(අජන්ත කුමාර අගලකඩ)
කැබිනට් ඇමැතිවරුන්, විපක්ෂ නායක, හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් සහ ඊට සමාන තනතුරු දරන මන්ත්‍රීවරුන්ට රජයෙන් දී ඇති නිල වාහන මැතිවරණයේදී සිය දේශපාලන කටයුතු සඳහා යොදාගන්නේ නම්, ඒ සඳහා එක් වාහනයකට රුපියල් ලක්ෂය බැගින් මාසික ගාස්තුවක් අයකරගැනීමට රජය තීරණය කර ඇත.
ඒ සඳහා ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී තිබේ.
එම කොන්දේසියට යටත්ව අගමැතිවරයාට, කතානායකවරයාට, හිටපු කතානායකවරයාට, හිටපු රාජ්‍ය ඇමැතිවරුන්ට හා ඒ හා සමාන තනතුරක් දරන මන්ත්‍රීවරුන්ට සිය තනතුරට හිමි නිල වාහන ඡන්ද කටයුතු සඳහා භාවිත කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.
මේ අතර, දේශපාලන කටයුතු සඳහා ගුවන්යානා හෝ හෙලිකොප්ටර් භාවිත කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් වන සියලු වියදම්ද ඔවුන් විසින් පෞද්ගලිකව දැරිය යුතු වේ.
අගමැති, කතානායක, අගමැතිවරුන් හෝ විපක්ෂ නායක තම පක්ෂයේ හෝ තමාගේ අපේක්ෂකවරුන් ප්‍රවර්ධනය සඳහා රජයේ නිල නිවාස යොදා ගන්නේ නම්, ඒ සඳහා ද රුපියල් ලක්ෂයකට මාසික ගාස්තුවක් රජයට ගෙවිය යුතු බවටද අමාත්‍ය මණ්ඩලයේ නියම කර ඇත.
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
රජයේ වාහන මැතිවරණයට ගත්තොත් ලක්ෂයක් අයකරයි