(අංජුල මහික වීරරත්න)
යහපාලන රජය සමයේ ගුරු වැටුප් විෂමතාව ඉවත් කරන්නට කැබිනට් අනුමැතිය ද ගෙන ඉතිරිවී තිබුණේ ගෙවීම් කටයුතු කරන්නට පමණක් යැයි ද යහපාලනය එලෙස කටයුතු කළේ රුපියල් 10,000කින් වැටුප වැඩි කර තිබූ පසුබිමක යැයි ද හිටපු අධ්‍යාපන අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය .
ජනාධිපතිවරණය,ව්‍යවස්ථා කුමන්ත්‍රණය ආදිය නිසා අදාළ ගෙවීම් කටයුතු කරන්නට හැකි වුණේ නැති බව කී කාරියවසම් මහතා මෙම ගුරු ප්‍රශ්නය වසර විසි හතරක් තිස්සේ පවතින එකක් බව වෘත්තිය සමිති කියන බවත් 1994 වසරේ සිට මේ රටේ හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරුන් බව සිහිපත් කළ යුතු බවත් සඳහන් කළේය.
පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී කාරියවසම් මහතා මෙි බව කීය .
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
‘යහපාලනය ගුරු වැටුප් ප්‍රශ්න විසඳන්න කැබිනට් අනුමැතියත් දුන්නා’’
කිරි පුතා Wednesday, 04 August 2021 10:41 AM
ගෙවීම් පටන් ගන්න එපැයි. දැන් කියන්නෙ මොකටද ? කොවිඩ් තත්ත්වය පුරාම සම්පූර්ණ වැටුප ගත්තෙ රජයෙ සේවකයන් පමණයි. ඔවුන්ට අවබෝධයක් තියෙන්න ඕන අද රට පවතින ආර්ථික අපහසුතාව ගැන. මේ වෙලාවෙ පඩි වැඩිකරන එක නෙවෙයි පඩි ගෙවන එකත් පුදුමයක්.
RaveendraWednesday, 04 August 2021 11:20 AM
ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය. අප බලයේ ඉන්න "හරකුන්ට" කඩේ යනවා නොව එලෙසම විපක්ෂේ ඉන්න "මිහරකුන්ගේ" ඇවිලෙන ගින්නට පිදුරු දැමීමේ ක්‍රියාවට උදව් කරනවාද නොව අප සෑම පුරවැසියකුම අවංකව මේ අවස්තාව පක්ෂ බේදයකින් තොරවරටේ තත්වය තේරුම් ගත යුතුයි යන්න අපගේ අදහසයි. ඕනෑම දෙයකට නිදහසට කරුණු කියනවා යනු වැඩ නොකරන හරකුන්ගේ පැහැදිලි ගති ලක්ෂණයක් බව නොරහසකි... මේ අකිලයාටත් වෙලා තිබෙන්නේ එයමය. අපි කරා එත් හරියට සම්පුර්ණ කරන්න ඉඩ දුන්නේ නැහැ වැනි ගොන් තකතීරු මෝඩ තර්කවලින් මුන්දලාව මිනිසුන් තව තවත් ඈත්කරනවා නොවේද ?? ඒ සුළු දෙයවත් තේරුම් ගැනුමට මොලයක් නොමැති මීහරක්...නොදකින්...ඒ වුනාට හිටපු අධ්‍යාපන ඇමතියාලු...ලැජ්ජයි ගොයියෝ ලැජ්ජයි...
Hamid Wednesday, 04 August 2021 11:06 AM
දැන් ටික ටික මූන පෙන්නනවා .ආයෙත් ආඳා වගේ යන්නේ
duminda Wednesday, 04 August 2021 11:35 AM
මොනවා වුණත් අකිල අධ්‍යාපනය වෙනුවෙන් හුඟක් දේවල් කළා. ඡන්දෙ කාට දුන්නත් කරපු දේ අගයන්න ඕනෑ...
මුණසිංහ Wednesday, 04 August 2021 01:53 PM
ඇත්ත, අපි දන්නා විදියට පාසල් පරිපාලනය සියල්ල අවුල් කලා. ආපු ගමන් රෝයල් ඇතුළු ඉහළම පාසල් කීපයකට තමන්ගේ හෙංචයියලා දැම්මා . ගුරුවරුන් මාරුවීම් වලට සංගම් වල කට්ටිය දාල තමන්ගේ වැඩ ටික කරන්න ඉඩ දුන්නා.
උපතිස්ස Wednesday, 04 August 2021 02:16 PM
රුපියල් 10000 කින් පඩි වැඩි කරපු එක තමයි ඔහෙලා කරපු ලොකුම ගොන්කම. රාජ්‍ය සේවකයා ඉදිමුණා. කටුස්සන්ගේ කරේ රත්තරන් බඳින්න ගිහින් ඉල්ලන් කෑවානේ. පඩිවැඩි කළාම ඡන්දෙ ගන්න පුළුවන් කියලා හිතුවා. අන්තිමට වුණේ රටේ ආර්ථිකය වැටිච්ච එක විතරයි.
SUNIL MILANO Wednesday, 04 August 2021 03:34 PM
රුපියල් දසදහසක් වැඩි කරනවා කියලා කටින් බතල කොළ සිටවුවා පමණයි .ඊට එහා කරපු දෙයක් නැහැ