( +++ නාලක සංජීව දහනායක)
රාජගිරිය අතිසුඛෝපභෝගී ගොඩනැගිල්ලක පිහිටුවා තිබෙන කෘෂිකර්ම අමාත්‍යාංශය එම ගොඩනැගිල්ලෙන් ඉවත් කර කඩිනමින් ගොවිජන මන්දිරයට රැගෙන නොයෑම හේතුවෙන් තමා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ‘ලංකාදීප’යට ඊයේ (13) පැවැසීය.
කෘෂිකර්ම අමාත්‍යාංශය දැනට ස්ථාපිත කර තිබෙන රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලෙන් ඉවත් කර යළි ගොවිජන මන්දිරයට රැගෙන යන ලෙසට කැබිනට් මණ්ඩලය තීන්දු කර තිබියදීත් අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එම තීරණයට අකුල් හෙළමින් එම තීරණය කල් දැමීමෙන් තමන් කලකිරීමට පත්ව සිටින බව ද අමාත්‍යවරයා කීය.
රටම පිළිගත් උගතුන් යැයි කියමින් වියත්මග සංවිධානයෙන් ද ඇතැම් අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන සඳහා දූෂිත නිලධාරීන් පත්කර සිටින බව කී රාජ්‍ය අමාත්‍යවරයා එවැනි නිලධාරීන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කඩිනමින් තීන්දුවක් ගත යුතු බව ද කීය.
තමන්ට එවැනි නිලධාරීන් සමග කටයුතු කළ නොහැකි බැවින් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තමන් තීරණය කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවැසීය.
බත්තරමුල්ල ගොවිජන මන්දිරයේ සිට කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලට ගෙන ඒමේදී නිලධාරීන් කිහිපදෙනකුට චෙක්පත් ලැබී ඇත්දැයි තමන් මේ දිනවල සොයන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
හැටන් වටවල ප්‍රදේශයේ සත්ව ගොවිපලක විවිධ රෝග වැලදී මිය යන එළදෙනුන් සහ ගවයන් මස් කඩ වලට අලෙවි කිරීමට එරෙහිව වටවල ලොනැක් වත්තේ වතු කම්කරුවෝ එම සත්ව ගොවිප
බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
රාජ්‍ය ඇමති පුටුවෙන් විදුර අයින් වෙයි?
rama Tuesday, 14 January 2020 06:56 AM
ඔහොම ඇමතිවරු තමයි ඕන. ජනාධිපති තීරණ පවා ගණන් ගන්නේ නැත්නම් මේවට දඬුවම් කරන්න ඕන දූෂිත නිලධාරින්ට
Sunil Tuesday, 14 January 2020 06:58 AM
ඉවත්වන්න නොවෙයි තිබුනේ ගරු ඇමතිතුමනි. මේ නිලධාරීන්ට එරෙහිව සටන් කරන්න.
lalithm Tuesday, 14 January 2020 07:00 AM
රජ ගොන්පාට්. මේවා හොඳ අර හඬපට කතාවටම එකතු කරන්න.
sisiraTuesday, 14 January 2020 10:45 AM
හරි දේ හරියට තේරුම් ගන්න උත්සහා කරන්න
BamunuarachchiTuesday, 14 January 2020 01:04 PM
පාට් ගැන කතා කරනවා. මෙයා අදමයි අහලා තිබෙන්නේ තමාට ඕනේ විදිහට වැඩ කෙරෙන්නේ නැතිනම් තනතුරුවලින් ඉවත් වෙන පුද්ගලයින් ගැන...
Nuwan Tuesday, 14 January 2020 07:13 AM
මෙහෙම ගියොත් දූෂණයෙන් ඉන්දියාව පරද්දනවා. දැනට දෙවෙනියට ඉන්නේ අපි!
saman Tuesday, 14 January 2020 07:29 AM
ඉල්ලා අස් වුණාම ප්‍රශ්නේ විසදෙනවද ? මෙහෙම ඇමති වරුන්ගෙන් රටට වැඩක් තියෙනවද ?
මහසෙන් Tuesday, 14 January 2020 07:34 AM
අයින් වෙලා අත පිහිද ගත්තම හරිද ඇමති තුමා. වොයිස් කට් දේශපාලනය තමා මේ රට මේ තත්වෙට ගෙනාවේ. කරන්න ඔනා ඕකද? වෙනත් නීතීමය ප්‍රතිපාදාන නැතිද. එරෙහි වන අයට එරෙහිව. ඒ වගෙම ඔබ තුමාට යුතුකම්ක් තියෙනවා නේද අඩුම තරමින් එරෙහිවන අය හෙලි කරන්න.
Mahee Tuesday, 14 January 2020 07:36 AM
ඔබ පත්වූ අවස්ථාවේදී මං සුබ පැතුවා. ඔබ ඉවත්වෙන මේ අවස්ථාවේදීත් මං සුබ පතනවා. ඔය කියන නිලධාරීන් වගකියන්නේ ඇමතිට නොව ඊට ඉහල අයට නිසා ඔවුන්ව පාලනය කරන්න ඔබට ඉඩක් නැහැ කියන එක පැහැදිලියි, නමුත් ඉවත්වීමට කැබිනට් එකටත් ඉහලින් යන ඔය නිලධාරීන් කවුද කියලා අපට කියන්න. අපට කරන්න පුළුවන් කජ්ජක් තියෙනවට නෙමෙයි. නිකම් කුතුහලය නිවාගන්න.
අනාත නොවූ අනාතයා Tuesday, 14 January 2020 07:38 AM
අවංක එකෙක් දැක්කමයි. හෘදයාන්ගම ගෞරවය ! තව දෙතුන්දෙනෙක් හිටියොත් ගොඩ. නමුත් මුහුනදී ජයගැනීම මිස ,පලායාම අගය නොකරමි !!!
sarath perth Tuesday, 14 January 2020 07:48 AM
ඔබතුමා ඉල්ලා අස්වුවොත් අමන නිලදාරීන් දිනයි මහා ජනයා පරදීවි ගත් තීරණය හබක්
RanjithT Tuesday, 14 January 2020 07:52 AM
පිළිතුර ඉවත්වීම නොව කෙසේ හෝ රට වෙනුවෙන් අරමුණ ඉටු කිරිමයි. ජනපති සමග එක්වී නිලධාරීන්ට විනය පරීක්ෂණ කර ගෙදර යවන්න. වර්ජන කලොත් ජේ ආර් කලාසේ රොත්තම එලියට දාන්න. ජනතාව ඔබ සමගය.
Hudson Tuesday, 14 January 2020 08:08 AM
වාසු, විමල්, ගම්මන්පිලිලට හොඳ ආදර්ශයක්.
රවින් Tuesday, 14 January 2020 08:45 AM
බයවෙන්න එපා හැමදාම දිනන්නේ ඩිල්කාරයෝ. අපි හිතපු විදියට, අපිට කියාපු විදියට රට යන්නේ නැතිවග හැමෝටම තේරිලා ඉවරයි. අනුන්ට ඇඟිලි දික්කරන එක වැඩි වෙනකොට සෑහෙන පිරිසකට තේරුනා ගොනා හැරෙන්නේ පොල් පැළයට කියලා. දුෂිතයෝ දන්නේ දුෂිත භාවයෙන් වැඩ කරන්න මිස විනිවිද භාවයකින් වැඩ කරන්න නොවේ. එකක්නම් ඇත්ත. සමහර ආයතනයන් වලට කළ පත්වීම් හොරාගේ අම්මාගෙන් පේන අහන්න ඕනේ පත්වීම්.
225ත් ගෙදර යවමු Tuesday, 14 January 2020 09:05 AM
හෘද සාක්ෂියයි, නිර්භීතභාවයයි තියාගෙන වැඩි කලක් දේශපාලනය කරන්න බැහැ.
Jaya Tuesday, 14 January 2020 09:31 AM
එම නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට බලයක් නොමැතිනම් ඉල්ලා අස්වීම අගයමි. නමුත් එය ප්‍රමාණවත් නැත. ජනතා නියෝජිතයකු ලෙස දැන් එම නිලධාරීන්ට එරෙහිව ජනතාව වෙනුවෙන් සටන් කරන්න. ඒ සදහා ජනතා සහාය ලබාගන්න. ලක්ෂ සංඛාත ජනතාවකගේ අපේක්ෂාවන් විනාශ කිරීමට නිලධාරීන් කිහිපදෙනෙකුට ඉඩදෙන්න එපා.
Asanka Tuesday, 14 January 2020 09:44 AM
මෙතුමා ඉල්ලා අස්වෙන්න හේතුව මෙසේ හෙළි කළාම ජනපතිතුමා වහාම මැදිහත්වෙලා නිලධාරීන්ට දෙයි දුවන්න...................ඔන්න බලන්න
GuneTuesday, 14 January 2020 10:25 AM
අම්මපා ඔව්... රෙදි ගලෝලා බූවල්ලෙන් තඩිබාන කොට දුවන හැටි බලන්න ආසයි... මොන පාරෙන්ද දන්නේ නෑ දුවන්නේ? පාර අයිනට වෙලාවත් ඉන්න.
Bamunuarachchi Tuesday, 14 January 2020 03:40 PM
මෙම ගොඩනැගිල්ලෙන් යන්න බැහැ කියන නිලධාරීන්ගේ බැංකු ගිණුම් පරික්ෂා කරන්න.
Horanabiya Wednesday, 15 January 2020 04:27 AM
මෙයාට හරියට කිසිම ජොබ් එකක් කරගන්න බැරි රස්තියාදු මිනිහෙක් වගේ... බලන්න පාස්වෙලා තියෙන විභාග... කිසිදවසක මොනම රස්සාවක් හෝ ව්‍යාපාරයක් කරලා නැති මනුස්සයෙක් වගකිව යුතු අමාත්‍යාංශයක් කරන්නේ කොහොමද? ගිය තැනම ආරාවුල්..
BamunuarachchiThursday, 16 January 2020 01:56 PM
සජිත් රට කරන්න හැදුවා නම් මෙයා අමාත්‍යාංශයක් කළාම මොකද?