IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


රජයට පිටුපා පෞද්ගලික වෙළෙඳුන්ට වී විකුණති

(ක.ග.කරුණාරත්න)
 
රජයේ සහතික මිලට ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 18ක් මේ වනවිට  විවෘත කර සතියක පමණ කාලයක්  ඇතැත් වී ඇටයක්වත් මෙතෙක් වී අලෙවි මණ්ඩලයට ලැබී නැතැයි වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව ප්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක මහතා පවසයි.
 
එයට හේතුව රජයේ සහතික මිලට වඩා වැඩි මිලකට පෞද්ගලික වෙළෙඳුන් විසින් ගොවීන්ගේ වී මිලදී ගැනීම යැයිද ඒ මහතා කීය.
 
ප්‍රමිතියෙන් යුත් වී කිලෝවක් රජයේ සහතික මිල වන රුපියල් 50 බැගින් මිලදී ගන්නා බවත් එක් ගොවියෙකුගෙන් වි අලෙවි මණ්ඩලය මිලදී ගනු ලබන්නේ කිලෝ 5000ක උපරිම  වී ප්‍රමාණයක් බවද වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකාරවරයා කීය. 
 
කීඩෑ හානියට ගොදුරුවීම නිසා මෙවර යල කන්නයේ අපේක්‍ෂිත වී අස්වනු නොලැබුණු  බව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ  ගොවීහු කියා සිටිති.



අදහස් (11)

රජයට පිටුපා පෞද්ගලික වෙළෙඳුන්ට වී විකුණති

de silva Tuesday, 04 August 2020 11:08 AM

බොරු කයිවාරු ගැහුවට හාල් මාෆියාව සමග හැප්පිලා සහල් මිල පහත දමන ගෝඨාභය මහත්මයාට සහ ඔහුගේ විශ්‍රාමික බ්‍රි්‍ගේඩියර් වරුන්ට බැරි බව ඔප්පු වී හමාරය.

:       289       346

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 04 August 2020 11:17 AM

වැඩි මිලට වී මිලදී ගැනීම හොඳ දෙයක්. එහෙත් මේ තත්වය හැමදාම තිබෙන එකක් නැහැ. එයට හේතුව වන්නේ රජය හා තරග වදින හාල් මෝල් මාෆියාව මුලින් මෙසේ වැඩි මිලක් දී වී මිලට ගෙන අනතුරුව ගොවීන්ගේ සිත් දිනාගෙන පසුව ඔවුන්ගෙන් කුණු කොල්ලෙට වී මිලදී ගැනීමේ උපක්‍රමයක් තමයි මෙහි බොහෝ විට තිබිය හැක්කේ....

:       1       80

Nishantha Tuesday, 04 August 2020 12:58 PM

සිත් දිනාගත්තාම අඩු මිලට ගොවියො වී විකුණනවා.

:       79       2

aravinda Tuesday, 04 August 2020 01:37 PM

රජයේ මධ්‍යස්ථානයට වී නොලැබුණාට, රජය ගත් පියවරින් ගොවියාට වැඩි මුදලක් ලැබුණි. මෙයින් පෙන්නුම් කරන්නේ ලංකාව වැනි රටක රජයේ මැදිහත් නොවීමකින් තොරව සිදුවන්නේ පුද්ගලික අංශය මගින් ගොවීන් සූරාකෑම බවයි. මෙවැනි වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන ඇති කිරීමට රජයට එතරම් වියදමක් දැරීමට සිදු නොවන අතර, මෙය සෑම කන්නයකම සිදු කලොත් ගොවීන්ට එයින් සෙතක් වනු ඇත.

:       0       86

සනත් ඉතාලිය Tuesday, 04 August 2020 01:56 PM

පොහොර සහනාධාරය අරගෙන අස්වැන්නෙන් කොටසක්වත් වී අලෙවි මණ්ඩලයට නොදී කෙටිකාලීන වාසි පතා මුලුඅස්වැන්නම මාෆියාකරුවන්ට විකිණීම තම අතින් තම ගෙල සිඳවීමක් වගේ දෙයක් තමයි වෙන්නේ...

:       20       121

sanathTuesday, 04 August 2020 04:45 PM

මොන ක්‍රමයකින් හෝ ගොවියා දිනවීමයි සිදු විය යුතු.

:       1       0

kamal Wednesday, 05 August 2020 03:21 AM

ලෝකේ අස්වැන්න මිලදී ගැනීමේදී අනාගත කියලා ක්‍රමවේදයක් තියන බව අපි දන්නවානේ.

:       0       0

Bamunuarachchi Wednesday, 05 August 2020 03:42 AM

අපි මෙය වෙන බව මුලින් කිව්වා.

:       1       1

BamunuarachchiWednesday, 05 August 2020 11:40 AM

රජයට වී විකිණූ සහතිකය නැතිනම් සහන මිලට පොහොර දෙන්න එපා.

:       0       0

de silva Wednesday, 05 August 2020 06:41 AM

කවුරු මොනවා කිව්වත් ලංකාවේ සහල් මිල නියම කරන්නේ ඩඩ්ලි සිරිසේන, පසුගිය කාලේ තිබුණු හැම ආණ්ඩුවක්ම තමන්ට ඕනෑ විදිහට හසුරුවන්න ඔහුට පුළුවන්...

:       0       11

de silva Wednesday, 05 August 2020 01:03 PM

සහල් මිල වැඩිනම් පිටරටින් සහල් ගෙන එන්න. එතකොට ප්‍රශ්නය විසඳේවි. නැතිනම් අරලිය මුදලාලි පොහොසත් වෙනකොට රටේ ජනගහනයෙන් 30%ක් විතර හාමත් වේවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 89 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 63 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 290 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 165 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 190 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


අඳුරු කාමරයක සිරගත කෙරුණු බටලන්ද අද හිරු එළිය දුටුවා
2025 මාර්තු මස 14 1219 0

ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 218 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 510 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site