IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම කල්යයි

(අජන්ත කුමාර අගලකඩ)

 නව ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම ලබන බදාදාට (27) කල්ගොස් ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

 රාජ්‍ය ඇමැතිවරුන් 20දෙනෙකු පමණ පත්කෙරෙනු ඇති බවත්, එහෙත් ඔවුන් මෙතෙක් තෝරාගෙන අවසන් නොමැති බවත් වාර්තා වේ.

ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්ද යාපා අබේවර්ධන, කාංචන විජේසේකර, සනත් නිශාන්ත, කනක හේරත්, රොෂාන් රණසිංහ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මන්ත්‍රීවරුන්ද රාජ්‍ය ඇමැතිවරුන් ලෙස පත්වීමට ඉඩ ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද රාජ්‍ය ඇමැති ධුර කිහිපයක් හිමිවීමට ඉඩ ඇති බව එම ආරංචි මාර්ග කියයි.

රාජ්‍ය ඇමැතිවරුන් හෙට (25) දිනයේ දිවුරුම් දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සිකුරාදා පැවැති කැබිනට් ඇමැතිවරුන් දිවුරුම් දීමේ උත්සවයේදී පැවැසීය.
 



අදහස් (22)

රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම කල්යයි

kamani Sunday, 24 November 2019 06:22 PM

මේ රටට තව රාජ්‍ය ඇමතිලත්... එහෙනම් ඉන්දියාවට ඇමතිලා 10000ක් වත් පත්කර ගන්න වේවි නේද..?

:       2       280

haris mapaMonday, 25 November 2019 12:43 AM

මෙච්චර කල් කොහෙද හිටියේ?

:       11       5

MaheeMonday, 25 November 2019 12:48 AM

ඔබ හරි. ඉන්දියාවේ කෝටි 133ක ජනගහනයට කැබිනට් ඇමතිවරු ඉන්නේ අගමැතිත් ඇතුළුව 40 යි. ඒ කියන්නේ කෝටි තුනහමාරක ජනගහනයකට, වෙනත් විදිහකට කියනවා නම් මුළු ලංකාවේම ජනගහනය වගේ එකහමාර ගුණයකට, ඉන්නේ එක අැමැතිවරයායි. ඒ අනුපාතයට ගත්තොත් අපේ රටට ඇමතිවරු තුන්කාලක් හොඳටම ඇති. ඒ වුණාට ඉන්න අයත් එකෙක් වගේ පෙනුණාට කාලක්වත් නැති අය හින්දා තුන්දෙනෙක් දාගෙන අගේට රට දුවන්න පුළුවන්...

:       0       18

රණවක Sunday, 24 November 2019 06:30 PM

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය අමාත්‍යවරු වශයෙන් අලුත් මුහුණු ඉදිරිපත් කරන්න. ඇමති තනතුරුවලට පොරකන්නේ එම තනතුරුවල සිටි ඒවායේ රස දන්නෝය. එම නිසා මේ ගැනත් සිතා බලන්න. තරුණ කණ්ඩායමක් සමග වැඩකිරීමට ඔබට හැකියාව පවතී. සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් ඔබතුමාට විශ්වාසවන්තයින් පත්කරගෙන රට ඉදිරියට ගෙන යන්න. විශේෂයෙන්ම ජනමාධ්‍ය සඳහා නම් අත්‍යවශ්‍යයි. හමුදා සේවයේ සිට විශ්‍රාම ගිය අයවලුන් ඕනෑතරම් සිටියි. එසේ කළහොත් ඔවුන් මාර්ගයෙන් එම අමාත්‍යාංශවල කටයුතු දිනපතාම ඔබතුමාට අධීක්ෂණය කළ හැකිව තිබේ. සෑම ලේකම්වරයකුටම " target" එකක් දෙන්න. බොරු කාරයින්ව එලවා දමන්න. ඔබගේ ප්‍රතිපත්තියේ සඳහන් සියල්ල අකුරට ඉටුකළහොත් ලංකාව කෙලින් සිටුවීමට ඉතාම පහසුයි. මේ තරම් කාලයක් දේශපාලකයන් කරමින් සිටියේ වැනෙන දේශපාලනයකි. එය නැවත දැමීමට කාලය එළඹ ඇත. එයට සුදුස්සාද ජනතාව පත්කර ඇත.

:       78       238

නිශාන් Monday, 25 November 2019 01:15 AM

තව ටික දවසක් යද්දී ඔබතුමාට තේරෙයි ජනතාව එකපැත්තක, දේශපාලකයෝ එකපැත්තක කියලා, නමුත් මේ රටේ බහුතර ජනතාව ඒක තේරුම් ගන්නෙ නැහැ. චෝදනා වලට ලක්වෙන්න එපා කියලා වැඩක් නැහැ, කලින් චෝදනා වලට ලක් වෙච්ච අයට.

:       0       8

Chathuri Sunday, 24 November 2019 07:10 PM

හොරුසමග වැඩ පටන් ගන්නකොට කල් යන්නේ... දිව්රුම් දුන්නේ හොරුන්ගෙන්... දූෂිතයින්ගෙන් රට බේරා ගන්නවා කියලා දුන් බොරු පොරොන්දු නිසා තව ටික දවසකින් උදයංගත් මතුවෙයි දියවන්නාවෙන්.., දැනටමත් රහස් සාකච්ඡා පවත්වනවා ඇති... නාමල් බේබිලා මේ වැඩටික ලස්සනට කරලා... කරලියට දමයි, සිරිලියත් සමග...

:       63       207

රජින්ද Sunday, 24 November 2019 07:33 PM

අවුරුදු ගානක් ජන්දය දුන්නා මිසක් මේ රටේ මිනිස්සුන්ට හිතුනේ නැහැ නේද මේ පවතින දේශපාලන ක්‍රමය නිසා කොයි වගේ පිරිසක්ද පාර්ලිමේන්තුවට යැව්වේ කියලා. මේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීන්, ඇමතිවරු පත්කරන මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ලෙහෙසි නැහැ. නමුත් එය කිරීමේ පරම බලය අවසාන වශයෙන් මේ රටේ ජනතාවට තව මාස තුනකින් ලැබෙනවා. එතැනදී මේ පහත් දේශපාලන මඩ වලෙන් ගොඩ එන්න බලමු. මොවුන් සියලුමදෙනා රට-ජාතිය-ආගම ගැන මොන තරම් දේවල් කීවද ඔවුන්ගේ යටිසිත දුවන්නේ වරප්‍රසාද පස්සෙන්. ඒ නිසා මෙවර බහුතර ආණ්ඩුවකට ජනවරමක් ලබා දී පවතින මැතිවරණ ක්‍රමයම වෙනස් කිරීමට දායක වෙමු. විශේෂයෙන්ම ජනාධිපතිවරණෙන් පසු ජනාධිපතිවරයාට අගමැති සහ ඇමති මණ්ඩලය පත් කරගෙන මේ රට සරල ක්‍රමයකට මෙහෙයවන වැඩපිළිවෙලක් ඉල්ලා සිටිමු.

:       1       46

banda Sunday, 24 November 2019 08:15 PM

15, 20 කැබිනට් නොවන ඇමති, නියෝජ්‍ය ඇමති.... වැඩේ නරකම නෑ

:       0       113

සෙනෙවිරත්න Monday, 25 November 2019 02:35 AM

ලිස්ට් එක දැක්කම කල්යාම හොඳයි වගේ. අපොයි අපට වෙන්නේ ජේතවනාරාමයට ගල් ගහපු අයගෙන් බණ අහන්න...

:       0       56

සෙනෙවිරත්න Monday, 25 November 2019 02:36 AM

බිය නොවන්න... පරණ පීල්ලේම යන බව ශුවර්.

:       0       144

දිලුම් Monday, 25 November 2019 03:34 AM

අනේ මුලින් කියුවේ රාජ්‍ය ඇමතිල සහ නියෝජ්‍ය ඇමතිල මේ මාස තුනට නෑ කියලනේ. කරුණාකර පරණ සිංදුව නම් ගහන්න එපා ජනධිපතිතුමනි. එහෙම උනොත් අපට කිසිම බලාපොරොත්තුවක් ඉතුරුවෙන එකක් නෑ. කැමති උනත් ඔබතුමාට එකපාරට මේ සියල්ලන් එලවා දමන්නට නොහැකි බව අපි දනිමු. නමුත් හොඳ නාමයෝජනා ටිකක් ලබාදී ජනතාවට මිනිසුන් තෝරා එවිමට ඉඩ දුන්නොත් ඔබතුමාටත් ප්‍රශ්නයක් නෑ මේ අයව ඉවත් කරන්න.

:       27       102

saliya Monday, 25 November 2019 03:35 AM

වියත් මගේ උගතුනි, දැන් ඉදිරියට එනු මැනවි. හොඳ 20ක් හරි 30 ක් හරි තෝරලා දෙන්නකෝ ඇමති කමට. හොර තක්කඩි ආවොත් වියත්තු දෙකේ කොලයට වැටෙනවා නේද?

:       0       58

Saman Monday, 25 November 2019 03:59 AM

ඔය එන්නේ . හොද හොද සෙල්ලම් එලි වෙන ජාමෙට කිව්වලු. ඊට පස්සේ නියෝජ්‍ය ඇමතිලා එවි. පෙරහැර එන්න පටන් ගත්ත විතරයි. පව් මහ ජනතාව. අනිත් එක පරණ හොරු ටිකම තමයි පත් වෙන්නෙත් .

:       0       128

sharm warn Monday, 25 November 2019 04:38 AM

දැන් තියෙන්නේ භාරකාර ආණ්ඩුවක් නම්... මේ ඇමැතිවරුන්ට ප්‍රතිපාදන වෙන් කරලත් නැතිනම්, රාජ්‍ය ඇමතිවරු මොකටද පත් කරන්නේ? ඒකටත් ඉන්න හොඳම හොරු රංචුවෙන් නම් තෝරා ගන්නේ.., පුදනකොටම කාපි යකා වෙන්නද යන්නේ? අපි ආයෙමත් පළවෙනි කොටුවේ නේද? කිරිබත් උයපු අය සතුටු වෙන්න.. ඔයාලගේ සුපුරුදු හොරුන් ආයෙමත් රජවෙන්න යන්නේ.. ලංකාවට දෙයියන්ගේම පිහිටයි..

:       1       15

Mahesh Monday, 25 November 2019 05:01 AM

රෝහිත, ලොකුගේ, නිශාන්ත, මහින්දානන්ද, විජේසේකර වැනි උගත්, බුද්ධිමත් අයට තනතුරුදීම ගැන ස්තූතිවන්ත වෙනවා රට බේරගත් නායකයාණෙනි.. වාසු සහ පුල්ලේ වැනි නූගතුන් කොන්කිරීම ගැනද ස්තුතියි...!!!

:       2       29

Chandima Monday, 25 November 2019 07:43 AM

මේ අය එක්කලා ආණ්ඩු කළොත් ගෝඨාට යන්න වෙන්නෙත් හත්පොලේ ගාගෙන තමයි. දැන්ම අෑත් නොවුණොත් විනාශයි.

:       1       2

පිටිගල මිලානෝ Monday, 25 November 2019 09:08 AM

අපි ගෝඨාභය මහත්තයාට බැරි ගානේ හරි ඡන්දෙ දුන්නේ පරණ ජෝකර්ලා ලව්වා පරණ කාඩ් සෙල්ලම කරන්න නෙවෙයි. අරයා අවතාරේ වගේ පිටිපස්සෙන් ඉන්න කොට මම නම් කීවා වියත්මඟට පැන්ෂන් දෙන්නවෙයි දින්නට පස්සේ කියලා. එක දැන් වේගෙන් වෙනවා. අයියාට අවශ්‍ය රටේ දියුණුව හෝ මල්ලි රට මනාව කළමනාකරණය කරන එක නෙවෙයි. තමාට පක්ෂපාත රැල දාගෙන පුතාව රජ කරවන්න හදන හීනයේ නිදිවැදීමයි. ගෝඨාභය මහත්තයෝ මෙහෙම ගියොත් නම් ඉතින් ඔබටත් කවදාහරි මැදමූලන ජනේලේ පිහිට තමයි.

:       1       62

nimalMonday, 25 November 2019 10:23 AM

ඔබ වගේ වහල්ලු ඉන්නකම් රට ගොඩගන්න බැහැ...

:       0       2

පිටිගල මිලානෝ Monday, 25 November 2019 11:14 AM

අරගොල්ලෝ මහබැංකුවට වැඩේ දීලා හොරු අල්ලන්නෙත් නැතුව රටත් ජාතියත් ආගමත් පාවාදුන්න නිසයි වහලෙක් වුනේ.

:       0       0

පිටිගල මිලානෝ Monday, 25 November 2019 11:21 AM

නිමල්, ඔබ කියන්නේ වහලෙක් නොවෙන්නේ සීයට තුනක් ගත්ත කෙනාට ඡන්දෙ දුන්න අය විතරක් කියලද?

:       0       0

Sonali Monday, 25 November 2019 09:16 AM

මිනිස්සු ප්‍රතික්ෂේප කරන අය නේද මේ නැවතත් ඇමතිවරු කරන්නේ? මේකද ඔබ අපට දුන්න පොරොන්දුව...? කෝ අපිට පාරම්බාපු මේ වියත්තු ටික? අලුත් අය තරුණ අය හොරු නොවන අය ඇත්තෙම නැද්ද පොහොට්ටුවේ...? මේ අයට නැවත නාම යෝජනා දුන්නම වියත්තු ඉල්ලන්නේ දඹානෙන්ද?

:       1       6

isurandi Monday, 25 November 2019 12:19 PM

එවුන්ට තේරෙන අපේ හරකුන්ට නොතේරෙන දේශපාලනය කියන්නේ මේකට තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 210 0

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 646 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 182 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 189 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 751 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 248 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site