( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැරගෙන කිඹුලන් ගහන වැවකට දැමූ බවට ඉකුත් වසරේ පැවති ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පැවැත්වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ගෙන සිටි තමන්ට ඇප ලබා දුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය දුන් නියෝගය අවලංගු කරමින් තමන් යළි රිමාන්ඩ් බාරයට පත් කරන ලෙසට මහාධිකරණ තීන්දුව නීතිවිරෝධී බවත් , එම තීන්දුව ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා රාජිත සේනාරත්න මහතා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා මේ 29 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අභියාචනාධිකරණය අද (19) නීතිපතිවරයාට නොතීසි නිකුත් කළේය
මෙම ප්‍රතිශෝධන පෙත්සම ප්‍රියන්ත ප්‍රනාන්දු සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (19) කැදවූ අතර එහිදී පෙත්සම සලකා බලමින් අභියාචනාධිකරණ මඩුල්ල නීතිපතිට මෙම නොතීසි නිකුත් කළේය.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගොනු කළ මෙම ප්‍රතිශෝධන පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපති නම් කරනු ලැබ සිටිති.
ඉකුත් ජනාධිපතිවරණ මැතිවරණ සමයේදී පැවැත්වූ වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් ලබා දී තිබූ වරෙන්තුවක් මත තමන්ව රහස් පොලිසිය විසින් ඉකුත් දෙසැම්බර් මාසයේදී සැකපිට අඩංගුවට ගනු ලැබූ බවත්, ඒ සම්බන්ධයෙන් ඇප අයැදුමක් තමන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කල අතර ඒ අනුව තමන්ට ඇප ලබා දෙමින් කොලඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය වසරේ දෙසැම්බර් මස 30දින නියෝගයක් දුන් බව පෙත්සමකරු කියා සිටී.
එම නියෝගයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කල ප්‍රතිශෝධන පෙත්සම් විභාග කල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ඉකුත් 13 වැනිදා තමන්ට ඇප ලබා දෙදමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබා දුන් නියෝගය අවලංගු කළ බවද පෙත්සමේ සදහන් වේ
ඇප පනත වැරදි ලෙස අර්ථ දක්වා මෙම මහාධිකරණ නියෝගය දී ඇති බවත් ,එබැවින් තමන්ට ඇප ලබා දීම අවලංගු කරමින් ලබා දුන් එම මහාධිකරණ තීන්දුව නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන්නැයිද පෙත්සමින් ඉල්ලා සිටී.
එම මහාධිකරණ නියෝගය බල රහිත කරන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත.
පෙත්සම්කාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතාද , නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාද පෙනී සිටියහ.
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
රාජිතගේ ප්‍රතිශෝධන පෙත්සම් සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් නීතිපතිට නොතීසි
Fedrick Senarath Tuesday, 19 May 2020 10:11 AM
දැන් ඔය අභියාචනාධිකරණය තින්දුවක් දුන්නොත් දෙන්නේ මැයි 29 නම් ඊට පෙර රාජිතගේ දැනට රිමාන්ඩ් කර සිටින කාලය අවසන් වෙනවා මැයි 27 දිනට නැවත මැයි 27 මහේස්ත්‍රාත් අධිකරණය දිර්ඝ නොකලොත් අභියාචනාධිකරණයේ පවතින අභියාචනය රාජිතගේ පාර්ශවයට සිදුවෙනවා ඉල්ලා අස්කරගන්න අධිකරණය රාජිතව අඩුම දවස් දාහතරක් ඇතුලේ තියලා ඉවරයි එතකොට ඊට එළියට ගන්න තමයි වෑයම්කලේ එකත් හරියන්නේ නැහැ.
සේන Tuesday, 19 May 2020 10:47 AM
නීතිය අපහැදිලි වගක් පෙනේ. වැරදි කරන මිනිසුන් එය සෙල්ලමකට ගෙන ඇත. නීතිමය තීරණයක් දුන්නේ නම් එහි කිසිම සංශෝධනයක් තිබිය නොහැකි තරමට නිවැරදි විය යුතුය. මේ තත්වයන් වෙනස් වේවායි පතමි...