IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


රටට ජාතික ආණ්ඩුවක් ඕනෑ

(බිඟුන් මේනක ගමගේ) 

ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමෙන් මිස මහ මැතිවරණයකට යෑමෙන් මේ අවස්ථාවේ රටට පලක් නැතැයි ද ඒ සඳහා සුදුසු පියවර ජාතික ආණ්ඩුවක් පිහිටුවීම යැයි ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා ‘ලංකාදීප’ යට පැවසීය.

ඒ මහතා මෙම අදහස පළ කළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පිහිටුවීමට සහාය පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් හතර දෙනෙකුගේ නම් ඇමැති ධුර පිරිනැමීමට යෝජනා කරමින් එ.ජා.පය විසින් ජනාධිපතිවරයාට කරන ලද ඉල්ලීම ගැන කළ විමසීමේදීය. 

පියසේන ගමගේ, ඒ.එච්.එම් ෆවුසි, විජිත් විජයමුනි සොයිසා හා ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මන්ත්‍රීවරුන්ගේ නම් ජනාධිපතිවරයාට යොමු කළ ලැයිස්තුවේ ඇති බවට මාධ්‍ය වාර්තා පළ විය.

පියසේන ගමගේ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

“පවතින දේශපාලන ක්‍රමය තුළ බහුතර බලයක් ලබාගන්න එකම පක්ෂයකටවත් හැකියාවක් නෑ. ඉතින් සුළුතර බලයක් සහිත ආණ්ඩු තමයි හැදෙන්නේ. ඒක රටට අවදානම්. ශක්තිමත් ආණ්ඩුවක් නැතිව රටක් පාලනය කරන්න බෑ. ස්ථිර වැඩපිළිවෙලක් දිගට ක්‍රියාත්මක වෙන්න නම් ශක්තිමත් ආණ්ඩුවක් ඕනෑ. ජාතික ආණ්ඩුවක් කියන්නේ සියලු පක්ෂ එකතු වෙන දේශපාලන ක්‍රියාවලියක්නේ. එතැනදි ප්‍රධාන දේශපාලන පක්ෂ වගේම සුළු පක්ෂත් එකතු වී රටට අර්ථවත් වැඩක් කරන්න පුළුවන කියන මතයේ මම ඉන්නවා.”

“දැන් තියෙන්නෙ ජාතික ආණ්ඩුවක් නෙවෙයිද? දැනුත් පක්ෂ දෙකක නියෝජනයක් තියෙන්නෙ. ජනාධිපතිතුමා එක පක්ෂෙක. අගමැතිතුමා තවත් පක්ෂෙක. ජනාධිපතිතුමා මේ ආණ්ඩුවෙ ප්‍රධානතම අමාත්‍යංශ හතරක පමණ ඇමැතිවරයායි. ආරක්ෂාව, පරිසරය, නීතිය හා සාමය ආදී වශයෙන් ගත්තාම මේ ආණ්ඩුවෙන් බාගයක් පමණ තිබෙන්නේ ජනාධිපතිවරයාටනෙ. මේ ආණ්ඩුව දුවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හා එක්සත් ජාතික පක්ෂයෙන්. දැනටම ජාතික ආණ්ඩුව පණගැන්විලා ඉවරයි. මේකෙ අලුතින් පිහිටුවන්න දෙයක් නෑ. ඒක හරි විහිළුවක්. ”  

මේ ගැන කළ විමසීමේදී ලක්ෂ්මන් සෙනෙවිරත්න මන්ත්‍රීවරයා අදහස් පළ කිරීමට නොහැකි බව කී අතර ඒ.එච්.එම් ෆවුසි හා විජයමුනි සොයිසා යන මන්ත්‍රීවරුන් අවධාරණය කළේ සිය නම් ඇමැති ධුර සඳහා යෝජනා කර ඇත්තේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට නොවන බවටය.

කැබිනට් මණ්ඩලය තිහක සීමාවේ පවතින අතර මෙම මන්ත්‍රීවරුන් කැබිනට් මණ්ඩලයට ඇතුලත් කරගැනීමට නම් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජාතික ආණ්ඩුවක් පිහිටුවිය යුතුය. 

 



අදහස් (0)

රටට ජාතික ආණ්ඩුවක් ඕනෑ

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 621 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 175 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 507 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 124 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1747 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site