IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


රටේ වෙන දේවලට ආදිවාසී නායකයාටත් ලැජ්ජා හිතිලා

මේ වන විට රටේ ඇති අර්බුදය හේතුවෙන් ලෝකයේ ජනතාව අතර අපේ රට පිළිබඳව කිසියම් නොසතුටක් ඇති බව තමන්ට ඔවුන්ගේ ඉරියව් වලින් දැනගන්නට හැකි වු බවත් එයට හේතුව රටේ පාලනය කරන ඇත්තන් රට කරවන තැන කරනු ලබන හැසිරිම බවත් ශ්‍රී ලංකාවේ ආදි වාසි නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තෝ පවසති. පසුගියදා  ඉන්දියාවේදි පැවැති රටවල් 28 ක පාරම්පරික වෛද්‍යවරුන්ගේ පාරම්පරික වෛද්‍ය සම්මේලනයකට සහභාගි වු අවස්ථාවේදි  තමන් එසේ මහත් අපහසුතාවට පත්වූ බවද වන්නියලැත්තෝ පැවසූහ. 

ආදිවාසිනායක වන්නිල ඇත්තන් මෙසේ පැවැසුයේ අද (23) පෙරවරුවේ විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් වෛද්‍යවරුන් ඇතුලු විද්වතුන්ගෙන් සමන්විත විජයග්‍රාහී ජාතික සංවිධානයේ නියෝජිතයන් පිරිසක් ආදිවාසි නායකයා හමුවු අවස්ථාවේදිය.

‘‘ඇත්තටම මේ පාර්ලිමේන්තුවේ ඉන්න අය ගුටි පොජ්ජ මන්දු කරගන්නව (ගහ ගන්නව), කටපිච්චෙන කුඩු පොජ්ජ (මිරිස් කුඩු) මන්දු කරගන්නව. මේව ළා කැකුලො මන්දු කරන වැඩ පොජ්ජවල්“ බවද ආදි වාසි නායකයා පැවැසිය.

බවත් ඒ සම්බන්දව ආදිවාසිනායකවරයා මෙසේ අදහස් ප්‍රකාශ කලේය.

“ඒ රටවල් 28 අතරෙ මට පොඩි රුකුල් පොජ්ජක් (පොඩි කාමරයක්) තිබ්බ. ඒකේ ශ්‍රී ලංකාව කියල නම ගහල තිබ්බ. මම එතන මගේ පාරම්පරික  වෛද්‍ය උපකරණ බෙහෙත් ඖෂධ ආදිය තියල තිබ්බ. එක එක රටවල් වල අය ඇවිත් ශ්‍රී ලංකා බෝඩ් එක බලනව. මම ඒ අයගෙ මුහුණ දිහා බලල ඒ, ඉරියව් වලින් තමා අපේ රට කෙරෙහි  වෙනත් රටවල් වල ජනතාවගෙ කැමැත්ත අකමැත්ත බැලුවා.“

“සමහර අය එතනට ඇවිත් බෝල ගහන කැකුළන්ගෙ නම් කියල නියමයි කියනව. සමහර අය මගෙ බෙහෙත් ඖෂධ බලල හොඳයි කියනව. ශ්‍රී ලංකාව කියන බෝඩ් එක දැක්කම තවත් සමහර අයගේ මූණ අඳුරු වෙනවා“

‘‘ අපේ රටේ නම ලෝකෙට යකකොට සමහර කොටසක් සතුටු වෙනව සමහර කොටසක් අපව අප්‍රිය කරන බව මට එයින් තේරුණා. මේකට හේතුව තමා මේ රටේ ඉන්න සියලුම නායකයන්. ඒ ගොල්ලන් කල්පනා කරන්න ඕන තමන්ගෙ බලය හා ශක්තිය ගැන නෙමේ. ජනතාවත් සියලු නායකයොනුත් කල්පනා කරන්න ඕන අපේ රට, ජාතිය,ආගම,සංස්කෘතිය රැක ගන්න ඕන කොහොමද කියලයි“

“අපේ රටේ මේ අර්බුදය ඇතිවන අවස්ථාවෙ මම වෛද්‍ය සම්මේලනයකට සහභාගි වෙලා හිටියෙ ඉන්දියාවෙ. මාත් එක්ක ගිය අය කිව්ව අපේ පාර්ලිමේන්තුවේ කට පිච්චෙන කුඩු පොජ්ජවල් මන්ද කරගෙන (මිරිස් කුඩු ගහගෙන) කියල. ඇත්තටම කල්පනා කරපුවම මේක කොයි තරම් පහත් වැඩක්ද ? මේව මේ ළා කැකුළන් කරන වැඩ. ළා කැකුළන් එකට එකතු උනාම ගුටි පොජ්ජවල් මන්දු කරණව (ගහ ගන්නවා). හැපුම් පොජ්ජ මන්දු කරනව (හපා කනවා)“

“අපේ රටේ ලොකු ඉතිහාසයක් තියෙනව. ඒ ගෞරවය අපි තියාගන්න ඕන. ඒ බව සියලු නායකයන් සිතිය යුතුයි“ යයිද ආදිවාසී නායකයා පැවසීය. 

ආදිවාසී නායකයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය. 

“රටක් හැටියට ජාතියක් හැටියට ලෝකෙට කතා කරන්නෙ මේ රට මහ ජාතියක් කියලයි. මහ ජාතියයි කියල කියන මේ අයගෙ ප්‍රතිපත්ති හැසිරීම මේකද? මේ අයගෙ සංස්කෘතිය මේකද කියල ලෝකෙ ජනතාව හිනාවෙනවා“.

“මම කතා කරන්නෙ නැ අර ජාතිය මේ ජාතිය ගැන. මේ හැම දෙයක්ම විකාරයක්. මිනිස්සු හැටියට මේ ලෝකෙට ඉපදුනේ එක්කෙනයි. අපි සියලු දෙනාම මේ රටේ සහයෝගයෙන් එකට ජිවත් විය යුතුයි“

රටේ අර්බුදකාරි තත්වයට සියලු ජාතින්ගේ ආගමික නායකයන් එකතුව යම් තිරණයකට පැමැණිය යුතුයි. මේ අවස්ථාවේදි, විශේෂයෙන්ම මල්වතු මහානායක හිමිවරුන් හා අස්ගිරි පාර්ශවයේ මහානායක හිමිවරුන් ඇතුලු සියලුම ආගමික නායකයින් එකතුව රටේ ගැටලුව විසදා ගැනිම සදහා නායකයන්ට උපදෙස් දිය යුතු බවද ආදි වාසි නායයා පැවැසිය.

“රජ කාලෙත් කපුවල ඇත්තන්ගෙ උපදෙස් අනුව තමා රට පාලනය කෙරුවෙ ඒ නිසා ඒ ආගමික නායකයන්ගෙ උපදෙස් මත රට පාලනය කල යුතුයි“ යයිද ආදි වාසි නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ පැවසූහ. 

ආදිවාසී නායකයා හමුවීමේ අවස්ථාවට විජයග්‍රාහී ජාතික සංවිධානයේ ගිහි අනුශාසක ජේෂ්ඨ මහාචාර්‍ය එම්.ඩි.ආර්.හේරත්, සභාපති ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න, ජාතික සංවිධායක වෛද්‍ය ජීවක බණ්ඩාර, මහාචාර්‍ය කේ.එම් විජ්රත්න, සහ ගණකාධිකාරි නාමල් බණ්ඩාර යන විද්වතුහු සහභාගි වූහ.
 



අදහස් (10)

රටේ වෙන දේවලට ආදිවාසී නායකයාටත් ලැජ්ජා හිතිලා

බද්රානි Friday, 23 November 2018 04:14 PM

කැලේ වෙසෙන වන මෘගයින්ටත් වඩා, භයානක විෂ ඝෝර හොර කල්ලියක් විසින් ලංකාවේ පාලන තන්ත්‍රය මංකොල්ලකා ඇති බව අපිත් දන්නවා වැදි නායක මහත්තයෝ... එ්ත්, සිව්පාවන්ට තරම් වත් ලැජ්ජාවක් නැති මේ කොල්ල කල්ලිය ගැන අපි කතා නොකර අනාගතයේදී, මොකද වෙන්නේ කියලා බලා ඉඳිමු..

:       179       633

AsankaSaturday, 24 November 2018 06:18 AM

මේ මොන කතාද? අන්න රටේ ජනාධිපති හුරා අභියෝග පොජ්ජ මන්දුකරනවා... ශැන්ග්‍රිලා හෝටල් පොජ්ජේ ඉඳන් ඕනෑම කෙනෙක් එන්නලු විවාදෙට එයත් එක්ක.., මේ රට ගොඩගන්නලු මේ විකාර පොජ්ජ නටන්නේ

:       0       0

Jerami Friday, 23 November 2018 10:59 PM

ඔබට විතරක් නෙමෙයි අපිටත් දැන් පොලව පලාගෙන යන්න හිතිලා තියෙන්නේ.

:       0       0

dasa Saturday, 24 November 2018 01:32 AM

කලියුග කාලේට අපිට වෙලා තියෙන්න වැදි බණ අහල සුසුම්ලන්න.

:       0       0

රවින් Saturday, 24 November 2018 02:09 AM

කැලයේ ඉන්න ඔබතුමා දන්නවා කැලය තුලත් විනයක් සහ සහජීවනයක් තියන බව. ඒක නොදත් පිරිසක් තමා පාර්ලිමේන්තු පොජ්ජේ ඉන්නේ.

:       0       0

rocky Saturday, 24 November 2018 06:20 AM

අතිගරු ආදී වාසී ඇත්තෝ, ඔබතුමා එදා පාර්ලිමේන්තුවට ආවා නම් පොරෝ පොජ්ජෙන් පතබාලා දෙන්නෙක් තුන්දෙනෙක්ව කම්බස් කරන්න ඉඩ තිබුණා!

:       0       0

කල්පනා Sunday, 25 November 2018 01:22 AM

නායකතුමනි, මනා කල්පනා ශක්තියක් ඇති උපාධියක් නැතැයි මට සිතෙන ඔබතුමා පාර්ලිමේන්තුවේ සිටින සමහරක් මහඇදුරන්ට වැඩියෙන් උගතෙක් බව පේනවා. නමුත් ඔබතුමාගේ ඥාතිවරියක් ඔයකියන කොල්ලකරුවන්ගේ පැත්තෙන් ප්‍රාදේශීය සභාවේ සිටීම කණගාටුවට කාරණයක් වෙනවා...

:       0       1

චමින්ද Sunday, 25 November 2018 01:36 AM

දැන්ද ලැජ්ජ හිතුනේ...? 2018 පළාත් පාලන මැතිවරණයට ඔබත් කැකුලියක් පොහොට්ටුවෙන් ඉදිරිපත් කරලා දිනෙව්වා නේද? ඒ වෙලාවේ කළ වැරැද්ද තමයි ඔය තියෙන්නේ... පොහොට්ටුවෝ හිතුවා දිනෙව්වේ පාර්ලිමේන්තුව කියලා...

:       11       22

Sapumal. Sunday, 25 November 2018 02:04 AM

වැදි රජුගේ අදහස හරි... අප අද වැද්දන්ටත් වඩා පහළට වැටිලා. ජනාධිපති කරපු වැඩ නිසා පාර්ලිමේන්තුවේ සිටින සමහර අය මිරිස්කුඩු පොජ්ජ ගෙන මන්දු කරගන්නවා. පුටු පොජ්ජෙන් පොලිසියට මන්දුකරනවා.

:       0       38

Kasun Kandy Sunday, 25 November 2018 02:28 AM

එම හමුවේදි ආදිවාසි නායකයා මැතිවරණයකට යන්න කියලාත් කියනවා. ඒ කොටස නම් නැහැ...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

අක්මීමන වෙඩික්කරුවන්ගේ බවට සැක යතුරු පැදි දෙකක් හමුවේ
2025 මාර්තු මස 13 294 0

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව


රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 232 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 393 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 1227 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 1039 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1404 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 198 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 459 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 242 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site