IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


රාජ්‍ය ඇමති විමලවීරගේ ලේකම්ගෙන් අමාත්‍යංශ ලේකම්වරයාත් නොදන්නා ලිපියක්

 

(විනීතා එම් ගමගේ)

රාජ්‍ය ආයතන පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා අවස්ථාවන් හිදී අමාත්‍යංශයෙන් උපදෙස් ලබාගත යුතුයැයි දන්වමින් වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අමාත්‍යංශ්‍ය යටතේ ඇති දෙපාර්තමේන්තු තුනකට ලිපියක් යවා ඇත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා, වන සංරක්ෂක ජනරාල්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් යන නිලධාරින් වෙත මෙම ලිපිය යවා ඇත්තේ එම රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) පාලිත ප්‍රනාන්දු මහතා විසිනි.

අමාත්‍යංශ මට්ටමින් සමතයකට පත් වීමට නොහැකි අවස්ථාවන්හි දී ඒ සම්බන්ධ නීතිපතිගේ උපදෙස් ලබා ගෙන ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බව ද එම ලිපියෙන් දන්වා තිබේ. එහෙත් පනත්වලින් බලාත්මක කර ඇති ආයතනයකට මෙවැනි ලිපියක් යැවීම නීතිවිරෝධී ක්‍රියාවකැයි මේ සම්බන්ධ අදහස් දක්වමින් පරිසර වේදීහු පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතාගෙන් ලංකාදීප කළ විමසුමක දී ඔහු කියා සිටියේ ඒ සම්බන්ධ කිසිවෙකු තමන් දැනුවත් කර නැති බවය. එකී රාජ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් ද නීතිමය කටයුතු කරන්නේ ප්‍රධාන අමාත්‍යංශය වන තම අමාත්‍යංශය විසින් බවත් මෙවැනි ලිපියක් යවන මෙන් තමන් උපදෙස් දී නැති බවත් ලේකම්වරයා තවදුරටත් කියා සිටියේය.

වනජීවී රැකවරණය අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගාකිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා වන්නේ විමලවීර දිසානායක මහතාය.



අදහස් (6)

රාජ්‍ය ඇමති විමලවීරගේ ලේකම්ගෙන් අමාත්‍යංශ ලේකම්වරයාත් නොදන්නා ලිපියක්

lankawe api Sunday, 21 February 2021 03:30 PM

කැලේ සත්තු කැලේම කාගනිති. පළමු වසර තුළම 69 ලක්ෂයේ බලාපොරොත්තු ඉටුවෙන ලකුණු... 69 ලක්ෂයටම ජයවේවා...!!! 

:       0       2

Raveendra Sunday, 21 February 2021 04:46 PM

සර් පත්වීම් දුන්නු ජෙනරාල් කෙනෙක්ගේ ලියුමක්නේ. සර්ගේ වචන චක්‍රලේඛ නම් ලියුමක් යවපු එක ගැන ආයෙ අහන්න දෙයක් නෑ.. සර්ලා කියන විදියට කරලා ඉන්න...

:       0       2

sampath Sunday, 21 February 2021 07:22 PM

තනතුරු ඕනෙ කෙනෙකුට එන්නත්, දෙන්නත් පුළුවන්... කවුරු ගත්තත්, දුන්නත් වැඩ කරන්න ඕනේ රාමුවක් තියෙනවා. හිතට එන සිතුවිලි නීති වෙන්නේ නැහැ. ඒ නිසා මෙවැනි නිලධාරීන්ගෙන් ආයතන පරිස්සම් කරගත යුතුයි. තමන්ගේ පුද්ගලික මතය වැටුප් ලබන නිලධාරීන්ට අදාළ නැහැ. ඒ අය ක්‍රියා කරන්නේ පනත් චක්‍රලේඛන හෝ විධිමත් නියෝග මත පමණි.

:       0       2

රාලහාමි Monday, 22 February 2021 12:35 AM

ආමි කාරයින්ව, ඒ අය දන්නේ නැති සිවිල් පරිපාලනයට එකතුකර ගත්තාම අනාගතයේදී මීටත් වඩා ප්‍රශ්න එන බව ස්ථිරයි. සර් හැමදාම හැම තැනකින්ම කරන හැම වැඩකින්ම ෆේල්...

:       0       4

Vijabhahu Ampara. Monday, 22 February 2021 04:55 AM

ඇමැතිතුමාගේ උපදෙස්වලට පිටින් ලේකම්ට යන්න පුළුවන්ද? තව තව සෙල්ලම් පිටුපස්සෙන් එනවෝ...!!! ඔන්න කනෝ කිව්වලු..

:       0       2

විශ්‍රාමික සෙබලා Monday, 22 February 2021 09:06 AM

ඕකට වෙන්න ඇති "හමුදා පාලනය" කියලා කියන්නේ. තවම පටන් ගත්තා විතරයි. "හොඳ හොඳ සෙල්ලන් එළිවෙන ජාමෙට" කියලනේ කියන්නේ...

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 625 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 175 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 509 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 125 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1751 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site