IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


රාජ්‍ය ආයතන දහයක් කෝප් කමිටුව ඉදිරියට

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන 10 ක්  ඉදිරි දිනවල පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට(කෝප්) කැඳවීමට තීරණය කර ඇත.

මේ අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට  අනිද්දා( 11)  කැඳවන බව  කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

නව අපනයන සැකසුම් කලාප පිහිටුවීමේ ක්‍රියාවලියේ කාර්ය සාධනය ඇගයීම පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තාව මෙදින සාකච්ඡා කිරීමට නියමිතය.

මේ අතර ජාතික තරුණ සේවා සභාව සමග තරුණ සේවා (පුද්ගලික) සමාගම ලබන 16 වැනිදාත් , ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ලබන 17 වැනිදාත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ලබන 23 වැනිදාත්  කෝප් කමිටුව හමුවට කැදවන බව සභාපතිවරයා පැවැසීය.

තවද  ගල්ඔය වැවිලි සමාගම ලබන 24 වැනිදාත් ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය නොවැම්බර් 30  වැනිදාත් කෝප් කමිටුව හමුවට කැදවා ඇත.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය‍ (NIBM), ශ්‍රී ලංකා පදනම් ආයතනය සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය යන ආයතන පිළිවෙළින් ලබන  මස 01, 02, 07, 09 යන දිනවල  කෝප් කමිටුව හමුවට කැඳවනු ලැබ ඇත.



අදහස් (2)

රාජ්‍ය ආයතන දහයක් කෝප් කමිටුව ඉදිරියට

Sunil Tuesday, 09 November 2021 05:59 PM

මේ ඇතැම් ආයතන වල අනන්තවත් දුෂණ සිදු වූ බව නම් පැහැදිලියි .නමුත් මේ කැඳවීම් වලින් වැඩක් වෙන්නේ නැහැ .ජනතාවට රජය ගැන සහ රාජ්‍ය ආයතන ගැන ඇත්තේ දැඩි කලකිරීමක් .මෙතෙක් කැඳවූ ආයතනවල සිදු වූ දුෂණ සහ අක්‍රමිකතා ගැන ගත ක්‍රියාමාර්ග මොනවද ?ජනතාව මෙය දැන ගත යුතුයි

:       0       0

Ranjith Dubai Wednesday, 10 November 2021 09:55 AM

කරුණාකර කෝප් කමිටුවේ විද්‍යුත් තැපැල් ලිපිනය සහ සම්බන්ධතා අංක ප්‍රසිද්ධ කරන්න. රටේ පුරවැසියන් වශයෙන්, අපගේ සොයාගැනීම් සහ පැමිණිලි අපගේ සම්බන්ධතා තොරතුරු සමඟ සෘජුවම කෝප් කමිටුව වෙත ලබා දීමට අපට හැකියාව ඇත. නිර්නාමික පැමිණිලි භාර නොගත යුතුය. එමඟින් බොහෝ දූෂණ පහසුවෙන් සහ කෙටි කාලයක් තුළ සොයා ගැනීමට අවස්ථාව සැලසේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 0 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 115 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 202 0

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


අරාබි රටේ ලාංකික කෑම විකුණන්න අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 05 143 0

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව


ලුණු මිල වැඩි වෙයි
2025 පෙබරවාරි මස 05 262 0

ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.


වී ගන්න කෝටි 500ක් වෙන්කරයි
2025 පෙබරවාරි මස 05 122 0

වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site