IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


රට රතු ඉර පනින මට්ටමට ඇවිල්ලා


(සුජිත් හේවාජුලිගේ )

කොවිඩ්  පාලනය කිරීම සඳහා දින දාහතරක අඛණ්ඩ දැඩි සංචරණ  සීමා පැනවිය යුතු බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා  පවසයි.

කවුරු කුමක් කීවත් විද්‍යාත්මක පදනම මෙය යයිද ඔහු ප්‍රකාශ කරයි.

රට රතු ඉර පනින මට්ටමට පැමිණ ඇති බවත් රජය මේ ගැන තීරණයක් ගත යුතු බවත් මහාචාර්යවරයා සඳහන් කරයි.

කොලෙස්ට්‍රෝල් බැස්සීමට  මිලි ග්‍රාම් විස්සක් අවශ්‍ය නම් දහයක් ගැනීමෙන් නිසි ප්‍රතිඵල ලබාගත  නොහැකි බවත් ආර්ථික ප්‍රශ්න  නිසා හෝ වෙනත් ප්‍රශ්න නිසා හෝ  විද්‍යාත්මක මතය වෙනස් කළ නොහැකි බවත් අර්ජුන ද සිල්වා මහතා  පවසයි .

මහාචාර්ය මලික් පීරිස් මහතා මේ විෂය සම්බන්ධයෙන් සිටින ප්‍රවීණයකු බවත් ඔහු කියන දේ ගැන අප හොඳින් ඇසිය යුතු බවත්  ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

 

 



අදහස් (11)

රට රතු ඉර පනින මට්ටමට ඇවිල්ලා

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 23 May 2021 10:30 AM

ඔබතුමාලා පවසන දේ අප දන්නා නමුත්, ඇතැම් දේශපාලන භවතුන් හා ඒ අයට හෝයියා කියන අය මේවා ගැන අබමල් රේණුවක ගානට තැකීමක් නැහැ. ඒ අයගේ පවුල්වල අයට මේ වසංගතය හැදිලා දිගට හරහට මැරෙන්න ගත්තොත් නම්, ඉතිරි අයට මරණ බය දැනේවි. එසේ වෙනකම් ඒ අයට සත්‍යය වැටහෙන්නේ නැහැ. මොනවට බෙහෙත් තිබුණත්, සමහර දෙනාගේ මෝඩකමට බෙහෙත් නැහැ. අපට තියෙන දුක මේ දිනපතා අසරණ ලෙස මියයන අපේ රටේ මිනිස් ජීවිත ගැනයි.

:       38       94

විජිත් Sunday, 23 May 2021 11:22 AM

මමත් ඔබගේ අදහසේම ඉන්නවා සමිත. මෙතන තිබෙන ප්‍රශ්නය නූගත්කම, පෙරේතකම සහ උද්දච්චකමයි. රටේ මිනිස්සු ජීවත්වුණොත් මුදල් හොයන්න පුළුවන් බව මේ මෝඩ පාලකයින්ට වැටහෙන්නේ නැහැ. දවස් 15 අවම වශයෙන් රට සම්පූර්ණයෙන්ම වසන්න ඕනෑ ඇයි කියලා මේ අයට වැටහෙන්නේ නැහැ. වයිරසයේ ක්‍රියාකාරීත්වය ගැන මේ බූරුවන්ට කොහොම කියාදෙන්නද..? මොවුන්ගේ මොලේ තිබෙන්නේ ශරීරයේ පශ්චාත් භාගයේ බව කවුරුත් කියන්නේ විහිළුවට නොවේ. බලන්න ජර්මනියේ අන්ජෙලා මර්කල් මහත්මිය කිවේ කුමක්ද? " මමවත්, මගේ අැමැති මණ්ඩලයේ අයටවත් මේ ලෙඩේ ගැන පැහැදිලි වැටහීමක් නැහැ.. ඒ නිසා ලෙඩේ ගැන දන්නා සෞඛ්‍ය අංශයේ නිර්දේශ මම ක්‍රියාත්මක කරනවා. මට මගේ රටේ මිනිසුන් වටිනවා.." කියලා. නමුත් අපේ රට විනාශ කරපු " දේශකාපාලුවන් " ට රටේ මිනිසුන් එතරම් වටින්නේ නැති ගානට ඇවිත්. මිනිස්සු මදිවුනොත් ලෝකෙටම කොරෝනා බෝ කරපු හොර චීන්නු ඉන්නවා චීනෙන් ආනයනය කරන්න. ඔවුන්ට කන්න බල්ලෝ, පුසෝ, මීයෝ.. වවුල්ලු ඕනෑතරම් මෙහෙ ඉන්නවා. කෙසේවෙතත් මේ නූගත් හරක් රැල අපේ රට නැත්තටම නැතිකරනවා. හැබැයි දවසක රටේ මහා ජන නැගිටීමක් ඇතිවෙනවා.. එදාට හමුදාව මහජනතාවගේ පැත්ත ගන්නවා. ලෝකයේ හැමතැනම සිදුවුනේ එයයි.

:       30       68

සමිත සේනක අලුත්ගමගේ.Sunday, 23 May 2021 12:00 PM

ස්තුතියි විජිත්...

:       14       25

Prase Sunday, 23 May 2021 10:46 AM

ඔබතුමා වැරැදියි... මිලිග්‍රෑම් 10 දීලා ඉතිරි මිලිග්‍රෑම් 10 ව්‍යායාමයෙන් අඩුකරගන්න ඕනෑ. බෙහෙත්ම නොවේ විසඳුම..

:       466       7

Lion Sunday, 23 May 2021 10:54 AM

බුද්ධිමත් පාලකයෙකුගේ අඩුව ... මේ රටට කවදා පුරවන්න ලැබෙයිද?

:       28       75

martin Sunday, 23 May 2021 11:15 AM

වැල යන පැත්තට මැස්ස ගැහීම උගතුන්ගේ දැක්මයි, කියන දේ වටහා නොගැනීම කණගාටුයි, නමුත් වලපල්ලට ගිහිල්ලා ගොඩ ඒම අපේ රටේ දැක්මයි, නැතුව මේවා හදන්න යාමෙන් තේරුමක් නෑ...

:       13       32

ranjith Sunday, 23 May 2021 11:42 AM

වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කියන දේවත් අහන්නේ නැති පාලකයින් අද ඉන්නේ.. කෝ වියත් මග..? ඒකත් පාර්ලිමේන්තුවට ඒ අයට රිංගා ගන්න හදපු දේශපාලන මගක් නේද?

:       12       45

siri Sunday, 23 May 2021 11:49 AM

අපේ රටේ ලක්ෂ සංඛ්‍යාත විද්වත් වෘත්තිකයින් සහ ව්‍යාපාරකයින් රට හැරයාමට පටන් අරගෙන තියෙනවා කියලා වාර්තාවක් අද පලවී තියෙනවා දැක්කා. ඒ අනුව ඕස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට පමණක් ලක්ෂ 6 කට වැඩි පිරිසක් ඉල්ලුම්පත් යොමුකර යුතු බවයි කියන්නේ. " හීන හැබෑ කරන ලොකු රටක් " කියනකොට ඒවගේ රටක් හොයාගෙන රට හැර යන්න සිද්ධ වෙලා වගෙයි පෙනෙන්නේ. අර 69 ලක්ෂයට ඇතුළත් වුණු වියතුන් බොහෝ පිරිසක් මේ අතරේ ඉන්නවාට සැකයක් නැතිව ඇති...

:       25       41

Kodi Sunday, 23 May 2021 01:06 PM

මේක හරිම ඛේදජනක තත්වයක්. මියයන මිනිසුන් නිකම්ම සංඛ්‍යාංකයක් වන්නේ තමන්ගේ කෙනෙක් මියයන තෙක් පමණයි. ඒ අහිමිවන හැම ජීවිතයක්ම වටිනා පිරිසක් ඒ වටා ඉන්නවා. සමහරවිට ඒ ජීවිත නැවත ගොඩගන්න බැරිතරම් ඛේදවාචකයකට ලක්වෙන්න පුළුවන්... පාලකයින්ට ඒවායේ වගක් නෑ. මේක මහා කරුම රටක්.

:       17       46

Deepal Nirosh Sunday, 23 May 2021 01:43 PM

මහ බැංකු වාර්තා අනුව අප රටේ අපනයන ආදායමින් 45%ක් ඇඟලුම්. ඉතින් දින 14කට හෙවත් අඩ මසකට එම නිෂ්පාදන අත්හිටවුවහොත් රට මුහුණපාන තත්ත්වය හිතා ගත හැකියි නේද? වෛද්‍ය විද්වතුන් වගේම ආර්ථික විද්වතුන් කියන දේටත් වගකිවයුතු රජයකට ඇහුම්කන් දෙන්න සිදු වෙනවා.

:       54       6

chithranandaMonday, 24 May 2021 12:27 AM

දැන් ආර්ථිකයක් හරියට තියෙන්න මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕනෑ නැද්ද? අනික මේ පොඩ්ඩ පොඩ්ඩ වහැලා පැලැස්තර ගහලා කරන ගොන් වැඩෙන් වියදම වැඩිපුර යන බව ඔය ටිකිරි මොළවලට තේරෙන්නේ නැද්ද? දවස් දාහතරක් වැහැලා දීර්ඝ ප්‍රතිඵල ගන්නවද? එහෙම නැතිනම් කෙටි කාලීන විසඳුම් ක්‍රියාත්මක කරලා සදාකාලිකවම මේ ප්‍රශ්නෙත් එක්ක ඉන්නවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි
2025 පෙබරවාරි මස 05 10 0

මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්


ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 530 1

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 709 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 197 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 203 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 814 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site