IMG-LOGO

2024 දෙසැම්බර් මස 22 වන ඉරිදා


රාජිතට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් එෆ්සීඅයිඩීයට පැමිණිල්ලක්

(ඉන්දිකා රාමනායක)

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නායකත්වයෙන් යුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා ඊට අනුබුද්ධ ආයතනවල සිදුව ඇතැයි කියන මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (10) මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ, උප ලේකම් නවින්ද සොයියා, රුවන් පතිරණ යන මහත්වරුන්ගෙන් සමන්විත වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් අද පෙරවරු 11.30 ට පමණ මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණ මෙම පැමිණිල්ල ඉදිරිපත් කළහ.

2015  වසරේ  සිට ගත වූ  වසර හතරක   කාලය තුළ  සෞඛ්‍ය අමාත්‍යාංශය, රජයේ ඹෟෂධ නීතිගත සංස්ථාව සහ ජාතික ඹෟෂධ නියාමන අධිකාරිය  තුළ  සිදු වූ බව කියන බරපතළ ලෙස සැක උපදවන කරුණු රැසක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් කර තිබුණි.

 

 

 



අදහස් (8)

රාජිතට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් එෆ්සීඅයිඩීයට පැමිණිල්ලක්

Rata Perata Wednesday, 10 July 2019 03:28 PM

GMOA ත්‍රස්තවාදී සංවිධානය වහාම තහනම් කරනු... මෙතන ඉන්නේ දොස්තරලා නෙමෙයි මාෆියා පොරවල්. හොඳ දොස්තරලටත් හොඳක් අහන්න නෑ මේ නරියෝ නිසා.

:       428       1104

සේනාරත්න Wednesday, 10 July 2019 06:05 PM

පක්ෂ මාරු කරමින් මහා ප්‍රමාණයෙන් වංචා, දූෂණ සිදුකර ඇති "දතා" ජීවිතාන්තය දක්වා හිරේ දැමිය යුතුයි.

:       782       341

PrabaThursday, 11 July 2019 12:08 AM

ඉතා අහිංසක, ආදර්ශමත්, රහසින්වත් හොරකම් නොකරන සුවපති තුමා ත්‍රස්තවාදීන් ගෙන් බේරා ගනිමු

:       1       0

Prabha Wednesday, 10 July 2019 03:46 PM

නීතිය ඉටුවෙන්න කියා අන්තිමේදී වර්ජනය කරනවා එහෙම නෙවේ...

:       32       19

Chanak los angeles Wednesday, 10 July 2019 09:24 PM

මේවා ඔක්කොම බොරු . ඔය දොස්තරලා ගහන පදයට නැටුවේ නැති නිසයි චෝදනා කරන්නේ . මොවුන් උපාධිය සමත් කරගන්නේ රජයේ සම්පත් භාවිතා කරමින්ය...... මොවුන්ට දොස්තර පත්වීමේදී කොන්දේසියක් පනවා හා දිව්රුම් ප්‍රකාශයකුත් අර ගන්න ඕනේ වර්ජන කිරීම සම්පුර්ණයෙන්ම තහනම් ලෙසට .

:       147       117

සේනාරත්න Thursday, 11 July 2019 10:07 AM

දතා ඔයාගේ හොඳ යාළුවෙක්නේ. ලොස් ඇන්ජලීස් ආපූ වෙලාවේ හමුවුණානේ.

:       0       0

කරුණාපාල Thursday, 11 July 2019 07:45 AM

මේ අය කතාකරන්නේ හරියට 2015 ට කලින් ලංකාවේ සෞඛ්‍ය සේවය නිසි ප්‍රමිතියටම තිබුණා වගේනේ... එතෙක් කලක් මේ මාෆියා කල්ලියේ ග්‍රහණයේ පැවති සෞඛ්‍ය ක්ෂේත්‍රය යම්කිසි ලෙසකින් හෝ මුදා ගැනීමට ලැබුනේ රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමති වූවාට පසුවයි. දේශපාලකයෙකු ලෙස ඔහුගේ ඕනෑතරම් අඩුපාඩු ඇත. එය පිළිගැනීමට අපි පසුබට නොවෙමු. නමුත් මේ මාෆියා කල්ලියෙන් මේ රට හා සෞඛ්‍ය සේවය මුදා ගැනීමට නම්, එදා කොටි ත්‍රස්තවාදී සංවිධානය පාරාජය කළා. නායකයා වැනි නායකයෙක් මේ රටට අවශ්‍යයි. නමුත්, එදා පඹයෙක් වැනි කිසිත් නොදත් සෞඛ්‍ය ඇමතිවරයෙක් පත් කිරීම තුළින් සිදුවුයේ, එතුමාට පමණක් අවනත මේ නයි රැල, රෝගීන් ඇතුළු මේ රටේ සියලු දෙනාටම අනුකම්පා විරහිතව දෂ්ඨ කිරීම තරම් තත්වයකට මොවුන් පෝෂණය ලැබීමයි.. මේ නයි සංගමයේ විෂ දල කපා මට්ටු කළ හැකි නිර්භීත නායකයෙක් මේ රටට අවශ්‍යයි. එසේ නොවුණ හොත් රටේ ජනතාව එම කාර්යය නුදුරු අනාගතයේදී සිදු කරනු ඇත. මේ මාෆියා කල්ලියට රිසි ලෙස කරගෙන ගිය ඖෂධ ජාවාරම කර ගැනීමට නොහැකිව මොවුන් වර්තමානයේ භුමිතෙල් ගෑවුණු ගැරඬි මෙන් කුලප්පු වී සිටින ආකාරයද ජනතාවට නම්, අමුත්තක් නොවේ.

:       78       26

රොෂාන් Thursday, 11 July 2019 10:26 AM

අසරණ රෝගීන්ගේ ලේ උරා බොන මේ මාපිල්ලු ගැන දැන් රටම දන්නවා. දිනපතා පුවත්පත් සාකච්චා පවත්වමින් ජනතාව නොමග යවා ඒ ජනතාවගේ මුදල් පමණක් නොව ලේ උරාබොන දොස්තර මාපිල්ලු (වෙද සංගමයේ) ලංකාවේ හැර වෙන කොහෙවත් නැත. දුගී ඉන්දියන් ජාතිකයින්ගේ වකුගඩු ජාවාරම ජයටම සිදුවුයේ ලංකාවේ බව අපට තවම අමතක නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෙන්තොට රෝහලෙන් සොරකම් කළ ඊ.සී.ජී.යන්ත්‍රය දින තුනකට පසු යළි ගෙනත් දීලා
2024 දෙසැම්බර් මස 22 42 0

බෙන්තොට රජයේ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ තිබියදී ඉකුත් 18 දා රාත්‍රියේ කිසිවෙකු විසින් සොරකම් කරගෙන ගිය රුපියල් දෙලක්ෂ විසිපන්දාහක් පමණ වටිනා ඊ.සී.ජී.


දෙමටගොඩ ගුවන් පාලම යට බිළිදියකගේ සිරුරක්
2024 දෙසැම්බර් මස 22 189 0

දෙමටගොඩ ගුවන් පාලම යට බිලිඳියක් දමා ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි .


කොල්ලකෑමේ යෙදුණ නාවික සෙබළා පොලිස් දැලේ
2024 දෙසැම්බර් මස 22 133 0

කොල්ල කන ලද යතුරු පැදියකට ව්‍යාජ ලියා පදිංචි අංක තහඩු සවිකරගෙන කොල්ලකෑම් ගණනාවක් සිදුකළ හිටපු නාවික සෙබලෙකු ඇතුළු දෙදෙනෙකු රුපියල් කෝටියක ට අධික රන


මාලිගාකන්ද උසාවිය අසළ වෙඩි තැබීමේ සිද්ධියට 5ක් අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 22 330 0

මාලිගාකන්ද උසාවිය අසලදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු, පැදිකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය සහ


හාලිඇල වැවක කාන්තා මළ සිරුරක්
2024 දෙසැම්බර් මස 22 287 0

හාලිඇල ගලඋඩ බූලුගහමඩවැවේ පාවෙමින් තිබූ කාන්තා මළසිරුරක් අද (22) සොයා ගත් බව කන්දේගෙදර පොලිසිය පවසයි .


තැනින් තැනට අදත් වැසි
2024 දෙසැම්බර් මස 22 77 0

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැස


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 39 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 30 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site