IMG-LOGO

2024 දෙසැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම වැඩ අරඹයි

(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායම නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු අද (22) නිල වශයෙන් ආරම්භ කළේය.

යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක වන මරිසා මටියාස් මහත්මිය යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර දිමිත්‍රා යුවානෝ  මහත්මිය එහි දෙවැන්නා ලෙස කටයුතු කරන්නීය.

විශේෂඥයන් නව දෙනකු ඇතුළු දීර්ඝකාලීන අත්දැකීම්වලින් සමන්විත 30 දෙනකු-ගෙන් සමන්විත කණ්ඩායමක් මෙවර ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර ඔවුහු කණ්ඩායම් 9ක් ලෙස මෙරට පළාත් නවය ආවරණය වන පරිදි මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල නිරත වෙති.

මැතිවරණ දිනයේදී තවත් පිරිසක් යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායමට එක්වීමට නියමිත අතර ඒ අනුව මැතිවරණය පැවැත්වෙන නොවැම්බර් 16 වැනිදා මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල නිරත වන සම්පූර්ණ පිරිස 80ක් බව ද එම කණ්ඩායම සඳහන් කළේය. අවසාන දිනයේ මැතිවරණ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකයන් 7 දෙනකුගෙන් සමන්විත දූත පිරිසක් ද මෙරටට පැමිණීමට නියමිතය.

මෙවර මැතිවරණ නිරීක්ෂණ කටයුතුවලදී නෛතික රාමුව, මැතිවරණ පරිපාලනය, ඡන්ද ලියාපදිංචිය, මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලිය, සමාජ මාධ්‍යය ඇතුළු මාධ්‍යය භාවිතය, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණනය හා සැසඳීම, ප්‍රතිඵල නිකුත් කිරීම යන අංශ ආවරණය වන පරිදි මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල නිරත වේ.

(ඡායාරූප - නිමලසිරි එදිරිසිංහ)



අදහස් (1)

යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම වැඩ අරඹයි

dad Tuesday, 22 October 2019 09:06 PM

යුරෝපා මිනිසුන්ගේ බදු මුදල් අපරාදේ , කවුරු කලත් අපරාද . මේ සැරේ මෙයලට වැල්ලේ ඉන්න අපහසු වෙයි වගේ වැස්ස කලින් ඇවිල්ලනේ .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සහල් නිෂ්කාශනය ආරම්භයි
2024 දෙසැම්බර් මස 26 563 0

ආනයනික සහල් නිශ්කාශන කටයුතු රේගුව නැවත ආරම්භ කළ බව අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා අද (26) පස්වරුවේ පැවසීය.


හරි පාරෙන් ඊශ්‍රායලයට ගිය කණ්ඩායමකට යළි රට යන වරම්
2024 දෙසැම්බර් මස 26 749 0

නීත්‍යානුකූල අයුරින් ඊශ්‍රායලයේ කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව ගොස් මෙරටට පැමිණ යළි ඊශ්‍රායලයේ සේවය කිරීමට අවස්ථාව හිමිවූ ශ්‍රී ලාංකි


තව දිස්ත්‍රික්ක තුනක වගා හානි පරීක්ෂා 29දා අවසන්
2024 දෙසැම්බර් මස 26 70 0

මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක තුනේ වගා හානි පරීක්ෂා කටයුතු මෙම 29 වැනිදා අවසන් කරන බව කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසයි.


ගෙළෙහි ඇණුන ලී දඬුවක් සාර්ථකව ඉවත් කරයි
2024 දෙසැම්බර් මස 26 703 0

ගෙළෙහි ලී දඬුවක් ඇනී අසාධ්‍යව වවුනියාව රෝහලට අ‍ැතුළත් කළ පුද්ගලයකුගේ එම ලී දඩුව සැත්කමකින් සාර්ථකව ඉවත් කර රෝගීයාගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කළ බව


’’කුඩු ලෝලියා ඇල්ලුවට කුඩු මුදලාලි ඇල්ලුවේ නෑ’’
2024 දෙසැම්බර් මස 26 995 0

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිඳු දේශපාලනමය බාධාවක් නොමැති බවත් මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට තරුණයින් බේරාගැන


අනවසර විදුලි රැහැනේ පැටලී මරුට
2024 දෙසැම්බර් මස 26 222 0

කොස්ගොඩ පැලෑගස්පළාත ප්‍රදේශයේ වගා ආරක්ෂා කර ගැනිම සඳහා වෙල් යායක ඇදතිබු අනවසර විදුලි රැහැනක පැටලි මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) සොයාගත


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 126 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 112 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 82 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site