IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


රැකියා අහිමිවූ විගමනිකයන්ට ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙන් සහන ඉල්ලයි

(විනීතා එම් ගමගේ)

කොවිඩ් 19 වසංගතය පැතිරයාම හේතුවෙන් රැකියා අහිමිවූ විගමනික ශ්‍රමිකයන්ට යළි රැකියා සොයා දීමට හා ඔවුන්ට යම් වන්දි මුදලක් ලබා දීමට සහය වන්නැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙන් ඉල්ලීමක් කර ඇත.
 
එම ඉල්ලීම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාවේ  නියෝජිත සිම්රිත් සිංග් මහත්මිය සමඟ ඉකුත් දා කම්කරු අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවක දී ඉදිරිපත් කර ඇති අතර එකී ඉල්ලීම සිම්රිත් සිංග් මහත්මිය භාරගත් බව කම්කරු අමාත්‍යංශය කියයි.
 
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව නිසි වේතන ලබාගැනීම හා වීසා ලබා ගැනීමේ දී ඇතිවන ගැටළු මෙන්ම රැකියා නියෝජිතයන් විසින් විශාල මුදලක් අයකිරීම වැනි කරුණු කෙරෙහි ද අමාත්‍යවරයා නියෝජිතවරිය ගේ අවධානය යොමු කළේය.
 
එතෙර රැකියා නියෝජිතයින් විශාල මුදලක් අයකරන බැවින් දේශිය රැකියා නියෝජිතයින් විශාල මුදලක් අයකරන්නට සිදුව ඇතැයි ඔවුන් පවසන බැවින් විදේශ රටවල නියෝජිතයින් විසින් අයකරන ගාස්තු අඩුකර ගැනීමට මැදිහත් වන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා ඇත.
 
එමෙන්ම රැකියා සඳහා විදේශ ගතවන ශ්‍රමිකය්නට වීසා ලබා ගැනීමේ ක්‍රමවේදය පහසු කිරීමට මැදිහත් වන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලා තිබේ.
 
මෙරට කම්කරු නීතිරීති ගෝලීය ක්‍රමවේදයන්ට අනුව වෙනස් කිරීමට තමන් විසින් මේ වනවිටත් පියවර ගෙන ඇතැයි ද කම්කරු අයිතීන් ආරක්ෂා කිරීම හා ක්මකරුවන් හා හාම්පුතුන් අතර සුහදශීලී සම්බන්ධතාවක් ඇති කිරීමට කම්කරු අමාත්‍යංශය හා රජය පියවර ගන්නා බව ද මෙම සාකච්ඡාවේ දී අමාත්‍යවරයා පවසා තිබේ.



අදහස් (3)

රැකියා අහිමිවූ විගමනිකයන්ට ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙන් සහන ඉල්ලයි

Kamal Koyrala Sunday, 30 August 2020 10:18 AM

හොඳ අදහසක්, මෙය ක්‍රියාත්මක විය යුත්තේ මන්ත්‍රී, ඇමැති ලිස්ට්වලට නොවේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවෙලා ගිය අයටයි. ලෝක කම්කරුවෙන් වෙන වැඩක් නෙවේ. මොකද ලෝකයටම දෙන්න එයාලාට බැහැ. කෝටි ගාණක වන්දිමුදල් කෝ කියලා නිමල් ඇමැති තුමා බලලා ඒකෙන්වත් ගෙවන්න. ඒක කාගේවත් සල්ලි නෙමෙයිනේ ආණ්ඩුව තියාගෙන ඉන්නේ..

:       0       0

achini Sunday, 30 August 2020 11:21 AM

ඉල්ලද්දීත්, පිළිතුරු දෙද්දීත් මෙයා නිදි.

:       0       0

de silva Sunday, 30 August 2020 11:43 AM

අපේ විදේශ ශ්‍රමිකයෝ 17500 බැගින් විදේශ සේවා එකේ රක්ෂණ ගාස්තු ගෙවලා රට යන්නේ... එම මුදල්වලින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයන්න. එම ගිණුමේ මුදල් නිලධාරියෝ සහ දේශපාලකයෝ එකතුවෙලා හොරෙන් ගෙනනම් පිටරටවලට අතපාන්නේ නැතිව, ගුවන් තොටුපළ අපේ පුරවැසියන් සඳහා විවෘත කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 499 1

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 704 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 196 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 199 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 803 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 260 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site