(තිලකරත්න දිසානායක)
කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට දින දහයක් ඇතුළත ඇදන් 10,000 ක් සැපයීමට පොදුජන පෙරමුණ යෞවන සමාජය ඇතුලු ස්වේච්ඡා සංවිධානයන් මගින් කටයුතු කරමින් සිටින බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම ගම්පහ , වැරැල්ලවත්ත ප්‍රදේශයේ දැනට භාවිතා නොකරන ඇගළුම් කම්හක් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස සකස් කිරීම නාවික හමුදාව මගින් සිදු කරන අතර එහි කටයුතු නිරීක්ෂණය සදහා පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.
කොවිඩ් 19 රෝග තත්ත්වය ව්‍යාප්තිය පාලනය පිනිස රජය විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කොට ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල කැපවීමකින් යුතුව මැදිහත්ව කටයුතු කරන බවත් පැවසූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, මෙම අවස්ථාවේ දේශපාලන භේදයකින් තොරව සැවොම සහාය ලබා දීම කළ යුතුව ඇතැයිද කියයි.
යෞවන සමාජ ඇතුලු ස්වේච්ඡා සංවිධාන මගින් සකස් කරනු ලබන ඇදන් 10,000 සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත කඩිනමින් බාරදීමට පියවර ගන්නා බවද හෙතෙම සඳහන් කරයි.
බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය
මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස
බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
යෞවන සමාජ කොරෝනා රෝගීන් ඇඳන් දසදහසක් හදන්න යයි
Nihal Saturday, 08 May 2021 11:48 AM
ටොයිලට් ඇතිවෙන්න හදන්න, හරිම අපිරිසිදුයි. යන අයමයි වනසන්නේ.
malkoha Saturday, 08 May 2021 12:21 PM
මේ කොරෝනා ව්‍යසනයේදී පුළුවන් තරම් ඇඳවල් හැදීම අතීසාරයට අමුඩ ගැසීම වැනි දෙයකි. රටට දැන් අවශ්‍ය වන්නේ මහා ව්‍යසනයක් වීමට කලින් රෝගය පැතිරීම පාලනය කිරීමයි. නැතිනම් අපි හැමෝටම, හදන ඇඳවල් උඩම අවසන් හුස්ම හෙලන්න වෙයි. දැනටමත් ඉස්පිරිතාලවල් වල ලෙඩ්ඩු පිරිල ඉන්නෙ. සෞඛ්‍ය සේවකයෝත් හෙම්බත් වේගෙන එන්නෙ. ලෙඩ්ඩුන්ට ඇඳක් දුන්නම ලෙඩේ හොදවෙනව කියල තමයි අපේ රට කරන දේශපාලුවෝ හිතාගෙන ඉන්නෙ. අවශ්‍ය උපකරණ, වෛද්‍යවරු, හෙද හෙදියන් කොහෙන්ද ගේන්නෙ.
banda Saturday, 08 May 2021 12:39 PM
පිස්සු නැතිව කෙරොනා රෝින්ට ගෙදර ඉන්න කියන්න හුස්ම ගනන අපහසුනම් ළගම රෝහලට ඒනන කියන්න
Senaka Saturday, 08 May 2021 02:19 PM
එහෙම හරි යනවනම් මිනිස්සු ගෙදර ඇඳවලුත් ගෙනත් දෙයි. හැබැයි මේ වැඩබැරි දාසලා ඇඳක එල්ලිලා හරි ගොඩ යන්න හදන හැටි නම් අප්‍රසන්නයි . තාප්පවල යක්කු ඇඳපු අයට පුලුවන් ඔය ඇඳන් හදන ගමන් පඹයො ටිකකුත් හදන්න. මොකද ඇඳන් තිබ්බ පලියට කොරෝනා මර්ධනය කරන්න බැරි නිසා.