IMG-LOGO

2025 මාර්තු මස 15 වන සෙනසුරාදා


රටවල් 5කින් සංචාරකයින් ගෙන්වන්න වැඩපිළිවෙළක්

( තිළිණි ද සිල්වා )

ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා ලොව ප්‍රමුඛ පෙළේ  රටවල් 05ක් ඉලක්ක කර ගනිමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාශයට උපදෙස් දී ඇත.

ඒ අනුව ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ඉන්දියාව, රුසියාව යන රටවල මෙම ප්‍රවර්ධන කටයුතු සිදුකෙරෙන බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී.

ඊට අමතරව කසකස්තාන‍ය, යුක්රේනය සහ මැදපෙරදිග කලාපයේ ද ප්‍රවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස ද ඇමතිවරයා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයයේ බලධාරීන්ට උපදෙස් දී ඇත.

සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂක මණ්ඩලය සහ ප්‍රධානීන් සමග සංචාරක අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදී ඇමතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය. 

ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ගෝලීය ප්‍රවර්ධන වැඩසටහනට අමතරව මෙම විශේෂ ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන ලෙස ද ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.

පසුගිය ජනවාරී මාසයේ සිට ඔක්තෝම්බර් 24 වෙනිදා දක්වා මෙරටට සංචාරකයන් 54,768 පැමිණි බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී.

පසුගිය සැප්තැම්බර් මාසයේදී සංචාරකයන් 13547ක්  මෙරටට පැමිණ ඇති අතර ඔක්තෝම්බර් මාසයේ 01 වෙනිදා සිට මේ දක්වා සංචාරකයන් 16,451 දෙනෙකු පැමිණ ඇතැයි මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.ඉන්දියාව, එක්සත් රාජධානීය,පාකිස්ථානය,රුසියානු සමූහාණ්ඩුව,  ජර්මනිය, මාලදිවයින, කැනඩාව , ප්‍රංශය, ඇමරිකාව, ඉන්දුනිසියාව  යන රටවල් 10යෙන් මෙම පිරිස පැමිණ තිබේ. 

ඒ අනුව ඉදිරි මාස කිහිපය තුල එම රටවල සංචාරකයන් ඉලක්ක කර ගනිමින් කෙටි කාලීන හා දීර්ඝ කාලීන ප්‍රවර්ධන වැඩසටහන් , සංචාරක නියෝජිත හමු මාධ්‍ය හා සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් මේ යටතේ ක්‍රියාත්මක වනු ඇතැයි සංචාරක අමාත්‍යාංශය කියා සිටී. 



අදහස් (1)

රටවල් 5කින් සංචාරකයින් ගෙන්වන්න වැඩපිළිවෙළක්

දියුණු මනස Wednesday, 27 October 2021 08:14 AM

රටට ඩොලර් ගෙනෙන එක හොද නම් තමයි. හැබැයි අපේ රටේ පැහැදිලි නීති නිර්නායක සහ වගවීම අඩු බව හැම තැනකම ප්‍රසිද්ධ වෙලා. කාර්යක්ෂම භාවය වෙනුවට සම්බන්ධීකරණය අඩුයි. එක නිලධාරියෙක් එක නීතියක් කියන කොට තව නිලධාරියෙක් වෙනස් දෙයක් කියනවා. ගුවන්තොටුපලට ඇතුළු වුනු තැන ඉදන් අපැහැදිලි මාර්ගෝපදේශ සහ ඉන් පසු ගසා කෑමට බලා ඉන්න උදවිය. මෙහෙ අයට මේවා පුරුදු වුනත් විදේශ රටවල අය මේවා කීයටවත් ඉවසන්න පුරුදු නෑ. මොකද කිව්වොත් ඒ රටවල නීතිය කාටත් එකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

අපුර රෝහලේ ආරක්ෂාව ගැන බලන්න ත්‍රිපුද්ගල කමිටුවක්
2025 මාර්තු මස 15 246 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් සැපයීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේක


ජීඑස්පී ප්ලස් කණ්ඩායම අප්‍රේල් දිවයිනට
2025 මාර්තු මස 15 193 0

පොදු වරණීය බදු පහසුකම නොහොත් ජීඑස්පී ප්ලස් සමාලෝචනය කිරීමට එහි කණ්ඩායමක් අප්‍රේල් මාසයේදී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පා


මන්ත්‍රීවරු කෑමට පස්ස ගහලා
2025 මාර්තු මස 15 2234 1

දෛනික ආහාර මිල රුපියල් දෙදහසක් දක්වා වැඩි කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ආහාර ගැනීම යම් මට්ටමකට අඩු වී ඇතැයි වාර්තාවේ.


සේදවත්තේ දෙදෙනකු කපා කොටා ඝාතනය කරලා
2025 මාර්තු මස 15 893 1

පුද්ගලයන් දෙපිරිසක් ඇතුව ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් පුද්ගලයන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි.


බටලන්ද වාර්තාවෙන් චෝදනා ලැබූ කට්ටිය මෙන්න..
2025 මාර්තු මස 15 3198 1

බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් දේශපාලනඥයන් පොලිස් ප්‍රධානීන් ඇතුළු පහළොස් දෙනෙකුට එරෙහිව එම වධකාගාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභ


මෝදි අප්‍රේල් මුල ලංකාවට
2025 මාර්තු මස 15 513 2

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අප්‍රේල් මුල ලංකාවට පැමිණ අලුත් අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කරන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 281 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 637 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 273 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site