළ යෝජනාවේ සාවද්‍ය කරුණු ‘‘

Don Tuesday, 15 June 2021 05:19 PM

ඕවා කොණ්ඩේ බැඳපු චීන්නුන්ට කියන්න..

:       38       272

weththasinghe - uk Tuesday, 15 June 2021 05:22 PM

බලාගෙන, ඒ අය මේ බොරු අහලා ඒ යෝජනාව අයින්කරගනියි කියලද හිතන්නේ...? මේ රටේ මානුෂික හිමිකම් උල්ලංඝනය වෙන බව චූටි ළමයි පවා දන්නවා. හෙට අනිද්දා වෙනකොට GST සහනයත් කපනවාලු. මේ දියුණු රටවල් අපිව දකින්නේ අන්ත ගෝත්‍රික සත්ව වර්ගයක් ලෙසයි. ඒ සියල්ලටම හේතුව මේ නූගත් පාලකයින්.

:       573       465

සමන්ත Tuesday, 15 June 2021 05:40 PM

සත්‍යය පෙනී පෙනී ඇයි මේ බොරු කියලා ලෝකේ ඉස්සරහා සවුත්තු වෙන්නේ... දිනේෂ් ලා වගේ අය කියන දේවල් පිලිගන්න කම් මෝඩයින් යුරෝපා රටවල් වල තානාපති සේවයේ නෑ. ඔය හදන්නේ තියෙන ඇයි හොඳයිකමුත් නැති කරන්න. සරත් වීරසේකර සැසියෙන් පස්සේ ලොකු ටෝක් දෙනකොට අපි කිව්වා වැඩිය උඩ පනින්න එපා කියලා. මුස්ලිම් මිනිසුන්ගේ භූමදාන ප්‍රශ්නයක් තිබ්බේ නැද්ද? හිජාස් හිස්බුල්ලාව අත්අඩංගුවට ගත්තේ නැද්ද? අසාත් සාලි ඉන්නේ හිරේ නෙමේද​? ඇයි මේ බොරු වලින් රට හෑල්ලු කරන්නේ? ගොබ්බයින්.

:       419       745

fairoos Tuesday, 15 June 2021 05:57 PM

වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ.

:       373       207

මාර්ටින් Tuesday, 15 June 2021 05:58 PM

අනේද කියන්නේ?

:       19       113

thilak Tuesday, 15 June 2021 06:01 PM

කාදිනල්තුමාගෙන් අහන්න...

:       2       48

එරාන් Tuesday, 15 June 2021 06:19 PM

අශ්වයා ගිය පසු ස්ථාලය වසන විදේශ අමාත්‍යාංශය...

:       0       207

ජනයා Tuesday, 15 June 2021 06:19 PM

විදේශ අමාත්‍යතුමා දැන්ද ඇහැරුනේ.., දැන් ඕවා අපිට කියලා හරියනවද? පෙර හැරගියාට පස්සේ... මේ ඔක්කොම ෆේල්....

:       0       113

rocky Tuesday, 15 June 2021 06:29 PM

මේ දිනේෂ් මහත්තයෝ... ඕවා චීන්නු විතරයි විශ්වාස කරන්නේ... ඒත් කොණ්ඩේ බැඳපු චීන්නු.. !!!

:       54       212

බද්රානි Tuesday, 15 June 2021 08:24 PM

කොහොමද මේ කරුණු සාවද්‍ය වන්නේ? මේ සියලුම චෝදනා සත්‍යයි. ලංකාවේ සිටින පල් මෝඩයින්ව රවටනවා වගේ යුරෝපා පාර්ලිමේන්තුවත් රවටන්න වෙන්න ඇති මේ දඟලන්නේ? අර සම්ප්‍රදායට ඔය තානාපතිවරු ඔතනට ආවත් ඒ අය හොඳින් දන්නවා ලංකාවේ තක්කඩි පාලකයින්ගේ කෙරුවාව. ඔය ස්ථානයේ කතෝලික පුජකයෙකුත් ඉන්නවද? ඒක එහෙම නම්, ඔහු මොනවද එතන කරන්නේ? දේශපාලකයින්ගේ නැට්ටේ එල්ලිලා ස්වර්ගයට යන්න හදනවා වත්ද? කාදිනල්ගේ චක් ගෝලයෙක් වත්ද? පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් හොයනවා වද්ද මෙතන? එහෙම නැත්නම් කතෝලික ආගම විකුණාගෙන කන්න හදනවා වත්ද? ලැජ්ජයි...!!

:       307       221

alwis Wednesday, 16 June 2021 01:48 AM

ප්‍රධාන හේතුව පෙරදිග රටවල් රාජපක්ෂලාට කැමති නැති බව... රනිල් හරි, සජිත් හරි හිටියානම් ඕක මේ තරම් දුරදිග යන්නේ නැහැ. පිටරටවල සිටින දෙමළ සංවිධාන දිගටම ඒ ඒ රටවල්වල පාලකයින්ට දිගටම මේ ගැන මැසිවිලි නගනවා.

:       3       6

ඔබේ අදහස් එවන්න

 

දියත

අක්මීමන වෙඩික්කරුවන්ගේ බවට සැක යතුරු පැදි දෙකක් හමුවේ
2025 මාර්තු මස 13 374 0

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව


රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 281 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 451 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 1358 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 1110 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1511 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 199 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 463 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 242 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site