IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


‘යාල‘ ආපන ශාලාව හෙට සිට විවෘතයි

(එම් .කේ .නන්දසේන)     

යාල ජාතික වනෝද්‍යානයේ වසා දමා තිබූ ආපන ශාලාව වන ජීවි අමාත්‍යාංශයේ උපදෙස් පරිදි හෙට (15) පෙරවරුවේ යළි විවෘත කෙරේ.

වසරකට වැඩි කාලයක් මෙම ආපනශාලාව වසාදමා තිබූ අතර දෙස් විදෙස් සංචාරකයින් මෙම කාලය තුළ විවිධ අපහසුතාවයන්ට පත්වූහ .
 
මෙම ආපනශාලාව යාල පලටුපාන සීමාවේ පිහිටුවා ඇත.
 
 මීට අමතරව උද්‍යානය තුළ පවතින සියලුම අබලන් මාර්ග අලුත්වැඩියා කිරීමටද  පියවර ගෙන ඇතැයි වනජීවී  නිලධාරියෙකු පැවසීය.                         



අදහස් (4)

‘යාල‘ ආපන ශාලාව හෙට සිට විවෘතයි

ravi Thursday, 14 February 2019 09:20 AM

දැන් ඉතින් කැලේ ඉන්න සත්තුටික.. මෙතනම මරාගෙන කයි නේද..?

:       1       37

sirimal Thursday, 14 February 2019 10:08 AM

යාල පමණක් නෙවේ... අනෙකුත් සියලුම වනඋයන් වල සංචාරකයින් සඳහා අවශ්‍ය පහසුකම් නවීකරණය කළ යුතු වෙයි. ලංකාවේ සංචාරකයින්ගේ සිත් දිනා ඇති බොහෝ තැන්වල හරි හමන් භෝජන ශාලා හෝ වැසිකිලි පහසුකම් නැත. ලෝකයේ ජනප්‍රියම වනෝද්‍යාන ඇති අප්‍රිකාවේ රටවල වනඋයන් මැද්දේ තැනින් තැන අාහාර ගැනීම සඳහා ආසන සහ මේස සහිත ආරක්‍ෂිත ස්ථාන මෙන්ම ඉතාම පිරිසිදු වැසිකිලි පවත්වාගෙන යන අතර එම තැන් පිරිසිදුව තබා ගැනීම සඳහා සේවකයින්ද යොදවා ඇතිබව අපි දැක ඇත්තෙමු. මේ සේවා සපයන්නේ මුදල් අයකිරීමකින් තොරවය. මෙයට අමතරව මෙම වන උයන් තුළ හදිසි ආපදාවන් සඳහා උදව් ලබාගත හැකි වාහන අලුත් වැඩියා කරන තැන් සහ ඉන්ධන ලබාගත හැකි තැන්ද ස්ථාපිත කර ඇත. එම වන උයන් තුළ අප රටේ මෙන් වාහන තද බදයක් දක්නටද නැත. රට තුළ ගමන් කරන විට ගිමන් හැරීමට, ආහාරපාන ලබා ගැනීමට සහ වැසිකිලි භාවිතා කිරීමටත් ඉතාම උසස්, පිරිසිදු අන්දමට පවත්වාගෙන යන ආපන ශාලා ඇත. මේ රටවල් ලංකාවට වඩා ධනවත් හෝ දියුණු ඒවා නොවේ. එසේවුවත් ඒ රටවල සංචාරකයින් සඳහා අවශ්‍ය පහසුකම් අපට වඩා හොඳින් සපයයි. " අලිවැට" ද තවත් උදාහරණයකි.

:       0       129

lankaThursday, 14 February 2019 11:54 AM

අප්‍රිකාවේ රටවල වනඋයන් වල එතරම් තදබදයක් නැත්තේ, එම වන උද්‍යාන ලංකාවේ උද්‍යානවලට වඩා බිම් ප්‍රමාණයෙන් විශාල බැවිනි. ලංකාවේ සංචාරකයින් සඳහා පහසුකම් අඩුව ඇත්තේ, ආකල්පමය වශයෙන් ලංකාවේ මිනිසුන්ගේ පරමාර්ථය හැකිතාක් අඩු පිරිවැයක් දරා, වැඩි අදායමක් ලබා ගන්නට තැත් කිරීමයි.

:       0       56

sirimalThursday, 14 February 2019 12:38 PM

සම්පුර්ණ ඇත්ත. සේරන්ගෙටි, මසයි මාරා වගේ වන උයන් අති විශාලයි. අප්‍රිකාවේ සමහර වනෝද්‍යාන, පෞද්ගලික ඒවා. එතරම් විශාල ඒවා නොවේ. නමුත් මේවා තුලත් උපරිම පහසුකම් සලසා තියෙනවා. වන උයන් තුල ඇති නවාතැන් පහසුකම් පවා ඉතාම හොඳින් පවත්වාගෙන යනවා. ලංකාවේ ඇති නවාතැන් ඒවාට සමවීමට තියා ගව් ගානකින් වත් කිට්ටුවීමට බැරි කසි කබල් ඒවා බව කනගාටුවෙන් උවත් කිව යුතුයි. සිම්බාබ්වේ රටේ ඇති වන උයන් එතරම් විශාල නැහැ. වික්ටෝරියා දිය ඇල්ල, සැම්බීසී ගංගාව වගේ ස්ථාන වල සියලුම අත්‍යාවශ්‍ය පහසුකම් ඉතා හොඳට පවත්වා ගෙන යනවා. ඒ වගේම රටවල් තුල ගමන් බිමන් යාමේදීත් තැන තැන තේ බිමට සහ විවේක ගැනීමට පිරිසිදු මෙන්ම උසස් ප්‍රමිතියකින් යුතුව පවත්වාගෙන යන ස්ථාන තියෙනවා. බොහෝ තැන්වල අත්කම් සහ සිහිවටන ආදිය මිලදී ගැනීමටත් පුළුවන්. පාරිබෝගිකයාගේ මුහුණ බලා මිල ගණන් කියන බවක් අප දුටුවේ නැහැ. භාණ්ඩ වල මිල ඒවායේ සඳහන් කර තිබීම සාමාන්‍ය දෙයක්. මේ කොහෙවත් තැනක ජීප් රියදුරන් අයතා අයුරින් හැසිරෙනු අප දැක නැහැ. ඔවුන් කියන්නේ "සත්තු නිසයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා අපි මේ සතුන් ආරක්ෂා කල යුතුයි"කියායි. මේ රටවලින් අපට බොහෝදේ ඉගෙන ගන්න පුළුවන්.

:       0       28

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 621 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 175 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 506 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 124 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1745 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site