IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


රංජන්ගේ ප්‍රකාශය සත්‍යයක් යැයි හැඟෙන බව සුසිල් කියයි


 
 
(නිමල කොඩිතුවක්කු)
 
ඇතැම් කැබිනට් ඇමැතිවරුන් රට වෙනුවෙන් ගනු ලබන තීන්දු තීරණ දෙස බැලීමේදි කැබිනට් අමාත්‍යවරුන් කොකේන් භාවිතා කරන බවට රන්ජන් රාමනායක මහතා සිදුකළ ප‍්‍රකාශය සත්‍යයක් බවට හැගෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා කොළඹදී පැවැසීය.

රටේත් ජනතාවගේත් අනාගතය වෙනුවෙන් තීන්දු තීරණ ගන්නවා වෙනුවට ඇතැම් ඇමතිවරුන්ගේ සුබ සිදධිය වෙනුවෙන් පමණක් තීන්දු තීරණ ගන්නා බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා මේ බව පැවසුවේ විපක්ෂනායක කාර්යාලයේ අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සුසිල් පේ‍්‍රමජයන්ත මහතා මෙසේද කීය.

‘‘පසුගිය දිනවල අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  මහතා උතුරු පළාතේ සංචාරයක නිරතවුණා. එහිදී විවිධ අදහස් පළ කළා. පලාලි ගුවන්තොටුපළ ඒ 320, 321   ජාත්‍යන්තර මට්ටමේ  ගුවන් යානා මෙහෙයවන්න පුළුවන් ගුවන්තොටුපළක්  බවට පත්කරනවා කිව්වා. මන්නාරමේ සිට ධනූෂ්කොඩි  දක්වා නැවත නැව් සහ බෝට්ටු සේවා ඇති කරනවා කිව්වා. අද දවසේ උතුරේ ජනතාවගේ ප‍්‍රධාන ප‍්‍රශ්නය  මේකද කියලා අපි අහනවා.

පහුගිය 30 අවුරුදු යුද්ධයේ දි නිවාස අහිමි වූ උතුරේ  අහිංසක  ජනතාවට නිවාස පනස් දහසක් හදන්න ඉන්දියානු  ආධාර ලබා දුන්නා. පහුගිය අවුරුදු   හතරක් තිස්සේ එක නිවාසයක් හැදුවද කියලා අපි අහනවා. නිවාස පනස් දහසෙන් එක ගෙයක් හදා ගන්න බැරිවු එක්සත් ජාතික පක්ෂය අද උතුරට ගිහින් ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් ගැන කථා කරනවා.

2009 මැයි 19 වනදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යුද්ධය අවසන් කරලා එම ප‍්‍රදේශවල විශාල සංවර්ධනයක් ඇති කළා. පාරවල් කාපට් කරලා, අලූත් පාසල්, රෝහල් ඇතිකළා, කන්කසන්තුරේට යනකම් දුම්රිය මාර්ගය ඇතිකළා. අවුරුදු එකහමාරක් වගේ ඇතුළත සියලූම පහසුකම් ලබා දුන්නා. මේ අය අපෙන් අහනවා ලෝකෙට ණය වෙලා මොනවද කරේ කියළා. අපි කරපු දේ නිසා තමයි අගමැතිතුමාට අද  සුඛෝගභෝගි දුම්රියෙන් යාපනයට යන්න පුළුවන් වුණේ.

මේ ආණ්ඩුවේ ක‍්‍රියාකලාපය  දිහා බලපුවහම  රන්ජන් රාමනායක මහතා කියපු  කාරණා ඇත්තයි කියලත් හිතෙනවා. කොකේන් පාවිච්චි කරලා වගේ තීන්දු තමයි මේ ආණ්ඩුවේ ඇමැතිවරු තීන්දු තීරණ ගන්නේ’’ යැයිද ඔහු එහිදි වැඩිදුරටත් පැවැසිය.



අදහස් (17)

රංජන්ගේ ප්‍රකාශය සත්‍යයක් යැයි හැඟෙන බව සුසිල් කියයි

රවින් Tuesday, 19 February 2019 10:23 AM

ප්‍රධාන ප්‍රශ්නය තමා " කුම්බලා මාළු කෑවානම් දිරවපන් බළලෝ " කියන එක.

:       0       30

Raveendra Tuesday, 19 February 2019 10:35 AM

දැන් මේ උන්දැ විපක්ෂෙද මොකක්ද කියන අටමගලෙනේ ඉන්නේ ඉතින් හැකි ඉක්මනින් මේ පිලිබදව සොයා බැලීම කරානම් ඉවරයිනේ. මේ කියව කියව ඉන්නේ නැතිව මිනිස්සුන්ගේ වටිනා කාලේ තව තවත් කන්නේ නැතිව අඩු තරමින් තමන්ට හරි සතුටු වෙන්න පුළුවන්නේ අනේ මගේ දියවන්නාව ජිවිතේ රටට යමක් කළා කියලවත්.

:       56       244

seneviratne Tuesday, 19 February 2019 10:55 AM

එතකොට ලාභ නොඋපදවන මත්තල ගුවන් තොටුපොල සහ නැව් නොඑන වරාය ගැන ඔබගේ අදහස මොකක්ද? ඒ ණය ගෙවන්න අදායමක් නැති බව දැන ගෙනත් විදේශ ණය ගත්තේ මොකද?

:       158       627

smn Tuesday, 19 February 2019 11:44 AM

කටකාරයන්ට තලු මර මරා ඉන්න මාතෘකාවක් ලබා දීම ගැන රංජට ස්තුති කරන්න.

:       34       100

RaveendraWednesday, 20 February 2019 02:30 AM

මොකා කටකාරය උනත් මිනිසුන්ගේ වටිනා කාලය නිරපරාදේ මෙමගින් කා දමන්නේනම් "එකා කාලකන්නියෙකි".එමගින් අපගේ රට පසුපසට ගමන් කරනවා හැර ඉදිරියට නම් යාමක් නොමැත.

:       0       0

Buddika Tuesday, 19 February 2019 11:48 AM

හරි ඇති ගොඩක් වෙලාවට. කුඩු වගේම හොරුත් ඉන්න බවට කිසිම සැකයක් නැ

:       0       93

sandy123 Tuesday, 19 February 2019 03:20 PM

අහුවෙච්ච පිදුරු ගහේ එල්ලෙනවා. අනේද කියන්නේ මෙහෙමත් දේශපාලකයෝ.

:       31       215

Mahee Tuesday, 19 February 2019 08:29 PM

ඔහෙලගෙ පක්ෂවල නම් කුඩු කාරයෝ හිටියෙම නෑ නොව, කුඩු කාරයෝ පොලිසියට අහුවුනාම බදා ගත්තු අයත් නැහැ නොව, කුටුනායකින් එහාට කුඩ්ඩො තල්ලු කරලා බේරා ගත්තු අයත් හිටියේ නැහැම නොවැ.

:       0       1

ranjith Tuesday, 19 February 2019 09:13 PM

කුඩු කාරයෝ බේරගන්න රටේ නායකයෝ තකහනියේ අ ගෙවල් වලට ගිය යුගයක් තිබුන නේද මහත්තයෝ

:       0       1

Bamunuarachchi Wednesday, 20 February 2019 12:39 AM

අලි බලන්නා කියන කතාවලින් තේරෙනවා ඇත්ගොව්වා කොකේන් ගහනවා ඇති කියා.

:       106       16

Bamunuarachchi Wednesday, 20 February 2019 12:45 AM

සුසිල් ඔබ හරියට හරි. දැන් තමයි සමහරු කිවූ පරණකතා ඇයි එහෙම කීවේ කියා සිතෙන්නේ. ෂොට් එකක් වැදිලා ඉන්නකොට තමයි කියලා තිබෙන්නේ.

:       31       0

Saththaya Wednesday, 20 February 2019 01:59 AM

එතකොට අව්රුදු ගණනාවක් මේ රටේ හිටපු මැති ඇමති වරුත්, දුෂණයට බීෂණයට කඩේ ගිහින් මේ රට විනාශ කරලා දැම්මේ රංජන් මහතාගේ ප්‍රකාශය සත්‍යයක් නිසාද ?

:       0       0

ajith Wednesday, 20 February 2019 04:36 AM

රන්ජන් කියන්න ඕනේ නැහැ. එදා පාර්ලිමේන්තුවේ කතානායක පුටු උස්සගෙන පුටුවලින් පොලිසියට ගහපු, පිහි ඇදගෙන දඟලපු, මයික් එක ඇදල දාපු දවසේ අපි නම් ඕක දැන ගත්ත.

:       1       61

Bamunuarachchi Wednesday, 20 February 2019 05:37 AM

රත්තරන් චෙන් බ්‍රේස්ලට් දෙන්නම් කීවේ ඇයි කියා දැන් හිතා ගන්න පුළුවන්

:       64       0

sandy123 Wednesday, 20 February 2019 05:45 AM

තමන්ට ඒකෙන් එල්ලෙන්න පුලුවන්නම් ඉතින් හොදයි තමයි. නැතිනම් ඉතින් රන්ජන් විකට නළුවෙක් විතරමයි. හැම තිස්සෙම ගහ ගෙන යනවා අහුවෙච්ච පිදුරු ගහේ එල්ලෙනවා. අනේද කියන්නේ මෙහමත් දේශපාලන අනාතයෝ.

:       0       1

Rata Perata Wednesday, 20 February 2019 07:42 AM

ඔයාගේ වැඩත් එහෙම තමා. අනුන්ට ඇඟිල්ල දික් කරන්න ඉස්සරවෙලා තමන් ගැනත් හිතන්න.

:       0       63

rocky Thursday, 21 February 2019 01:23 AM

ඔබ කතා කරන විදිහ බැලුවාම මටත් එහෙමම හිතෙනවා!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 08 13 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 640 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 428 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 960 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 271 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 836 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 867 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 678 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site