(ඉන්දික අරුණ කුමාර)
කොරෝනා වසන්ගතයෙන් රටෙහි පවතින තත්ත්වයත් සමඟ බොහෝ අසරණව සිටියේදී බොහෝ ප්‍රදේශවල අතවශ්‍ය අහාරද්‍රව්‍ය විකිණිමේදී වැඩිමිලට අලෙවි කිරීම් සිදුවන බවට පැමිණිලි තිබේ.
ඒ අතර මාතලේ දිස්ත්‍රික්කයේද බොහෝ ගම්මානයන්හි පිහිටි වෙළෙඳසැල්හි ඉතා අධික මිලට බඩු භාණ්ඩ අලෙවි කරන බවට පාරිභෝගිකයෝ නිතර මැසිවිලි නගති.
අත්‍යාවශ්‍ය භාණ්ඩ සගවාගෙන වැඩි මිලට අලවි කිරිම,විවිධ මිල ගනන් යටතේ එළවලු අලවි කිරිම ආදී ක්‍රියාවන් සම්බන්ධයෙන් මේ වන විටත් බොහෝ පිරිසක් කටයුතු කරමින් සිටින බව පාරිභෝගිකයෝ කියා සිටිති.
රජය මගින් පාලන මිලක් නියම කරනල ද සැමන් හා පරිප්පු මාතලේ ,දඹුල්ල,ලග්ගල ආදී ප්‍රදේශයන්හි අලවිසැල් වල නොමැති පවසන පාරිභෝගිකයෝ කියා සිටියේ ඇතැම් වෙළදුන් සඟවාගත් සැමන් හා පරිප්පු වැඩි මුදලට අලවි කරන බවයි.
මේ අතර ඊයේ (30) ඇදිරිනිතිය ඉවත්කළ මාතලේ දිස්ත්‍රික්කයේ ස්ථාන රැසකින් වාර් තා වූයේ දඹුල්ල ආර් ථික මධ්‍යස්ථානයේ කුණු කොල්ලයටවත් දීමට නොහැකි වූ එළවළු, අධික මිල ගනන් යටතේ විවිධ ස්ථාන වල අලවි වූ බවයි. දඹුල්ල ආර් ථික මධ්‍යස්ථානයේ රුපියල් 2 ක් වූ තක්කාලි නාඋල ඊයේ අලෙවි වූයේ කිලෝව රුපියල් 80 වටය.
එමෙන් වම්බටු,මෑකරල්,වැටකොළු මෙන්ම තවත් එලවලු වර් ග රැසක් රුපියල් 100 සිට 150 දක්වා මිල ගනන් වලට ජංගම වෙළදුන් විසින් අලවි කරනු දක්නට ලැබිණි.
කිසිදු වග විභාගයකින් තොරව විවිධ මිල ගනන් යටතේ ජංගම වෙළදුන් විසින් පැය කිහිපයකට සිදුකරනු ලබන මෙම වෙළදාම් සම්බන්ධයෙන් ඊයේ (30) දිනයේ කිසිදු රාජ්‍ය ආයතනයක වග කිවයුතු නිළධාරියෙකුගේ පරික්ෂාවට ලක් නොවු නාඋල නගරයේ ජනතාවද මෙවැනි පුද්ගලයින්ගෙන් එලළුලු ඇතුළු සෙසු ආහාරද්‍රව්‍ය මිලදී ගත්තේ බොහෝ විට දොස් පවරමින් බව ද ඇතැම් පිරිසක් කියා සිටියේය.
පැවැති තත්ත්වය සම්බන්ධයෙන් දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියෙන් කල විමසීමේ දී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ ඇදිරිනිති ඉවත් කරන අවස්ථාවන් හි කුඨ වෙළදුන් විසින් සිදුකරනු ලබන විවිධ විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධයෙන් අඛණ්ඩ වැටලීම් සිදුකරන බවයි.
බොහෝ ස්ථාන වල සිදුවන විිවිධ ක්‍රියාවන් සම්බන්ධයෙන් මහජනතාව විසින් ද අදාල පාර්ශව දැනුවත් කිරිම අත්‍යාවශ්‍ය කාරනාවක් බව කියා සිටි එම ප්‍රකාශකයා අවධාරණය කර සිටියේ මෙවැනි අවස්ථාවන් වල දි මහජනතාවගෙන් ලැබෙන සහාය වඩා වැදගත් වන බවයි.
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව
ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.
වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘රජය පාරිභෝගිකයින්ට දුන් සහන තවමත් ගම්වලට ලැබී නැහැ’
Viki Tuesday, 31 March 2020 03:29 AM
ආණ්ඩුවේ නිලධාරීන් හරියට වැඩ කරන්නේ නෑ. වැඩ කරන්න බැරිනම් ගෙදර යන්න.
athuraTuesday, 31 March 2020 05:23 AM
වැඩකරන අපේ විරුවා. කඩේ ගිය කෙනෙක් මේවා දකින්නෙ නැහැ.
de silva Tuesday, 31 March 2020 03:43 AM
ගම්වල සත්‍ය තත්වය මේකයි. සතොස , සමුපකාර සමිති සදහා රජයෙන් පරිිිිිිප්පු , සැමන්, තොග නිකුත් කළද නිලධාරීන් සහ සේවකයන් එම දේවල් කළු කඩකාරයන්ට විකුණනු ලැබේ. ඔවුන් පාලන මිලට වැඩියෙන් පරිප්පු කිලෝ එකකින් සහ සමන් ටින් එකකින් රුපියල් 100 බැගින් වැඩිපුර තබාගෙන ප්‍රසිද්ධ නගරවල පවා විකුණනවා. පාරිභෝගික අධිකාරියේ ලොක්කා බොරුවට රඟපෑවට මම දන්නා තරමින් පසුගිය සතියේ අඩුම තරමෙන් කුට ව්‍යාපාරිකයෝ 10 කට වත් නඩු පවරලා නැහැ.
jee Tuesday, 31 March 2020 03:48 AM
ඇයි මේවගේ අවස්ථාවේත් අපේ රටේ ඉපදුනු මිනිස්සුන්ට අපේ රටේ මිිස්සු විසින්ම ද්‍රෝහී වෙන්නේ ? මෙ වගේ අවස්ථාවක උදව් නොකෙරුවත් කමක් නෑ. වංචා නොකර හිටියොත් ඇති.
Ajith Tuesday, 31 March 2020 04:28 AM
කකුළුවන්ගේ පැටියෝ යන්නේ මහ කකුළුවා යන පාරේ.
chitra Tuesday, 31 March 2020 05:24 AM
බියගම ආසනයේ වදුවේගම ,කඳුබොඩ පාර වැව අස්ස්රිත පළාත් වලට බඩු බෙදාදීමට පැමිණ නැත.
de silva berlin Tuesday, 31 March 2020 05:36 AM
අපේ ව්‍යාපාරිකයන් කලපනා කරන්නේ ඉක්මනින් කියක් හෝ කඩාගන්න. නමුත් මෙවැනි අසීරු අවස්ථාවක පාරිභෝගිකයාට පාලන මිලට මෙවැනි භාණ්ඩයක් විකිණුවාම මේක ඔහුගේ හිතේ තිබෙනවා. එවිට ඔහු අවුරුදු ගණනාවක් ඔබගේ ගනුදෙනු කාරයෙක් වේවි... අඩුම තරමේ ඔහු මගින් ඔබට තව ගනුදෙනු කරුවෝ 1-2 ලැබෙන්න පුළුවන්.... මේක ගණනය කරලා බලනකොට ඔබට ඉදිරියට ලැබෙන ලාභය ලක්ෂ ගණනක් වෙන්න පුළුවන්.... ඔබ කඩහිමියකු නම් අද ලැබෙන රුපියල් සියයද නැතිනම් ඉදිරියට ලැබෙන ලොකු ලාභයද වටින්නේ කියල තීරණය කිරීම ඔබට බාරය...
ravi Tuesday, 31 March 2020 06:13 AM
ඔය කියපු දේවල් වලින් සියයට දෙකක් ඡන්දය ලඟාවෙනකොට ලැබේවි.
රවින් Tuesday, 31 March 2020 06:30 AM
සමුපකාරේ ( සම උපකාරේ ) කියන වචනවල තේරුමවත් හරි හැටි නොදත් උදවිය තමයි වැඩිපුරම සමුපකාරේ සේවය කරන්නේ. ලොකු පුටුවලද වෙනසක් නැත. සමුපකාරය හොරු, වන්චනිකයෝ, අවස්තාවදියෝ වගේ ශිෂ්ට සමාජ විරෝදින්ගෙන් තමා වැඩිපුරම පිරිලා තියෙන්නේ. ගම්වලට කෙසේ වෙතත් නගරවලද තත්වයේ වෙනසක් නැත. මිනිසුන් අනවශ්‍ය ලෙස බදු භාණ්ඩ ගොඩ ගසා ගැනීම නිසාවෙන් සැහෙන හිඟයක් මැවී ඇති අතර වෙළඳුන් විසින්ද පටු අදහස් ඇතිව භාණ්ඩ සඟවා ගනී. කෙසේ නමුදු මෙම ගෝලීය ව්‍යසන අවස්ථාව සියලුදෙනාම සහයෝගයෙන් හා අවදානයෙන් සෞක්‍ය අංශවලට සහයෝගයෙන් සිටියොත් අප රටට මෙයින් අත්මිදීමට හැකිවේවි.
lalithm Tuesday, 31 March 2020 07:10 AM
සත්‍යට මුහුණ දිය යුතුයි. පොලිසිය, හමුදාව, රෝහල් සහ සුවසේවා කාර්ය මණ්ඩල වල කැපවීම සහ සාර්ථකත්වය කොතරම් වුවත් සතොස සමුපකාර වැනි අකාර්යක්ෂම ආයතන වලට මහජනයාගේ අවශ්‍යතා ඉටුකරන්න බැහැ වගේ. ඉස්සර පිටි බෙදීම වගේ. හැමදාම හිඟයි. විශේෂයෙන් හදිසි අවස්ථාවලදී. පුද්ගලික අංශයට ගියදා ඉඳල මිනිසුන්ට හිරිහැර වුනානම් මිල වැඩිකිරීම් විතරයි. එළවලු, මාළු, ගෑස්, පාන් බෙදනවා. බෙහෙතුත් හරි කියා හිතමු.. වියලි ආහාර හාල්, සීනි, පරිප්පු, පොල් තෙල් වගේ දේවල් අපේ පැත්තේ ගම්පහ, ඉඹුල්ගොඩ තවම බෙදන්නේ නැහැ... වගකිවයුතු විදියකට. ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ අනුග්‍රහයෙන් කියල මොනවා හරි ටිකක් මලුවලට දමල රු. 500/= ගන්නේ විකුණගෙන ගියා. .ඒක උත්තරයක් නොවේ. හරි වෙලාවක නියමිත දින වලදී බෙදන්න ඕනේ. කාගෙවත් අනුග්‍රහයෙන් නොවෙයි, අදාල ආයතන මගින් ක්‍රමවේදයකට.
upul Shantha Tuesday, 31 March 2020 07:14 AM
මම ඉන්නේ නාවල කොස්වත්තේ අතුරු පාරක අපිට රජයෙන් දෙන කිසිම දෙයක් තාම ලැබුනේ නැහැ අද මේ දැන් කෝට්ටේ නගර සබාවෙන් වාහනයක් ඇවිත් සම්බා කිලො3 පොල්ගෙඩියක් පරිප්පු කි..1 සොයාමීට්2 බෙදුවා... රු500 අනිත් ඔක්කොම පුද්ගලික වාහන වලින් ගෙනාවේ... එත් රතු කැකුළු, තුනපහ වගේ දේවල් නැහැ. එකත් ප්‍රධාන පාරට ගිහින් ගන්න ඕනි... සෙනග පිරෙනවා පරතරය තියාගන්නේ නැහැ. කොච්චර කිව්වත් අහන්නේ නැහැ. ඔකතමයි තත්වේ මෙය රජයේ අවදානය සදහා යොමුකරන්න තාම රජයේ වැඩ පිළිවෙල සාර්ථක නැහැ...
විපරමා Tuesday, 31 March 2020 08:21 AM
සහන ගම්වැසියන්ට නොලැබුනාට දේසපාලුවන්ට ඔනැවටත් වැඩිය ලැබෙනවා ඇති. කාලකන්නි වෙළෙන්දොත් හදන්නෙත් කළ දුටු කල වල ඉහගන්න. මුන්ට හෙන ගහන්ඩ ඕන.