(සුජිත් හේවාජුලිගේ )
රජයේ කාර්යාල සහ සේවා ස්ථානවලට ඒවා පිහිටි දිස්ත්‍රික්කවලට පිටත දිස්ත්‍රික්ක වලින් සේවකයන් කැඳවීම සීමා කරන්නැයි ආයතන ප්‍රධානීන්ට උපදෙස් නිකුත් කර ඇති බව කොවිඩ්19පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු රැස්වීමකදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට මේ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබා දුන් බව ද යුද හමුදාපතිවරයා කීය.
සංචරණ සීමා කර කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ මූලික පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇතැයි සෞඛ්‍ය බලධාරීහු පවසති.
මේ අතර කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගියහොත් පළාත් අතර සංචරණ සීමා පැනවීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය .
කොවිඩ් අවදානම හේතුවෙන් දිවයිනේ පොලිස් වසම් හා ග්‍රාම සේවක වසම් සියයකට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට හුදෙකලා කර ඇත .
කෙසේ වෙතත් මුළු රටම හුදකලා කිරීමේ අවශ්‍යතාවක් දැනට පැනනැගී නැතැයි රජය පවසයි .
ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.
වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි
ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල
රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
රජයේ කාර්යාලවලට සේවක සීමාවක්
සුනෙත් හේමන්ත Monday, 10 May 2021 10:09 AM
තාම සැලකිය යුතු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙන්නැද්ද සර්....
සිරිබිරිස් Monday, 10 May 2021 10:40 AM
මෙච්චර කියද්දීත් ගණන් ගන්නේ නැතුව ඉඳල පරක්කු වෙලා හරි මෙහෙම හරි තීරණයක් ගත්ත එක ලොකු දෙයක් .