(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ශ්‍රී ලංකා වරාය අධිකාරිය ආනයනය කළ රුපියල් කෝටි 1149ක් වටිනා දොඹකර යන්ත්‍ර තිස් හයකට රේගු සටහන් ඉදිරිපත් නො කිරීමේ චෝදනාව යටතේ රුපියල් කෝටි 158 ක දඩ මුදලක් පනවා ඉන් කෝටි හැත්තෑ නමයකට වැඩි මුදලක් ඇතැම් රේගු නිලධාරීන් ත්‍යාග මුදල් ලෙස ලබා ගැනීමට දැරූ උත්සාහයක් පිළිබඳව තොරතුරු හෙළිවී ඇතැයි රජයේ ගිණුම් පිළිබද පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) පවසයි.
මේ සිද්ධිය සිදුවී ඇතැයි පැවසෙන්නේ 2011වර්ෂයේදීය.
මෙම ගැටලුව විසඳීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් කමිටුවක් පත්කෙරුණු බවත් කමිටුවේ නිර්දේශ මත එම දණ්ඩන මුදල අඩු කළ බවත් රේගු ප්‍රධානීන් කෝපා කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇත.
එසේම මෙය ආයතන දෙකක ගැටලුවක් හෙයින් එය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නා ලෙස නීතිපතිවරයා දැනුම් දී ඇතැයිද එම ප්‍රධානීන් වැඩිදුරටත් පවසා ඇත.
මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධානින් ඉදිරි දිනක නැවත කැඳවීමට රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර ඇත .
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව
ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.
වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
රේගුවේ තෑගි සෙල්ලම අතේ මාට්ටු
Raveendra Thursday, 28 October 2021 07:05 AM
මේ නිලධාරින් යනු පුදුම කාලකන්ණි හැත්තක් නොවේද....නුඹලාට අහිංසක මහජනතාවගේ සාපය නිතැතින්ම ලැබෙන බැවින් එවන් සාපයකින් බේරීමට තොපි වගේ කාලකන්ණින්ට කිසිසේත්ම නොහැකිබව සදහන් කරන්නෙමු. මහජන සාපය ඉතාමත්ම භයානක බව අතීතය දේශපාලුවන්ට මෙන්ම මහජන මුදල් හොරාකන පර බල්ලන්ට හොදින් කියාදී ඇති බවත් සදහන් කරන්නෙමු.
පැරකුම්Thursday, 28 October 2021 11:57 AM
අහල තියනවනේ ගුරා හිටගෙන කරනකොට ගෝලයො දුව දුව කරනවලු. මහ උන් දෙන ආදර්ශය අන්තිමයාටම යනව. සාපය අනිවාර්යයෙන්ම වදින්නෙ උන්ගෙ දරු පරපුරට
යෝගා Thursday, 28 October 2021 07:13 AM
ඇත්තටම හොඳින් විමසා බැලුවොත් දේශපාලුවන්ටත් වඩා ලොකුම හොරු රජයේ ඉහළ නිලධාරීන්.
wca Thursday, 28 October 2021 07:36 AM
සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නා ලෙස නීතිපතිවරයා දැනුම් දී ඇත
Bandara Thursday, 28 October 2021 08:40 AM
මෙවන් දූෂිත රාජ්‍යයක් තවත් මේ ලොව තිබේද? ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත්, හරහටත් ආදී වශයෙන් සමාජයේ සෑම ස්ථරයකම වංචාව, දූෂණය, අල්ලස ආදිය මුල් බැහැලා ඉවරයි. පිරිසිඳු ගණුදෙනු වෙන්නේ නැති තරමටම රාජ්‍ය සේවය, සමාජය සහ ව්‍යාපාර ලෝකය පිරිහිලා අවසන්.
SL Thursday, 28 October 2021 09:12 AM
ලංකාවේ මිනිස්සු කප්පම් ,පගා වලට පුරුදු කරන ප්‍රමුඛතම ආයතනය තමයි රේගුව. ඊට අමතරව රටේ සාධාරණ වෙළඳාමක් කරන මිනිස්සුන්ට තියෙන ලොකුම හෙනය රේගුවේ ඉන්න හොරු. මේ මිනිස්සු හොරට හම්බ කරලා ,ඒවායින් තමන්ගේ දු දරුවන් නඩත්තු කරන එක ගැන කිසියම්ම හෝ විලි ලැජ්ජාවක් නැති මිනිස්සු කොටාශයක්. සහ ඉන් රටට වන අගතිය ඉතා විශාලයි ඒකටත් හරියන්න රටේ මහා මනුස්සය (2010-2015) ගිහින් " ඔයාලට ඉතින් යැවුවත් ගොඩ ඇල්ලුවත් ගොඩ " කතාවක් කියල රේගුවේ හොරකම් ටික අනුමත කරලා ආව.
Hafeel Thursday, 28 October 2021 09:18 AM
රට දියුණු කල හැකි බව දසමයක් හෝ විශ්වාස කල හැකිද? දිනපතා කොහේ හෝ රජයේ ආයතනයකින් දුෂණ වංචා හැලි වමින් පවතිනවා. හැලි නොවූ කොච්චර ආයත ඇති? දුෂණ වංචා නැති ආයතනයක් සොයන්නම බැරි තැනට පත් වෙලා. රටේ තරුණ තරුණියන් රට හැර යාම මිස දැනට නම් විකල්පයක් පෙන්න නැහැ.
nagahananda Thursday, 28 October 2021 11:29 AM
රේගුවේ මිනිසුන්ගේ වැඩ ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැ.
Nuwan Thursday, 28 October 2021 11:50 AM
පොඩි මිනිහෙක් දුක් විඳලා ගේන පොඩි දෙයක් අල්ලා ගෙන සතේට බදු ගහන අය, ලොක්කෝ කන්ටේනර් පිටින් ගේන දේවල් ගැන හූම් නැහැ
kamal Thursday, 28 October 2021 12:09 PM
රේගු නිලධාරීන්ද රේගුව තුල බොහෝ වංචා වන් සිදු කරන අතර ,සේවට වාර්තා කිරීමේදී හා පිටව යාමේදී සේවකයින් රැගෙන එන හා රැගෙන යන දේවල් පිළිබඳව හොඳින් සොයා බැලීමට කටයුතු කරන්න
පිටිගල මිලානෝ Thursday, 28 October 2021 02:32 PM
රේගු නිලධාරීන්ගේ දරුවන් සහ ලංගම නෑයන්ගේ වත්කම් පරීක්ශා කරන්න. දේශීය සහ විදේශීය වත්කම්.
රටවැසියා Thursday, 28 October 2021 06:45 PM
එක රටක්... එක නීතියක්... බලකායේ විමසුමට යොමුවේවා..!!!
chandima Thursday, 28 October 2021 08:07 PM
මේක අමුතු දෙයක් නෙමෙයි. ලංකාවට කන්ටේනර් වල බඩු එවන හැමෝටම පාහේ අත්විඳීමට වෙන දෙයක්. විශේෂයෙන්ම ජපන් රටේ කොරියාවේ ඉඳලා බඩු එවන කට්ටියට ඒ ගණුදෙණු වෙන්නේ වාප්පු ලිපිකරුවන් හරහා... ගණුදෙණු වෙන්නේ වාප්පු ලිපිකරුවන් හරහා නිසා වැඩේ කවදාවත් අහුවෙන්නේ නැහැ...
dasun Friday, 29 October 2021 05:40 PM
ශ්‍රී ලංකා යුද හමුදාවේද මේ ආකාරයට කොවිඩ් නිරෝධායනය සඳහා තෝරාගත් හෝටල් වලින් 30%ක් අත්පිට කොමිස් ඉල්ලපු කතාවක් මා හට හෝටල් හිමියකු පවසන ලදී...
sharm warn Monday, 01 November 2021 09:31 AM
පාර්ලිමේන්තුවේ ඉන්න නීති විරෝධී පත්වීම්ලත් මන්තී කියාගන්නා අය එළිපිට ගහන ගැහිලි එක්ක මේවා මොනවද.?