(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 වසංගත තත්ත්වය යළි වර්ධනයවීම හේතුවෙන් රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල කැඳවීම සීමා කිරීමට තීරණය කර ඇතැයි රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා පවසයි.
ඒ අනුව කාර්ය මණ්ඩල සීමා කරමින් සේවා පවත්වාගෙන යාම පිළිබඳ චක්‍රලේඛයක් හෙට (27) දිනයේදී නිකුත් කරන බව ලේකම්වරයා කියයි.
කොවිඩ් පළමු රැල්ල සමයේදී මෙන් රාජ්‍ය ආයතන වෙතට ගෙන්වා ගන්නා කාර්ය මණ්ඩල සීමා කිරීම, කාර්යාල වෙත නොපැමිණෙන සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කරදීම මෙම චක්‍රලේඛය මගින් අවසර ලබාදෙන බව ද රත්නසිරි මහතා සඳහන් කළේය. නව කොවිඩ් තත්ත්වය හමුවේ රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධ තවත් නිර්දේශ ගණනාවක් මෙම චක්‍රලේඛයට ඇතුළත් කරන බව ද ලේකම්වරයා කීවේය.
සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි, නව වසංගත තත්ත්වයට මුහුණදීමේ අරමුණින් මෙම චක්‍රලේඛය නිකුත් කරන බව ජේ.ජේ රත්නසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි
ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල
රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
රාජ්‍ය සේවකයන් කැඳවීම සීමා කරයි
Jayantha Monday, 26 April 2021 09:10 AM
පාසල් වැසීම ගැන ගුරු විදුහල්පතිවරු කතා කරපු ගමන් මිනිස්සු යක්ෂාවේෂ වෙනවා... ගුරු විදුහල්පතිවරුන්ට නිවාඩු ඕනෑවෙලා කියලා. වැඩිහිටියන්වත් සෞඛ්‍ය පුරුදු නොසලකා හැසිරෙන බව පැහැදිලිව පෙනෙද්දී පාසල් ආරක්ෂිතයි කියන තර්කය හාස්‍ය ජනකයි. ඇත්ත තත්ත්වය දරුවන්ගේ දුරස්ථභාවය සහ අනෙකුත් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් පාසලක් තුළ පවත්වාගෙන යාම අතිශය අසීරු බවයි. නමුත් දෙමව්පියන් තම දරුවාට කෝවිඩ් හැදෙනතුරු මෙය පිළිගන්නේ නෑ. පාසල් වහන්නේ නැත්තේ ඇයි කියලා ඔබට හිතෙන්න නම් ඔබේ දරුවාට කෝවිඩ් හැදෙන්නම ඕනෑ...
මුණසිංහMonday, 26 April 2021 12:01 PM
ඇත්තටම පාසල් අවම වශයෙන් සති2 කටවත් වසා දැමිය යුතුයි. අඩුම සෞඛ්‍යාරක්ෂාව තියෙන්නේ පාසල්වල. දෙමාපියන් පාසලක් ඇතුළට ගිහින් බලන්න ළමයි ඉන්න හැටි. ඒවාට ගුරුවරුන්ට දොස් කියන්න බැහැ. ඒක ළමා ගතිය. මාස්ක් එක පවා හුවමාරු කරගන්නා පොඩි ළමයි ඉන්නවා. ළමයි එක තැනක කොටු කරගෙන දෑත් බැඳලා, කකුල් බැඳලා තියාගන්න බැහැ. මෙය විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන බලධාරින් තේරුම් ගත යුතුයි. අපේ ළමයි නම් අපි සති 2කට ගෙදර තියා ගන්නවා.
සුනිල් Monday, 26 April 2021 09:37 AM
පුද්ගලික අංශ ගැන නම් කතාකරලා වැඩක් නෑ ඉතින්.. ඒවගේ වැඩ කරන මිනිස්සුන්ට කොරෝනා හැදෙන්නේ නෑ වගේ තමයි... ඒවගේ ලොක්කන් හිතන් ඉන්නේ... බහුතරයක් ඒ වගේ තත්වය මේක තමයි..