IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


රාජිතට ඇප දීමට එරෙහි අයැදුමේ තීරණය හෙට

(මනෝප‍්‍රිය ගුණසේකර)

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ලබාදුන් නියෝගය ප‍්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කර ඇති ප‍්‍රතිශෝධන අයැදුම සම්බන්ධ නියෝගය හෙට (13) කොළඹ මහාධිකරණයේ දී ප‍්‍රකාශයට පත්කෙරේ.

ජනාධිපතිවරණ ආසන්න දිනයක බොරු රැවුල්වලින් සැරසී ගත් පුද්ගලයින් දෙදෙනෙකු සහභාගි කරවාගෙන මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පසුගිය රාජ්‍ය සමයේ දී සුදුවෑන්වලින් මිනිසුන් පැහැර ගෙන ගොස් කිඹුලන් ගහන වැව්වලට දැමූ බවට අසත්‍ය ප‍්‍රකාශ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා අත් අඩංගුවට ගෙන තිබේ.
 
මෙම සිද්ධියට අදාලව අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍යවරයාගෙන් ප‍්‍රකාශයක් හෝ ලබා ගැනීමට අවස්ථාව නොලැබී තිබිය දී දින 3ක් තුළ ඔහු ඇප මත මුදාහරිමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය දුන් නියෝගය නීති විරෝධී බව සඳහන් කරමින් නීතිපතිවරයා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

එම පෙත්සම් විභාගය කොළඹමහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ පැවැත්වූ අතර එහි නියෝගය ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (7)

රාජිතට ඇප දීමට එරෙහි අයැදුමේ තීරණය හෙට

Shan Tuesday, 12 May 2020 01:14 PM

අනිවාර්යයෙන්ම ඇතුළට යවන්න ඕනේ. දුප්පතාට එක නීතියක්. හරිම නින්දිතයි තීරණය.

:       8       117

Raveendra Tuesday, 12 May 2020 01:41 PM

බිය නොවන්න රැවටෙන්නේ ඔබ, අප මෙන්ම සියලුම අහිංසක පුරවැසියන් පමණි. මෙම බල්ලන් නිදහසේ රිසිසේ වැජබෙනු ඇත.මෙය සියලුම පක්ෂවල බල්ලන්ට අදාලය. ඔක්කොම බැලුවද? දැන් බැරි අහිංසක ලෙඩ්ඩුන්ය.

:       0       1058

සනත් ඉතාලිය Tuesday, 12 May 2020 02:40 PM

කකියන වචන පිටකර ගන්න බැරි අමාරුවට කොච්චි කරලක් කාලා ඇති තරම් සෙම පිටකර ගන්නවා.. එයාගේ මවිල් ගහක්වත් එක විනාඩියකට අත්අඩංගුවට ගත්තද? දුප්පත් බණ්ඩාව ගෙනියන්න ආවා නම් බණ්ඩා නැත්නම්, ගැහැණු කෙනාව හරි අහිංසක තාත්තාව හරි ගෙනියනවා... බණ්ඩාට ඇවිත් පොලීසියට බාරවෙන්න කියලා...

:       0       0

Keppetipola Tuesday, 12 May 2020 03:07 PM

ලංකාවේ බොහෝ විනිසුරුවන් වැඩ කරන ආකාරය ඉතා පහත් මට්ටමක පවතී. මොවුන්ගේ බුද්ධි මට්ටම ඉතා පැහැදිලිව ජනතාවට ප්‍රදර්ශනය කරන අතර සමහර විනිසුරුවන් රටටම විහිළුවක් වී ඇත. නීති විද්‍යාලයට සිසුන් බඳවා ගැනීමේදී යන්තම් විභාගයක් පාස් වූ පමණින් බඳවා නොගෙන දැඩි සම්මුඛ පරීක්ෂණයකින් දක්ෂ බුද්ධිමතුන් පමණක් බඳවා ගත යුතු වේ. තවද අනිවාර්යයෙන්ම නීති විද්‍යාලයේ පාඨමාලාව මිට වඩා උසස් මට්ටමකට සකස්කළ යුතු වේ. අද සිටින බොහෝ විනිසුරුවන්ට නිවැරදි තීන්දුවක් දීමට නොහැකිය. නඩුවක් ඉක්මනින් ඇසීමට විත්තිය සහ පැමිණිල්ල නිසි ලෙස පාලනය කරමින්, ඔවුන්ගේ නීතිඥයින්ට උපදෙස් දෙමින් යම්කිසි කාලපරිච්ඡේදයක් (Time Frame) වෙන් කරනවා වෙනුවට නඩු කල්දමමින්, කාලය මරමින් රටේ විශාල මුදලක් නාස්ති කරති. පඳුරකට පයින් ගැසුවොත් පොකුරු පිටින් වැටෙන නීතිඥයන් සිටින අප රටේ බොහෝ දෙනෙකුට නඩුවක් තර්කානුකූලව බුද්ධිමත්ව ඉදිරිපත් කිරීමට නොහැකිය. නඩුවලට අඩුවෙන් කතා කර පෙනී සිටින්නට නම් අති දක්ෂයෝයි...

:       0       0

අබිලිං Tuesday, 12 May 2020 04:20 PM

රෝහලත්, ගිලන්‍ රථයත් , වෛද්‍යවරයත් රෙඩිද?

:       0       18

Kumari Tuesday, 12 May 2020 06:18 PM

අයියෝ මෙයත් ඔක්කොම කළේ අහිංසක මිනිසුන් වෙනුවෙන් හොරු අල්ලන්න. රංජා මෙන්ම රජ්ජාද ජාතික වීරවරයෙකි. මෝඩයින්ට පමණයි....

:       26       161

Hafeel Tuesday, 12 May 2020 07:34 PM

මෙයා ඇප පිටද ඉන්නේ? මේකත් නඩුවක්ද? රටේ නීතිය වල් වෙලා. ඔන්න රවී කියනවා ගෝටාට සහයෝගය දෙනවලු. එයාගේ නඩුවටත් මොනවාද වේවි?

:       0       90

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

බදුල්ල නගරවැසියන්න මුඛ ආවරණ පළදින්න උපදෙස්
2025 පෙබරවාරි මස 05 77 0

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 05 52 0

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම


ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙයි
2025 පෙබරවාරි මස 05 79 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය


මාතරටත් අලුත් දිසාපති කෙනෙක්
2025 පෙබරවාරි මස 05 289 0

මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


හැටන් නගරයට රතු නිවේදන
2025 පෙබරවාරි මස 05 450 1

හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස


බුද්ධිමය දේපල පනත සංශෝධනයට
2025 පෙබරවාරි මස 05 154 0

බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 767 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site