(යොහාන් භාසුර)
රජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අකාර්යක්‍ෂම සහ දූෂිත ආයතනයක් බවට පත්ව තිබීම නිසා එහි සභාපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ එකම බලධාරියා කැබිනට් අමාත්‍යවරයා මිස වෙනත් පුද්ගලයන් නොවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා පැවසීය.
රජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා සෞඛ්‍ය අංශයේ ඇතැම් ප්‍රධානීන් ලවා නියෝග දෙමින් කිසියම් පුද්ගලයකුගේ බලයක් ආරෝපනය කරගනිමින් වෙනම සෞඛ්‍ය රාජධානියක් නිර්මාණය කරගෙන ඇති බව කී වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා ඖෂධ ‘මාෆියාවක්’ ඇති කරමින් ජනතා මුදල් කාබාසනියා කිරීමට කිසිවකුට අයිතියක් නොමැති බව ද සඳහන් කළේය.
රජය සෞඛ්‍ය සේවාව සඳහා වසරකට වැය කරන රුපියල් බිලියන 300 න් (කෝටි 30000) සියයට 50 ක් පමණ ඖෂධ සහ උපකරණ සඳහා වැය කරන බවත් ඉන්දියවෙන් පිළිකා ඖෂධ ආනයනය නොකරන ලෙස විශේෂඥා වෛද්‍යවරු නිර්දේශ කර තිබියදී ද ඒවා ගෙන්වන බවත් වෛද්‍ය බෙල්ලන මහතා කියයි.
රජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ස්ථාපිත කිරීමේ මූලිකම අරමුණ රටේ අසරණ ජනතාවට දරාගත හැකි මිලකට ගුණාත්මක ඖෂධ ලබාදීම යැයි කී වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා පැවසුවේ රට තුළ බාල බෙහෙත් සහ ප්‍රමාදයට අමතරව බෙහෙත් මිල ද අහස උසට නැග ඇති බවත්ය.
නාරාහේන්පිට අභයාරාමයේදී අද (20) පැවැති මාධ්‍ය හමුවේදී වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා එසේ පැවසීය.
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
රජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ගැන වෛද්‍ය බෙල්ලන කියයි
චන්දන Wednesday, 20 October 2021 09:30 PM
රාජිත මහත්තයාගේ කාලේ නියමෙට තිබුණා නේද? කාටද මේ කියන්නේ?
PereraThursday, 21 October 2021 12:41 AM
රාජිතගේ කාලේ කරපුවටත් එක්ක තමයි උන් රොත්තම ගෙදර යැව්වේ .පින් ආසනයකට සීමා කරලා .උන් වැරදි කරපු එක දැන් ඉන්න එවුන්ට වැරදි කරන්න බලපත්‍රයක්ද ?
RaveendraThursday, 21 October 2021 07:13 AM
ඇත්තෙන්ම "පොදුවේ ගත්කල දේශපාලුවන්" යනු මෝඩ තකතීරු බුරු රැලකි.එනමුත් මහජන මුදලින් ඉහලටම ඉගෙනගත් වැඩි පිරිසක් තමන් උපන් රටට , ඉගෙනීමට ඍජුවම දායකවූ මහජනතාවට තම සේවය අවංකව ඉටුකරන්නේද නැතහොත් තම තමන්ගේ දේශපාලන මතිමතාන්තර සමග වැළලෙමින් සිටින්නේද යන්න ගැටලුවකි.
gunarathna Thursday, 21 October 2021 07:40 AM
මම ජනාධිපතිනම් කරන්නේ මේ රුක්ෂාන් බෙල්ලන කියන පුද්ගලයාව පත් කරනවා මේ තනතුරට .වැඩේට බැස්සහම තේරුම් ගනී මේකේ තියන බැරෑරුම් කම
දිසා.....ගම්පහ, Thursday, 21 October 2021 09:21 AM
මේ රටේ සෑම තැනකම ඇත්තේ දූෂණය සහ වංචාව. පාකිස්තාන අගමැතිවරයා ළඟදී ප්‍රකාශ කොට තිබුනා , රටක් දුප්පත්වීමට ප්‍රධාන හේතුව දූෂණය සහ වංචාව බව. කාගෙ කාගෙත් හෘද සාක්ෂියට අනුව දන්නව කරන හොරකම් සහ වංචාවන්. මේවායෙන් නීතියෙන් බේරෙන්නට හැකි නමුත් ස්වභාව ධර්මයෙන් නිසියාකාරව දඩුවම් ලැබෙන බව සිතට ගෙන කටයුතු කිරීම මැනවි.
gundaThursday, 21 October 2021 01:55 PM
මොනාද කියන්නේ දිසා? ස්වභාව ධර්මයෙන්වත් ඔවුන්ට හානියක් වෙන්නේ නැහැ. කාට කියන්නද ඉතින්?
fairoos Thursday, 21 October 2021 01:01 PM
වහල්ලුන්ට කොහෙද මේවා තේරෙන්නේ