IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


රජරට සරසවියේ පළමු කාන්තා උපකුලපතිනිය පත්වෙයි

(මනුල වික්‍රම)

ශ්‍රි ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිනිය ලෙස මහාචාර්ය සංජිවනී ගිනිගද්දර මහත්මිය පත්කරනු ලැබ සිටියි.

ඇය එම විශ්වවිද්‍යාලයේ හත්වන උපකුලපතිනිය වන අතර එම තනතුර ලබන පළමුවන කාන්තාව ද වේ.

ගිනිගද්දර මහත්මිය මීට පෙර එම විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්යවරියක ලෙස කටයුතු කළ අතර ජනාධිපතිවරයා විසින් අද (13) එම පත්වීම සිදුකර තිබෙන්නේ නව උපකුලපති තනතුර පත්කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සහ එම සරසවි පාලක සභාව මගින් කරන ලද නිර්දේශවලට අනුව ය.

ඇය විශ්වවිද්‍යාලය හා ව්‍යවසායකියන් අතර මනා සම්බන්ධතාවයක් ගොඩනැගීම ආදී නව නිපැයුම් ක්ෂේත්‍රයන්ට සම්බන්ධව කටයුතු රාශියකට උරදි සිටින කෘෂි පර්යේෂණ හා නව තාක්ෂණ ආදී ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමුකළ පර්යේෂකාවියකි.

රජරට විශ්වවිද්‍යාලයේ මෑත දී ආරම්භ කළ  ව්‍යාපාර සම්බන්ධීකරන කාර්යාලයේ අධ්‍යක්ෂිකාව වශයෙන් ද ඇය කටයුතු කළා ය.

රජරට ව්‍යවසායකියන්ට හා කෘෂි කාර්මිකයින්ට අවශ්‍ය නව පර්යේෂණ, දැනුම් හා  තාක්ෂණය නම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ සේවාව උපරිම ආකාරයෙන් ලබාදිම සහ රජරට සරසිවියෙන් පිහිවන විද්‍යාර්ථයින් රටේ සංවර්ධනය සඳහා උපරිම ආකාරයෙන් දායක කරගැනීමේ ක්‍රමවේදයක් සැකසිම ආදී අරමුණු රාශියක් ක්‍රියාවට නැගීමටත්ඇය අපේක්ෂා කරන්නීය.



අදහස් (2)

රජරට සරසවියේ පළමු කාන්තා උපකුලපතිනිය පත්වෙයි

G R M Gamlath Tuesday, 14 December 2021 10:19 AM

මගේ සුභ පැතුම්!

:       0       0

fairoos Tuesday, 14 December 2021 12:54 PM

නිර්දේශවලට අනුව නම් හොඳයි .නැත්නම් සර් ට කඩේ යන කෙනෙක්නම් ඉතින් කියලා වැඩක් නැහැ තමා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 108 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1142 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 322 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 168 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 105 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 782 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 736 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site