IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


රට රැකියා දෙන බව කියා මුදල් ගැරූ තිදෙනෙක් අත්අඩංගුවට

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

ඕස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් රැසකගෙන් මුදල් වංචා කිරීමේ යෙදුණු සංවිධානාත්මක කල්ලියක් මෙහෙය වූ පුද්ගලයෙක් ඇතුළු තිදෙනෙක්  ගුවන් ගමන් බලපත්‍ර 98 ක් සමග  බණ්ඩාරගම බොල්ගොඩ  ප්‍රදේශයේ  හෝටලයක දී  අද(8) අත්අඩංගුවට ගත් බව  බණ්ඩාරගම  පොලිසිය කියයි 

එම පුද්ගලයන් පැමිණි බව කියන  සුඛෝපභෝගී මෝටර් රථ දෙකක්ද දෙකක් හා රුපියල් ලක්ෂ දෙකකට අධික මුදලක් ද පොලිස් බාරයට ගෙන ඇත  .

ඕස්ට්‍රේලියාවේ  රැකියා ලබාදෙන බව පවසා බොල්ගොඩ ප්‍රදේශයේ හෝටලයක සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වෙන බවට  බණ්ඩාරගම  පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත  බුද්ධික මහතා ට ලද තොරතුරක් අනුව වැටලීම කළ බව පොලිසිය කියයි

ඕස්ට්‍රේලියාවේ සමාගම් කීපයක   සහ ඇපල් වතු හිමි කරුවෙක් බවට  හඟවා දුර බැහැර වන ප්‍රදේශවල තරුණයන් රවටා මෙම මහා පරිමාණ ජාවාරම  කලක සිට කරගෙන ගොස් ඇති බව මෙතෙක්  සිදුකළ විමර්ශන වල දී  හෙලි වු බව පොලිස් නිලධාරියකු පැවැසීය 

 මූලික ගෙවීමක් ලෙස රුපියල් 20000 සිට ඉහළ මුදල් ප්‍රමාණයන්  සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන අතරවාරයේදී  ඒ සඳහා පැමිණෙන පුද්ගලයන්ගෙන්   ලබාගෙන ඇති බව  පොලිසිය කියයි .

ප්‍රධාන සැකකරු දින කීපයක් මෙම හෝටලයට විවිධ පළාත්වලින්  තරුණයන් ගෙන්වාගෙන   සම්මුඛ පරීක්ෂණ කරන මුවාවෙන් මුදල් වංචා කර ඇති බව  පොලිසිය කියයි

ප්‍රධාන සැකකරු ලිපිනයන් තුනකින් පෙනී සිටින අයෙකු බවත් ,අනෙක් පුද්ගලයන් මිල්ලනිය පදිංචිකරුවෙක් බවත් සැකකාර තරුණිය හොරණ ගුරුගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් පොලිසිය කියයි

කූට ජාවාරම් කරුගේ වංචාවට හසු වූ අය වෙතොත් ළඟම ඇති පොලිසියට බණ්ඩාරගම  පොලිසියට පැමිණිලි කරන පොලිසිය කියයි 

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය 

 

                



අදහස් (0)

රට රැකියා දෙන බව කියා මුදල් ගැරූ තිදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 11 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 131 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 222 0

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


අරාබි රටේ ලාංකික කෑම විකුණන්න අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 05 151 0

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව


ලුණු මිල වැඩි වෙයි
2025 පෙබරවාරි මස 05 271 0

ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.


වී ගන්න කෝටි 500ක් වෙන්කරයි
2025 පෙබරවාරි මස 05 127 0

වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site