(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)
බලන්ගොඩ රජවක රජයේ රක්ෂිතයට ඇතුළු වී වල්ලාපට්ට කැපීමේ ජාවාරමක නිරත වු තිදෙනෙකුට රුපියල් 135,000 ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (08) නියෝග කළේය.
බලන්ගොඩ ඉමුල්පේ අලුත්නුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකුට මෙලෙස දඩ නියම විය.
රක්ෂිතයට අයුතු ලෙස ඇතුළු වීමේ චෝදනාව යටතේ රුපියල් 105,000 ක දඩයක් සහ රක්ෂිතයේ වල්ලාපට්ට කපා එහි ඇති රෙසින් ග්‍රෑම් 750 ක් එක් රැස් කිරීම වෙනුවෙන් රුපියල් 30,000 ක දඩ මුදලක් ද ගෙවීමට සිදු විය.
අඩවි වන නිලධාරින් විසින් මොවුන් රජවක රක්ෂිතයේ වල්ලාපට්ට කැපීමේ නිරතවෙමින් සිටියදි අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පවරා බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිපත් කිරීමට කටයුතු කර තිබිණි.
බොරැල්ල ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය ගෙන කහවත්ත ප්‍රදේශයේ පුද්ගලයන්ට මුදලට අලෙවි කරමින් ජාවාරමේ යෙදුණු අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්යාල කා
චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ඉ
ආණ්ඩුව ජනතා ප්‍රශ්න විසඳනවා වෙනුවට කරන්නේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට දෝෂාරෝපණය කරමින් සිටීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන ම
මෙරට සෞඛ්‍ය පද්ධතියේ පාවිච්චි කළ ගුණාත්මකභාවයෙන් අඩු බවට තහවුරු ඖෂධ කාණ්ඩ හා ශල්‍ය උපකරණ 300 කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධව පූර්ණ විමර්ශනයක් කරන ලෙස අපර
කොළඹ නගර සීමාවේ ප්‍රදේශ කිහිපයකට හෙට (16) පස්වරු 6.00 සිට අනිද්දා (17) පෙරවරු 6.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැ
මෙරට බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදනාගාරවලින් නිෂ්පාදනය කර නිකුත් කරන මත්පැන් මධ්‍යසාර වෙනුවෙන් මෙම ජනවාරි 11 දින සිට බල පැවැත්වෙන පරිදි අයවිය යුතු සු
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
රජවක රක්ෂිතයේ වල්ලපට්ට කැපූ තිදෙනාට දඩ
Champa Tuesday, 08 September 2020 12:44 PM
වල්ලපට්ට විකුණලා හම්බ කරගත්ත ගාණත් එක්ක මේ දඩය සොච්චමක් වෙන්න පුළුවන්... මෙවන් අපරාධකරුවන්ට දීර්ඝ කාලීන සිර දඬුවම් දෙන්න පුළුවන් විදිහට නීතිය වෙනස් වෙන්න ඕනේ...
Nihal Tuesday, 08 September 2020 02:07 PM
කරනවා නම් මේ වගේ දේවල් නොකර මුළු රක්ෂිතයම කපන්න ඕනෑ. පොඩි හොර වැඩ තේරුමක් නෑ. මේ මම කියන දෙයක් නෙමෙයි. පහුගිය කාලේ දේශපාලකයින් පෙන්නපු ඒවා.
dhamneth Wednesday, 09 September 2020 01:53 AM
රබර් වෙනුවට වල්ලපට්ටා වගාකර අදායමක් ලබාගත හැකිද කියා රජය සොයාබැලුවොත් හොඳයි.