(අංජුල මහික වීරරත්න)
ජනතාව ගැන නොසිතා තමන් ගැන පමණක් සිතන ආණ්ඩුව නිසා ඉතිහාසයේ කිසි දිනක නොවූ තරම් ආර්ථික සහ රෝග බියෙන් යුතු අගාධයකට ජනතාව ඇද වැටී ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ආණ්ඩුවක මූලික ලක්ෂණයක් විය යුත්තේ නිවැරදි තීරණ හරි වෙලාවට ගැනීම බව කී විජයවර්ධන මහතා එම ලක්ෂණ නැති ආණ්ඩුව නිසා ජනතාව මිහිපිට අපායකට ඇද වැටී තිබෙන බවද සඳහන් කළේය.
ආණ්ඩුව කොරෝනා මර්දනය අතහැරීම හේතුවෙන් වෙළෙඳ සංගම් මැදිහත් වී ජනතාව ආරක්ෂා කිරීමට පියවර ගැනීම ගැන ආණ්ඩුව ලැජ්ජා විය යුතු බව ද විජයවර්ධන මහතා කීය.
රජයේ ඇතැම් පාර්ශව මෙය ස්වයං විනයක් ලෙස හැදින්වුව ද මෙයින් පැහැදිලි වන්නේ රටේ ආණ්ඩුවක් නැති බව රටට පෙන්වා දීමක් බව කී නියෝජ්‍ය නායකයා එයින් පැහැදිලි වන්නේ රට අරාජික වී ඇති බව යැයිද සඳහන් කළේය.
සූම් තාක්ෂණය ඔස්සේ පැවති පක්ෂ ක්‍රියාකාරී හමුවකදී රුවන් විජයවර්ධන මහතා මෙි බව කීය.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘රට ආර්ථික සහ රෝග බියෙන් යුතු අගාධයකට වැටිලා‘
මුණසිංහ Wednesday, 18 August 2021 04:58 PM
වසංගත රෝග ඉස්සරහට දාගෙන දේශපාලන වාසි හොයන තමුන්නැහැලාට කවදාවත් ජනතාවගේ කැමැත්ත ලැබෙන්නේ නැහැ....
RaveendraWednesday, 18 August 2021 05:33 PM
සහතික ඇත්ත. මේ නම් වචනයේ අර්ථයෙන්ම කාලකණ්ණිය...
Asanga Wednesday, 18 August 2021 06:15 PM
මේවගේ වෙලාවටත් ඔබලාගේ බංකොළොත් දේශපාලන වාසි ගන්නේ ඇයි?
චමින්ද ජයනාත් ජයසූරිය Wednesday, 18 August 2021 06:45 PM
අඩු වැඩි වශයෙන් මේ රට කරවපු එය හැමගොල්ලන්ම අද මේ දේට වගකිව යුතුයි. කාටවත් අත පිහදාගෙන යන්න ජනතාව දෙයි කියලා මම නම් හිතන්නේ නැ... මේ රටේ හොඳ ආර්ථිකයක් තිබුණා නම් අද මේ රට මාසෙකට වුණත් වහලා තියන්න තිබුණනේ... හැමෝම කලේ අහිංසක ජනතාවගේ සල්ලි හොරා කාපු එකයි. අවසානෙට මේ වගේ වසංගතයක් ආපුවාම මැරෙන්නෙත් ඒ අහිංසකයින්.. තම තමන්ගේ හෘද සාක්ෂියට තට්ටුකරලා බලන්න... එතකොට තේරෙයි.. මේ මියයන හැම කෙනෙකුටම ඔය හැමෝම වගකියන්න ඕනෑ බව...
RaveendraWednesday, 18 August 2021 08:27 PM
ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය..... මේ අය හැම එකාම තම තමන්ගේ කුර දිගු කරමින් අනිත් අයට වැරදියි අපි හිටියා නම් මෙහෙම වෙන්නේ නැහැ යන්න නොකියා කියනවා නොවේද ? එමගින්ම මිනිසුන්ට පැහැදිලි වෙන්නේ මේ රැල මොනතරම් පහත් 225 යන්න නොවේද...?
Sri Lanka Wednesday, 18 August 2021 07:22 PM
ඔය කියන දෙකම මහ පොළවේ නෑ... තියෙන්නේ මීඩියාවල... බොරදියේ මාළු බාන්න එපා...
SUNIL MILANO Wednesday, 18 August 2021 08:40 PM
නිවැරදි තීරණ හරි වෙලාවේ ගත්තේ...
Bandara Wednesday, 18 August 2021 11:44 PM
කිව්වොත් කියන්නේ ඔයවගේ කතා තමයි. මේක හදිසි ආපදා තත්වයක්... වසංගතයක්... ඔයා ලොරි ටෝක් දෙනවා.