(බන්ධුල ඉලේපෙරුම)
සිරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(10) පාර්ලිමේන්තුවට ගෙන ආ නිවාඩු යෝජනාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඬුවම් ලබාදී ඇති මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවට කැඳවීමට තමාට හැකියාවක් නැති බවත් ඔහු වෙනුවෙන් නිවාඩු යෝජනා බාරගත නොහැකි බවත් කථානායකවරයා දැනුම් දුන් අතර මේ පිළිබඳ උසාවි තීන්දුව නුදුරේදීම ලැබෙන බැවින් ඒ වනතෙක් සිටින ලෙසත් දැනුම් දුන්නේය.
මේ අතර අභියාචනායක් ඉදිරිපත් කර ඇප මත සිටින ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු කැඳවූයේ ඔහු දඬුවමක් විඳින අයකු නොවන බවත් රිමාන්ඩ් බාරයේ සිටින්නකු වන නිසා බවත් පැහැදිලි කරදුන් කථානායකවරයා ඒ පිළිබඳ කියමින් තමාට චෝදනා නොකරන ලෙසත් දන්වා සිටියේය.
මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
රංජන්ගේ නිවාඩු යෝජනාව කතානායක ප්‍රතික්ෂේප කරයි
Dhawala Wednesday, 10 March 2021 06:06 AM
නියමයි!!! කඩේ යන අයට ගොඩක් දුක හිතෙයි...
KamalWednesday, 10 March 2021 07:59 AM
අන්න සීනි වලින් කෝටි එක්දාස් පන්සීයක බදු වංචාවක් කරලලු.
සමන්ත Wednesday, 10 March 2021 07:30 AM
අප රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ බිහිවුණු නුසුදුසු කතානායකයා මොහුයි. මේ ලෝකේ දැනුමක් නැති, කොන්දක් නැති, ලෝකය ගැන අවබෝධයක් නැති කෙනෙක්.. අැයි රන්ජා හිරේ ගියේ කියලාවත් දන්නවාද යන්න සැකයි. ලංකාවේ සල්ලි වලට ඕනෙම දෙයක් කරන්න පුළුවන් වෙන එකේ සාමාන්‍ය දැනීම බින්දුව මිනිහෙකුටත් නීතිඥයෙක් වෙන එක කජ්ජක් නෙමේ....
Senarath Wednesday, 10 March 2021 07:32 AM
විපක්ෂ නායකයේ නීතිය පිළිබඳ දැනුමේ තරම හිතා ගන්න පුළුවන්. කොහොමද රට බාරදුන්නොත් එහෙම? උස නම් සෙකියුරිටි.. මිටි නම් කම්කරු තමයි.
KelumWednesday, 10 March 2021 09:15 AM
අනේ දැන් ඉතින් සෞභාග්‍යය ඉතිරිලා යනවනේ..
Chinthaka Wednesday, 10 March 2021 09:18 AM
විපක්ෂ නායකයාට මොන අංශෙද දැනුමක් තියෙන්නේ?
විපරමා Wednesday, 10 March 2021 10:29 AM
දැන් රජවෙලා ඉන්න පාලකයින්ට තියෙන දැනුම ගැන නම් කියලා නිමා කරන්ඩ බැරිතරම්...
Buddika Wednesday, 10 March 2021 10:40 AM
මෑත ඉතිහාසයේ බිහි වූ අතිශයින්ම දුර්වල කෙනෙක්. පිට කොන්දක් නැහැ. පතෝල කරල වගේ ස්වාධීන පුද්ගලයෙක්. ඒත් මොහු සියලු තීරණ ගන්නේ පොහොට්ටුවෙන් අහලා. චොකාමල්ලිට එකක්. රංජන්ට වෙනස් එකක්.
ලුම්බිණි Wednesday, 10 March 2021 10:48 AM
මෙහෙම පක්ෂග්‍රාහී කතානායක කෙනෙක් ජීවිතේටම දැකලා නැහැ.
නෝ කතා Wednesday, 10 March 2021 11:37 AM
කතා නායකලාත් දැක්කා මේ වගේ කතානායකවරයෙක් නම් දැක්කේම නැහැ. මාර වැඩක් ලංකාවට වුනේ... ආණ්ඩුව බලයට පත් කරන්න මූලික වූ භික්ෂුන් වහන්සේ ඇතුළු බොහෝදෙනා දැන් " පාරේ බැහැලා යන්න බැරි තත්වයක් ඇතිවෙලා. ඉතාම කෙටි කාලයකින් ජනතාවට එපා වූ ආණ්ඩුව මේකයි " වගේ ප්‍රකාශ කරන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.