IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


රජයේ සේවක වැටුප් කැපීමට රජය තීරණයක් ගෙන නැහැ

(සුජිත් හේවාජුලිගේ)

රජයේ සේවකයන්ගේ වැටුප් වලින් අඩක් ගැනීමට තීරණය කර නැතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

නමුත් විවිධ අර්බුද අවස්ථාවලදී ජනතාව රට වෙනුවෙන් විවිධ කැපවීම් කර ඇතැයිද හෙතෙම සඳහන් කළේ‍ය.

මෙවැනි අවස්ථාවකදී සියලු දෙනා පරිත්‍යාග කිරීම් කළහොත් එදිනෙදා ජීවනෝපාය කරගෙන ජීවත්වන අයට කිසියම් සහනයක් සැලසීමට හැකි වනු ඇතැයි ප්‍රසන්න රණතුංග ඇමතිවරයා යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව පැවසූ වෙළඳ ඇමැතිවරයා පවතින තත්වය හමුවේ දෙස් විදෙස් සියලූදෙනාගේ පරිත්‍යාග රජය බලාපොරොත්තු වන බවද පැවසුවේය .

ඔහු මෙසේ පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

 



අදහස් (15)

රජයේ සේවක වැටුප් කැපීමට රජය තීරණයක් ගෙන නැහැ

akila Saturday, 21 August 2021 08:36 PM

මෙවැනි අවස්ථාවකදී කැපවීම් පිළිබඳව, මුලින්ම රට පාලනය කරන උදවිය රටේ මිනිසුන්ට ආදර්ශයක් දීම වැදගත් බවයි මගේ අදහස...

:       0       6

Lalith M Saturday, 21 August 2021 09:09 PM

ආණ්ඩුවේ අයට ආයිත් රථගාය ගහල දඟලන ගමන් මහජනයාට පරිත්‍යාග කරන්න කියනවා. මොලේ කචල් වෙලා.

:       0       6

Raveendra Saturday, 21 August 2021 09:27 PM

අනේ බන්දු අයියේ ඔහෙලා ( 225 ම හොදේ ) අවුරුදු 60ල 70ක් ම අපේ රට උලා කෑවනේ. ඉතින් ඔය එක එක විගඩම් ඕනේ නැහැනේ කල යුත්තේ මෙයයි පට්ටියේ 225 ම වැටුප් මෙන්ම දීමනා ඒ කිසිදු ශතෙක දෙයක් අඩුවශයෙන් අව්රුද්දක්වත් එක දිගට නොගෙන ඒ මුදල් කන්දරාවම මහජන සුබසිද්ධිය වෙනුවෙන් වියදම් කරන එකනේ.

:       1       3

දේශ හිතයිෂි ජාතික ව්‍යාපාරය Saturday, 21 August 2021 09:35 PM

මේ වෙලාවේ තමයි පක්ෂ විපක්ෂ එකතුවෙලා වැඩ කරන්න ඕනෑ. ඒත් ලංකාවේ. පෙළපාලි යනවා පඩි වැඩි කරන්න කියලා...

:       3       2

Nuwa Saturday, 21 August 2021 09:36 PM

පොඩි මිනිහාට බයික් එකක් ගන්න තිබුණු අවස්ථාවත් නැතිකරලා මේ අයට සුඛෝපභෝගී වාහන ඕඩර් කරලා දැන් පඩියත් කපන්න හදනවා..

:       0       6

SL Saturday, 21 August 2021 09:41 PM

මේ වෙලාවේ සියලුම විරෝධතා අතහැරලා යම්කිසි වැඩපිළිවෙලකට රජය විපක්ෂය යායුතුයි. රටේ තියෙන තත්වය පැහැදිලිව රජය ප්‍රත්‍යක්ෂ කළයුතු අතරම, විපක්ෂය මෝඩ චූන් නොදී ප්‍රායෝගිකව රජයට සහාය දිය යුතුමයි. විපක්ෂය, පඩි වැඩි කරන්න කියකියා පෙළපාලි යනවාට වඩා එය රටට අර්ථයක් ගෙනදේවි...

:       4       1

samantha Saturday, 21 August 2021 09:54 PM

හැම පාලකයකුම කරේ රට ගොඩ නගනවා කිය කිය හොරා කාපු එකනේ. අන්තිමේ දැන් රට හිඟා කනවා .රටේ කෘෂිකර්මාන්තය දියුණු කරලා කෑම ටිකවත් ලැස්ති කර ගන්න ඕන කමක් නෑ .මිනිස්සු රජයෙන් යැපෙන්න බලන් ඉන්නවා .රජය ලෝකයෙන් දෙනකම් බලන් ඉන්නවා .කවද්ද මේ රටේ ණය ගෙවලා ඉවර වෙන්නේ. කිසිම සැලැස්මක් නැ පාලකයන්ට (උපුටා ගැනීමක් මෙසේ ලියමි ) ඇපල් සමාගම එක් ආයතනයක් විදිහට පෝන් එකක් හදලා විකුණලා ලාබ ලබනවා .ඇයි අපට බැරි රටක් විදිහට නැගී සිටිමින් මේ ණය ගෙවලා රට සංවර්ධනය කරලා රටේ ජනයාගේ ආර්ථීකය දියුණු කරන්න ....... කුමක් කරන්නද රටට චීනයේ පිහිටම තමයි මෙහෙම ගියොත්.

:       1       5

Sri Lanka Sunday, 22 August 2021 01:50 AM

නිකන් මොකටද පඩි ගෙවන්නේ ?පඩි කපන්න. ඔය කට්ටිය තමයි රට වහන්න කියන්නේ නිකං ඉඳලා පඩි ගන්න

:       3       3

Sk Sunday, 22 August 2021 06:57 AM

කැපුවත් කමක් නැහැ වැඩක් කරන්නේ නැහැ බොහෝ දෙනා.

:       3       4

අබිලින් Sunday, 22 August 2021 07:31 AM

වැඩියෙන් ගන්න පොහොට්ටුවට සියලු රජයේ නිළදාරින් (විසේසයෙන් දීප ව්‍යාප්ත සේවකයින් කොටසක් ) උදවු කලා එහෙම අයගෙන් අය කලත් වරදක් නැහැ කොහොමත් ගොනා හැරෙන්න පොල්පැලේ කන්න කියලා හිතන්න

:       3       1

Jagath Sunday, 22 August 2021 11:38 AM

පුද්ගලික අංශයේ අදායම් බදු වැඩි කරන්න වගේ හදන්නේ. රජයේ සේවය කරන 1,400,000 ට කරන්න පුළුවන් හැම කැප කිරීමක්ම කරලා තියෙන නිසා, මේ අවස්ථාවේ රට ගොඩගන්න පුළුවන් බදු ගෙවන අයට පමණයි කියලා කියයි ළඟදීම.

:       0       5

සිල්වා Sunday, 22 August 2021 12:55 PM

මුදල් ටිකක් අව්චු ගහලා පඩි වැඩි කරාම ඔක්කොම ප්‍රශ්න ඉවරයි.

:       0       3

එච් එම් ගුණවර්ධන Sunday, 22 August 2021 01:12 PM

දෙස් විදෙස් සියලු දෙනාගේ පරිත්‍යාග ලබාගන්න නම් පාර්ලිමේන්තුවේ සෑම පක්ෂයකින්ම එක් නියෝජිතයා බැගින් සහබාගි වෙන කොමිටියක් පත් කරන්න ඒ කොමිටිය මගින් පමණක් පාලනය වෙන ගිණුමක් ආරම්භ කර ඒ ගිණුමට පරිත්‍යාග එකතු කරන්න ඉන් පසු ඒ කොමිට්ය මගින් ආධාර ලැබියයුතු අසරණ පවුල්වලට සදාරනව ලබා දිය යුතුය. මුළු රටේම ජනතාව නියෝජනය කරන නියෝජිතයෝ පාර්ලිමේන්තුවේ සිටින නිසා ජනතාවට අසාධාරණයක්‌ නොවෙන අතර යටිමඩි ගසා ගැනීමට ඇති අවස්ථාව අවමවේ.

:       0       0

එච් එම් ගුණවර්ධන Sunday, 22 August 2021 01:33 PM

ඇමැති සහ මන්ත්‍රීවරුනි, පාර්ලිමේන්තුවේ කෑම සම්පූර්ණයෙන් නවත්වලා ඒ සම්පූර්ණ මුදල අරමුදලකට එකතු කරන්න ඒ වගේම කෝවිඩ් පාලනය කරනතුරු ඔබලාගේ වැටුපෙන් 50%ක් ඒ අරමුදලට ලබාදෙන්න. ඔබ ආදර්ශමත් වුණොත් දෙස් විදෙස් අය පරිත්‍යාග කරනු ඇත...

:       0       1

Bamunuarachchi Sunday, 22 August 2021 07:57 PM

බාගෙකට අඩුකලාට කමක් නැහැ අපි විරුද්ද නැහැ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 210 0

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 646 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 182 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 189 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 751 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 248 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site