(යොහාන් භාසුර)
රට තුළ නිරෝධායන ඇඳුරිනීතිය ක්‍රියාත්මක වන ආකාරය ඉතාමත් හොඳ තත්වයක පවතින බවත් කවුරු මොනවා කිව්වත් රට සම්පූර්ණයෙන්ම විවෘතව තබනවාට වඩා මේ ආකාරයට හෝ වසා තිබීම ප්‍රතිඵලදායක බවත් රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.
මෙවැනි තීරණ ගන්නා විට රටේ ආර්ථික ගැන අවධානය යොමු කළ යුතු බව කී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා කර්මාන්ත ශාලා සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පවත්වාගෙන යෑම එතරම් ගැටලුවක් නොවන බව සඳහන් කළේය.
නිරෝධායන ඇඳිරිනීතිය තව දුරටත් දීර්ඝ කිරීමට සිදුවේද යන්න ගැන තමන්ට කිව්නොහැකි බවත් දැනට ක්‍රියාත්මක වන විදියේ ප්‍රතිඵල සති දෙකකින් ලබාගත හැකි බවත් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා කීය.
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි
ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල
රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘‘රට මේ ආකාරයට වසා තැබීම හොඳයි‘‘
කිරිසුදු හා පැටියා Wednesday, 25 August 2021 09:01 AM
හොඳයි තමා දොස්තර මහත්තයෝ.. ඒත්.. කණ්නාඩියකින් මූණ බැලුවම පේන්නේ වෙන එකෙක් මා දිහා බලන් ඉන්නවා වගෙයි. මොංගල් පෙනුමක් ඇවිල්ලා. ඇසුත් ලොකුවෙලා. කොණ්ඩෙත් වැවිලා. මානසිකව වැටිලා ඉන්නෙ අපි..
Sumith Wednesday, 25 August 2021 09:34 AM
කියන්න ඕන දේ කියන්න කොන්ද පණ නැතිකමයි වරප්‍රසාද නැතිවෙනවට තියෙන බයයි ඊට වැඩිය ලොකු ඇති.
kasun Wednesday, 25 August 2021 10:15 AM
දැන් මාස ගණන් වහගෙන හිටපු රටවලුත් කියනවා වහගෙන ඉන්න එක විසඳුමක් නෙවෙයි කියලා.
මහසෙන් Wednesday, 25 August 2021 11:28 AM
ඇට නැති දිව.
podi malli Wednesday, 25 August 2021 11:30 AM
මේකට වැඩිපුර වගකියන්න ඕන රුපවාහිනී චැනල්. දන්නා හැටියට ඉන්දියාව,ඇමරිකාව වගේ රටවලුත් රට වහන්නේ නෑ. ඒ රටවල් වල වැක්සින් ගහල ඉවරත් නෑ. අපෙත් එක්ක සන්සන්දනේ කලාම එයාලා අඩු ප්‍රතිශතක. නමුත් හැමදාම ලෙඩ්ඩු,මරණ වාර්තා වෙනවා, හැබැයි මාධ්‍ය එව්වා උලුප්පන්නේ නෑ. මොකද ඒ රටවල් දන්නවා මේක අද හෙට ඉවරවෙන වසංගතයක් නොවේ කියල. ඒක නිසා රටවල් ඇරලා තියෙන්නේ.
Sri Lanka Wednesday, 25 August 2021 12:15 PM
ඔව්, රජයේ සේවකයන්ට වෙලාවට පඩි ගෙවනවා. මතක තියාගන්න ලංකාවේ තව කෝටි 02ක් ඉන්නවා පුද්ගලික අංශයේ... කොරෝනාවලින් ගොඩගියේ බටහිර වෙද්දු... රට වහලා කොරෝනා තියා මොන දෙයක්වත් ඉවර කරන්න බෑ. බොරුවට මාධ්‍ය සංදර්ශන දාගෙන පිටරට බෙහෙත් විකුණනවා.
Nihal Wednesday, 25 August 2021 12:58 PM
අපේ ගම්වල ඉන්න සමහර ධනවතුන් කියන්නෙම රට වහන්න කියලා. අපේ අල්ලපු ගෙදර අය කුඩා ලොරියක බදු ගේනවා. අපිටනම් අවුරුද්දක් වැහුවත් කමක් නැතිලු. තියාගෙන කනවා නැති කෙනෙක්ට හාල් කිලෝ 1ක් දෙන්නේ නැහැ
rishan Wednesday, 25 August 2021 07:16 PM
ඔයාලට බැරිද එක පැය 02ක් වැඩිපුර වැඩකරලා මේකට සහයෝගයක් දෙන්න. රට වහන එකම මතුරන්නේ නැතිව...