IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර හිමියා කඹුරුපිටිය සභා මන්ත්‍රීවරයෙක්

(නිමන්ති රණසිංහ)

ඩුබායිහිදී පාතාල නායක මාකඳුරේ මධුෂ් සමග අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකිකයන් අතර සිටි රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර හිමියා කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලිසියේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට ඊයේ (7) පැවසීය.

එහිදී අත්අඩංගුවට පත්වූ බන්ධනාගාර නියාමකවරයාද කඹුරුපිටිය ප්‍රදේශයේම පදිංචිකරුවකු බවත් ඔහු කළුතර බන්ධනාගාරයේ සේවය කරමින් සිටිය දී රිය අනතුරකට ලක්වී ආබාධිතවී කිහිලිකරු පාවිච්චි කරමින් සිටි අයකු බවත් එම පොලිස් නිලධාරියා කීය.

මාකඳුරේ මධුෂ්ගේ දරුවාගේ උපන්දින සාදයට සහභාගි වීම සඳහා මධුෂ්ගේ ආරාධනයකට අනුව මොහු කිහිලිකරු සහිතව ඩුබායි බලා පිටත්ව ගොස් ඇත්තේ බන්ධනාගාරයෙන් සේවා නිවාඩු ලබාගෙන බව ද පැවසේ.

මාකඳුරේ මධුෂ් ඩුබායි හෝටලයේ පැවැත් වූ  සාදයට ශ්‍රී ලාංකිකයන් 125ක් පමණ සහභාගි වී ඇති බවටත් ඔවුන්ගෙන් වැඩිදෙනකු එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් බවටත් තොරතුරු ලැබී ඇති බව පොලිස් ආරංචිමාර්ගවලින් පැවසේ.

මෙහිදී ඩුබායි පොලිසිය එහිදී මධුෂ් ඇතුළු ශ්‍රී ලාංකිකයන් 31 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් බව ද වාර්තාවේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර මෙරට පොලිස් කොස්තාපල්වරයකුද සිටින අතර ඔහු එක්සත් ජාතීන්ගේ සාම සාධක සේවා සඳහා ගොස් එහි සිට ඩුබායි වෙත පැමිණ සිටි බව පැවසේ.

ඉකුත් 5 වැනිදා මෙරට වේලාවෙන් අලුයම 2 ට පමණ සිදුකර ඇති මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් ශ්‍රීලාංකිකයන් 31 දෙනා මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරීක්ෂා කර බැලීම සඳහා ඩුබායි පොලිසිය පෙරේදා ඔවුන්ගේ රුධිර සාම්පල ලබාගෙන ඇති බවත් එම පරීක්ෂණවල වාර්තා හෙට (9) මෙරටට ලැබීමට නියමිත බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

 



අදහස් (15)

රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර හිමියා කඹුරුපිටිය සභා මන්ත්‍රීවරයෙක්

Raveendra Friday, 08 February 2019 07:36 AM

යකෝ දැන් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් බලපත්‍රයත් මේතරම් හැල්ලුවට ලක්කරන එකම රට අපේ රට නොවේ ද ???

:       2       111

පෙරුමාල් Friday, 08 February 2019 07:46 AM

ප්‍රාදෙශිය සභා මන්ත්‍රී වරයා පොහොට්ටුවද, ශ්‍රිලනිපද,ජවිපෙද, එජාපද? ජන්ද දායකයන් වන අපට එය වැදගත්

:       0       165

sirimalFriday, 08 February 2019 09:47 AM

මේ මනුස්සයා ජවිපෙ නම් වෙන්න බැහැ. මදුෂ් රට පටවපු හුට පටේට එජාපෙ ඉඳලා ශ්‍රීලනිපෙට කලකට ඉස්සර මාරුවුණු, තාත්තයි, පුතයි දෙන්නම දේශපාලන බලවතුන් වෙන කෙනෙකුගේ නමකුත් පැටලිලා කියලයි සමහරු කියන්නේ... අනේ මන්දා මොනවා විශ්වාස කරන්නද කියලා...

:       1       27

RaveendraFriday, 08 February 2019 12:18 PM

කුරුඳු පොලු ඇම්බැට්ටයද?

:       1       16

Raveendra Friday, 08 February 2019 07:46 AM

දැන් මේ රාජ්‍ය තාන්ත්‍රික ගුවන් බලපත්‍රය හිමි කෙනාගේ නිදහසට කරුණු වන්නේ “මම දන්නේ නැහැ ආරාධනයක් ලැබුණ මම ගියා...“ මොන පක්ෂයකට අයිති ගොට්ටෙක් උනත් මේකා අපගේ රටේ නම ප්‍රසිද්දියේම විනාශකර ඇති බැවින් මෙයාට උපරිම දඩුවම් ලැබේවා....මෙවන් අයට රාජ්‍ය තාන්ත්‍රික ගුවන් බලපත්‍රය අවශ්‍ය ඇයි යන්න...... නොතේරෙන්නේ මෝඩයන්ටයි....

:       0       48

sena Friday, 08 February 2019 08:06 AM

මට හිතෙන්නේ, කුඩු ජාවාරමට දේශපාලකයෝ සම්බන්දයි කියලා ජනාධිපති තුමා කියපු කතාවේ ඇත්තක් තියෙනවා - නමුත් කනගාටුවට කාරණයක් වන්නේ එතුමාගේ දීර්ඝ දේශපාලන ජීවිතය කාලය තුළ මේ වගේ දේශපාලකයෝ කී දෙනෙක්ගේ නාම යෝජනා වලට අත්සන් කරලා ඇත්ද? තනි පුද්ගලයෙක් කුඩු වලට විරුද්ද වෙලා වැඩක් නැහැ විය යුත්තේ දේශපාලන පක්ෂ කුඩු වලට චණ්ඩි කම්වලට පාතාලයට සම්බන්දයි කියලා සැක හිතෙන චරිත වලට නාම යෝජනා නොදිය යුතුයි.

:       2       97

Mahee Friday, 08 February 2019 08:24 AM

අනේ අර කුරා කූම්බියෙකුටවත් වරදක් නොකරන, සත්ගුණවත්, අහිංසක මංගල ඇමතිතුමාට නිකම් ඉඳල බැනුම් ඇහුව කියල කොච්චර හිතේ වේදනාවක් ඇද්ද?

:       28       264

රවින් Friday, 08 February 2019 08:55 AM

මෙම දේශපාලුවගේ නම හා නියෝජනය කරන පක්ෂය අප දැනගත යුතුයි. රටටත් ලෝකයටත් මොහුගෙන් අවැඩක් මිස සෙතක් නම් නොවේ.

:       0       40

lokkayaFriday, 08 February 2019 11:44 AM

එක්සත් ජාතික පක්ෂය කියන පක්ෂයේලු..

:       68       37

lanka Friday, 08 February 2019 10:26 AM

ඕක තමයි ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික ගුවන් බලපත්‍රය... වෙන රටවල සත පහකට ගණන් ගන්නේ නැත්තේ..

:       0       20

dhamneth Friday, 08 February 2019 11:59 AM

මෙවර ප්‍රාදේශීය සභා මන්තිවරු අටදාස් ගණනක් තෝරා පත්කරගත්තා. මෙයින් භාගයකට නොවෙයි කාලකට රාජ්‍ය තාන්ත්‍රික ගුවන් බලපත් දුන්නත් දෙදහකට වැඩියි... නියමයි අපේ කඩාවැටෙන ආර්ථිකයට... ඔය කොට්ටාශ කඩපු කට්ටියට ඉහළම දේශමානි සම්මාන දෙන්න ඕනෑ...

:       0       17

sirimal Friday, 08 February 2019 12:23 PM

"මාකඳුරේ මධුෂ් සමග අත්අඩංගුවට ගත් රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර හිමියා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගේ ලේකම් යැයි කියා අභූත චෝදනා මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළ පුද්ගලයන්ට සහ ඒවා වගකීම් විරහිතව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා ප්‍රචාරය කළ මාධ්‍ය ආයතනවලට එරෙහිව ද මේ වන විට නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බව මංගල සමරවීර ප්‍රකාශ කළ බව" ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත. තවද " ඩුබායිහිදී අත්අඩංගුවට පත් පාතාල නායක මාකඳුරේ මධුෂ් සමග අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකිකයන් අතර සිටි රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර හිමියා කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයකු බවට තොරතුරු හෙළිවී තිබියදී ඒ මංගල සමරවීර ඇමැතිවරයාගේ ලේකම්වරයෙකු යයි කියමින් බොරු අවලාද නැගූ දේශපාලකයන්ට සහ මාධ්‍ය ආයතනවලට එරෙහිව නීති මගින් ක්‍රියා කරන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට සහ සී.අයි.ඩී. යට පැමිණිලි කර ඇති අතර එම පැමිණිල්ලේ පිටපතක් මාධ්‍ය වෙත නිකුත් කර ඇති" බවද වාර්තා කර ඇත.

:       126       331

Chanak los angeles Friday, 08 February 2019 02:56 PM

පාතාලය නොමැතිව දේශපාලකයාට මොන පැවැත්මක්ද? රටේ විධායකයේ පියා පවා ඔය ගෝනවල පැත්තේ පතාලයෙකුගෙන් පිහිට ලබා ගත්තනේ ...

:       0       0

akila Friday, 08 February 2019 04:03 PM

ඔන්න දැන් කියනවා එහෙම කෙනෙක්ව අත්අඩංගුවට අරන් නෑලු...

:       0       0

de silva Friday, 08 February 2019 04:07 PM

ගමේ කසිප්පු මුදලාලි සල්ලි ටිකක් විසිකර, නොමිලයේ කසිප්පු ටිකක් මිනිස්සුන්ට ඡන්දෙ දවසට බොන්න දීලා, ප්‍රාදේශීය සභාවට ගියොත් ඔහුටත් රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලැබෙනවද? හරි නම් මොවුන් එහෙන් නිදහස් වෙලා අාවත් මෙහෙදී නඩු පැවරිය යුතුයි.

:       0       16

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 608 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 495 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 122 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1727 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site